කොරෝනා ඉතා වේගයෙන් පැතිරෙමින්.. යලිත් රට වසා දැමීමක් අබියස..

November 19, 2021 at 10:00 am | lanka C news
කොරෝනා ඉතා වේගයෙන් පැතිරෙමින්.. යලිත් රට වසා දැමීමක් අබියස..

පොහොය දිනද ඇතුළු දීර්ඝ සති අන්තයේ ජනතාවගේ හැසිරීම කණගාටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

රටපුරා බොහෝ තැන්වල විනෝද වීම සඳහා බොහෝ දෙනකු ගමන් කරන ආකාරය දක්නට ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඒ බොහෝ අවස්ථාවල ජනතාව කිසිදු අයුරකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනු දැක ගත නොහැකි බව ද ඒ මහතා සදහන් කලේය.

මේ අයුරින් කටයුතු කිරීම හේතුවෙන් රට දිගින් දිගටම අවදානමට පත් වන බවත් රටේ ඉතා තදින් කොරෝනා රෝගීන් පැතිරී යමින් තිබෙන අවස්ථාවක් උදා වී ඇති බවත් ඔහු පැවසීය.

මේ ආකාරයෙන් කටයුතු කලොත් නුදුරේදිම රට යලි වසා දැමීමට සිදු වනු ඇතැයිද ඔහු අවධාරණය කළේය.

රට විවෘත කිරීම හෝ සා දැමීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම මත බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය.

33,740 views

7 Comments to “කොරෝනා ඉතා වේගයෙන් පැතිරෙමින්.. යලිත් රට වසා දැමීමක් අබියස..”

  1. බුද්ධිකා says:

    මේ වගේ වගකීම් විරහිත ප්‍රකාශ කරන එක නතර කරවන්න ඕන. මේ ප්‍රකාශවලින් වෙන්නේ රටට සංචාරකයින් එන එක නතර වෙන එක මිසක් මිනිස්සු ගමන් බිමන් යන එක නෙවෙයි. හැම සතියෙම මේ රාජ්‍ය නිලදාරීන් රට වහනවා කියන එක සංචාරක කර්මාන්තයට හොද නැ. මේ අය ප්‍රකාශ කරන්න ඕන මැයි වෙනකන් රට වහන්නේ නැ ඒක නිසා ජනතාව වගකීම් සහිතව පරිස්සමෙන් කටයුතු කරන්න කියන එක

  2. Silva says:

    අපේ මිනිස්සු මෝඩයින් වගේ පිස්සු නටනවා. ඊට පස්සේ වසංගතය බෝකරගෙන පාරට බැහැලා රජයට බැන බැන තවත් පිස්සු නටනවා. ඒ වගේ පිස්සො ඉන්න රටක වසංගතයක් වලක්වන්න රට වහන්නේ මොකටද.

  3. Power says:

    කොහේ හරි තියන වැක්සීන් ටිකක් ගෙනල්ලා ආය ඇනලා දාපල්ලා. එතකොට මාසෙන් මාසෙට රට වහ වහ ඉන්ඩ පුළුවන්. 😂

  4. Dr. Rathnayake says:

    ඇයි බයවෙන්න දෙයක් නෑනේ අර කටුවෙන් ඇනලනේ තියෙන්නේ

  5. ''වංචනික කොරෝණා ඵන්නත් ඡාවාරම'....! says:

    සෞඛ්‍ය දත්ත විනාශ කිරීම පිටුපස පවතිනා සැබෑ සත්‍ය ඵයයි!

    ”වංචනික කොරෝණා ඵන්නත් ඡාවාරම” තුළින් ඡනයාගේ ප්‍රතිශක්තිකරනය විණාශ කරදමමින් ”ඝෝඨාබගේ සිට පහළට සියළු රාඡපකස කූඩැල්ලන්” මේ මොහොත වන විට ”විශ්වාස කල නොහැකි තරමක”’ විදේශ මුදල් ප්‍රමාණයක් සමස්තය ”ඩොලර් බිලියන 2 .6 ” කොමිස් මුදල් ලෙස අත්පත්කරගන්නා ලද බව, විදේශිය ඹෟශධ සමාගම් දත්ත තුළින් නිරාවරණය වන බව ගනනය කරීමට ලක් කරන ලදී,
    සෞඛ්‍ය දත්ත විනාශ කිරීම පිටුපස පවතිනා සැබෑ සත්‍ය ඵයයි!

  6. දැනුවත් වන්න,.! says:

    ”රටේ ඉන්නත් නෑ,රටින් යන්නත් නෑ.”- රට යන පිරිස ගාලගෝට්ටියක.!

    ”රටේ ඉන්නත් නෑ,රටින් යන්නත් නෑ.”- රට යන පිරිස ගාලගෝට්ටියක.! ”රටේ දුප්පත් අසරන මිනිසුන් ‘ඵන්නත්කරනයතුළින්’ ඝාථනය කර භුමිය බටහිරයන්ට විකිනිමට රාඡපකකසකස කුමන්ත්‍රණය කරනු ලබයි,.! දැනුවත් වන්න,.!

Leave a Comment