කොරෝනා ඌණ ආසාදිතයන් 200ක් හමුවේ…

May 8, 2020 at 10:40 am | lanka C news
කොරෝනා ඌණ ආසාදිතයන් 200ක් හමුවේ…

කොවිඩ් – 19 වෛරසය ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මීට පෙරද ඌන ආසාදිතයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එවැනි ඌන ආසාදිතයන් හමුවූ විට යළි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර නිරවද්‍යතාව තහවුරු කර ගන්නා බවත් අවශ්‍ය වුවහොත් නැවත නැවත පරීක්ෂණ සිදු කෙරෙන බවද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කර සිටියි.

එලෙස හමු වූ ඌන ආසාදිතයන්ගේ පරීක්ෂණ යළි සිදුකර මාධ්‍යයට පසුගිය කාලයේ නිවැරදි තොරතුරු ලබා දුන් බවද වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය, බණ්ඩාරනායකපුර, කොලොන්නාවෙන් හමුවූ රෝගීන්ද ඌන ආසාදිතයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙරේදා (6) ප්‍රකාශ කළේය. කලාතුරකින් මෙවැනි රෝගීන් හමුවන බවද ඔහු අවධාරණය කර සිටී. රසායනාගාර පරීක්ෂණ වාර්තා මත පදනම්ව මෙවැනි නිගමනවලට එළැඹෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

– aruna

266 views

17 Comments to “කොරෝනා ඌණ ආසාදිතයන් 200ක් හමුවේ…”

  1. war hero says:

    oona asdhita kiyanneth ara bhaumika akandathawa wage ekakda.

    • Lanka says:

      කලාතුරකින් මෙවැනි රෝගීන් හමුවන බවද ඔහු අවධාරණය කර සිටී.
      Owun roginda?
      False test results nisa rogin lesa record vuu nirogi ayada?
      Anyone knows?

    • Samare says:

      ඒ කාලේ කිව්වේ උන්ඩුක පුඡ්ඡය කියලා.

  2. Kotalawala says:

    ‘ඊනියා” බටහිරත්, බටහිර නීතියත්, බටහිර වෙදකමත්, බටහිර ප්‍රජාතන්ත්‍රවාදයත් දැන් කොහෙද තියෙන්නේ…
    දන්නා කෙනෙක් කියන්න..!

    • damian says:

      කොරෝනා වෛරසය කියා එකක් තිබෙන බ්ව දන්නෙත් ඊනියා බටහිර ක්‍රමයෙන් තමයි. නැත්නම් ඉතින් ඉබෝලා, හිනි, ඒඩ්ස්, කොරෝනා ඔක්කොම කොත්තමල්ලි දෙන උණ තමයි.

  3. සරනේලිස් says:

    ඌන ආසාධිතයො කියන්නෙ කොරෝනා චූට්ටක් තියන එවුන්.
    ඒ කියන්නෙ ආසාධිතයොම කියන එක නෙවෙයි.
    ආසාධනය වෙලා තියනව. හැබැයි චුට්ටම චුට්ටයි..

  4. Atta says:

    කලාතුරකින් මෙවැනි රෝගීන් හමුවන බවද ඔහු අවධාරණය කර සිටී,…

    200 කලාතුරකින්..?

  5. mahinda says:

    una eka sanvarditha venavada kiyala danne nadda?

  6. Kabara says:

    ඌන ආසාදිත – කබර තලගොය් නා‍ය්‍ය්ය – කන්න ඔනවුනාම තලගොයා, නෑත්නම් කබරය.

  7. Whatever matter, please combine the Traditional Local Medicine system with Western system ASAP.

  8. ari says:

    ඌණ ආසාදනය? ඒ කියන්නෙ කොරෝන තියනවද නැත්ද? අනේ මන්ද.

    • Alapaluwa says:

      අන්තිමට ලංකාවෙ සේරම ඌන ආසාදිතයො කියල මැතිවරනය තියාවිද ?

  9. Nimal Bandara says:

    PCR පරීක්ෂණය ජීවිකාව කර ගත් කවුරුන් හෝ කොරෝනා වසංගතය අවසන් වේ යැයි බියෙන් පසුවන බව පෙනේ……!