කොරෝනා එක්ක ජීවත් වෙත්ත වතු කම්කරුවන්ට උගන්වයි…

April 30, 2020 at 2:12 am | lanka C news
කොරෝනා එක්ක ජීවත් වෙත්ත වතු කම්කරුවන්ට උගන්වයි…

කොවිඩ් 19 වෛසරයේ ඇති අවධානම සහ එම අවධානමෙන් මිදිමට පිලි පැදිය යුතු කරුණු සම්බන්ධයෙන් වතු කම්කරුවන් දැනුවත් කිරිමේ වැඩසටහනක් (29) සිදු කලහ.

නුවරඑලිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ඩි.එම්.එස්.පි ඇල්පිටිය මහතා ඇතුළු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පිරිසක් කැළණිවැලි වැවිලි සමාගමට අයත් නුවරඑලිය පිඩ්රු වත්තේ සේවයට වාර්තා කර ඇති වතු කම්කරුවන් සහ වතු කාර්යය මණ්ඩලය මෙසේ දැනුවත් කෙරිණ.

ඇදිරි නිතිය පනවා තිබු කාලයේදි පවා වතුකම්කරුවන් තේ වතු ආශ්‍රිතව තේ දළු නෙලිමේ කටයුතු වල නියැලි සිටි අතර එම වතු කම්කරුවන් කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමින වලැකි සිටිමට පිලි පැදිය යුතු සෞඛ්‍යය උපදෙස් සම්බන්ධයෙන් නිසි දැනුවත් විමක් නොමැති නිසා වතු පාලන අධිකාරියේද ඉල්ලිම පරිදි වතු කම්කරුවන් දැනුවත් කිරිමට පියවර ගත් බවයි නුවරඑලිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

තේ වතු ආශ්‍රිතව වැඩ කරන සැම වතු කම්කරුවෙකුම පලාත් පාලන ආයතන වල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සම්බන්ධ කර ගනිමින් දැනුවත් කිරිමට පියවර ගන්නා බව නුවරඑලිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ඩි.එම්.එස්.පි ඇල්පිටිය මහතා කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,015 Viewers