කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…

September 6, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…

බස්නාහිර පළාත් ( කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල)  වයස 20 වැඩි ජනතාවට සයිනොෆාම් Sinopharm එන්නතේ පළමු  මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම,   මාර්ගගත හා කෙටි පණිවුඩ SMSමගින් සිදුකල හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. බස්නාහිර පළාත් 20-30  අතර ජනතාව මෙම එන්නටත ලබාගැනීමට සුදුසුකම් ලබන අතර  ගම්පහ සහ කළුතර දිස්තික්වල 20+ සියලුදෙනාම   එසදහා සුදුසුකම් ලබයි. එන්නත් ලබාදීම මේවනවිට ආරම්භකරතිබේ.

සුදුසුකම්ලත්   පුරවැසියන්ට https://vaccine.covid19.gov.lk  වේබ්  අඩවිය හෝ SMS මගින් ලියාපදිංචි වියහැකියි ය. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය , (ICTA), කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන (NOCPCO), බස්නාහිර පළාත්සෞඛ්‍ය අමාත්‍යාංශය,  විදුලිසන්දේශ  නියාමන කොමිෂන් සභාව (TRC) සහ ජංගම දුරකථන සේවාවන්  සමග එක්ව මෙය කිරියාවට නගයි.

කෙටි  පණිවුඩ මගින්  ලියාපදිංචි වීම සඳහා, පහත දැක්වෙන විධානයන් ටයිප්කර  1906 වෙත යොමුකළ යුතුවේ .

පියවර 1: සක්‍රීය එන්නත් ලබා දෙන දිස්ත්‍රික් කේත ලැයිස්තුවක් ලබා ගැනීම සඳහා districts ලෙස සටහන් කර යවන්න

පියවර 2: ඔබට ලැබෙන දිස්ත්‍රික් කේත  අතරින් ඔබගේ දිස්ත්‍රික් කේතය  තෝරා ටයිප් කර නැවත 1906 ට යැවීමෙන් ප්‍රදේශ MOH කේත  ලැයිස්තුව ලැබෙනු ඇති. උදා :කොළඹ  ( COL  )

පියවර 3: එහි ඔබට අදාළ ප්‍රදේශ කේතය තෝරාගෙන (උදා: COL2) පහත සදහන් ආකාරයට ටයිපකර යැවීමෙන් ලියාපදිංචි එන්නත් ලබාගතහැකි මධ්‍යස්ථාන ඛේතයන් ලබාගත හැකියි.

පියවර 4: ඔබේ පළමු එන්නත සඳහා ලියාපදිංචි වීමට  ඔබ ලබාගෙන  ඇති කේතයන් ඇසුරින්  පහත ආකෘතිය සම්පුර්ණකර කෙටි  පණිවිඩයක් යවන්න.

<NIC> <SPACE> <VACCINATION CENTER CODE>

<ජාතික හැදුනුම් පත් අංකය> <හිස්තැනක්> <එන්නත් මධ්‍යස්ථානය>

සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියා පදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇත.  නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකිය .

ICTA

27,083 views

12 Comments to “කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…”

  1. ආනන්ද says:

    අතුරු ආබාධ සහ විදිය යුතු වාර ගණන නොදන්නා වැක්සීන අනුමත කර වැඩේ වරදින විට ඉල්ලා අස්වීම සමාවට කරුණක් නොවේ…!

    • පරික්ෂණාගාර මීයන් says:

      එතකොට මුඵ ලෝකයක මිනිසුන් ගහන්නේ අතුර අබාධ තියෙන ඔය වැක්සීනයම තමයි. ලිං මැඩියෙක් නොවන්න. මේ වැක්සීනය කිසිම චිම්පන්සින් ගෙන් හෝ මීයන් ගෙන් පරික්ෂා කර නොමැති අතර මිනිසා මඟින්ම පරික්ෂා කරයි. එය විදගෙන අනාගත ලෝකයට තම යුතුකම ඉටු කරන්න. එහි හොද නරක බලා ගත හැක්කේ එවිටය

    • ගෞම් ඊයාරාජ් says:

      උබලා වගේ උම්මාද බෛයො කරන්නේ ,උබගේ උම්මාද ස්වාමීයො කියන දේ අහලා උම්බෑ ගාන එක විතරයි , ඉස්සෙල්ලම කියොපන් වි.වෛද්‍ය ආනන්ද විජේව්ක්‍රම තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියේ ලියලා තියෙන්නේ මොනාද කියලා , ඩීල් කාරයොයි , අටපාස් නූගත්තුයි , උම්මාද ඩෑලුයි කොවිඩ් මර්ධනය අතට අරගෙන , වැඩේ හත්පොලේ ගාගෙන , නියම විශේශඥයන්ව තබේකට මායිම් නොකරහම , රෙද්දක් ඇදගෙන මේ මහත්වරුන්ට ඔය තැන්වල ඉන්න පුලුවන්ද ? ඇත්තටම මේ “එහෙයි” ගාන වන්දිභට්ටයොන්ට ගැහුවේ කනේ පාරක්. අනික ඉතින් මෙලෝ හසරක් නොදන්න උබලා වගේ උම්මාද බෛයො කියන දේවල් කොහොමත් වැඩක් නෑ ,නිකං හිස් වචන විතරයි .

      • පරික්ෂණාගාර මීයන් says:

        ⁣මම කතා කලේ මුඵ ලෝකයේම භාවිතා කරන වැක්සීනය ගැන මිසක් සිරි ලංකාවේ කොරෝනා මර්ධන වැඩ පිළිවෙළ නොවන වග මේ උත්තමයාට පැහැදිලි කර දීමට මෙම සටහන තබමි. උම්බෑ ගෑමට පෙර කියවා බැලුවා නම් වටිනවා මගේ අදහස

      • කුඹුක්කණ් says:

        දැන් විසේසඥයො ආවා කියලා මොකක්ද වෙන වෙනස

        දිගට හරහට් වැක්සීන් කෙලිනවා, වෙන දෙයක් කරනවද?

        එතකොට ගොනෝ මේකමනෙ වෙන්නෙ.

        දැන් ඔය විසේසඥයනෙ මෙතුවක් කල් හිටියෙ , දැන් ඌ දිගුකාලින අතුරුආබාධ සඳහා වැක්සින් එක ටෙස්ට් කරන්න වැඩ පිලිවෙලක් හැදුවද?

        ඒක තමයි , මෙතන බබා වෙන ගෞමට නෙවෙයි, බලන අනිත් උන්ට කියන්නෙ,
        මේ රටට කෙලියෙ, ටෙස්ට්ටින් තත්වයේ වැක්සීන් ගගහා මිනී මැරුවෙ මේ වගේ උගත් ඇලොපතියන්
        දැන් වගකීම දේශපාලකයගෙ , හමුදාව පිට දාලා මාරුවෙනවා.

        • පරික්ෂණාගාර මීයන් says:

          මහත්තයෝ මේ වැක්සීන තාමත් පරික්ෂණ මට්ටමේ තියෙන්නේ ඒක මුඵ ලෝකයේම මිනිසුන් දැන ගෙන තමයි ගැහුවේ. නැතුව ලංකාවේ විතරක් ගහලා පරික්ෂා කලේ නෑ. මොකද මේ වැක්සීනය වසංගතයක් සදහා නිපදවන ලද එකක්. ඒකයි මීයන් චිම්පන්සින් යොදා පරික්ෂා නොකර මිනිසුන්ට කෙලින්ම එන්නත් කලේ. මැලේරියාව, කොළරාව, සරම්ප, වසූරිය වගේ රෝග සදහාද ඒ කලේ කරන ලද්දේ මෙවැනිම දෙයක් ඒ දවස් වල හිටිය මිනිසුන් හිතුවා නම් ඔබලා වගේ අදත් මේ රෝග සදහා හොද වැක්සීනයක් නිපදවා ගැනීමට නොහැකි වෙනවා. මානව සංහතියට කරන උදව්වක් තමයි මේ වැක්සීනය ලබා ගත් සියලු දෙනා කරන ලද්දේ

  2. සමන්ත says:

    අය්යෝ මේ අපේ රටේ පිස්සු මිනිසුන් අවුරුදු 30 අඩු අයට ගැසිය යුත්තේ ෆයිසර් එන්නත. මොකද ඔවුන් සමහර විට විදේශ ගතව ඉගෙනීමට කටයුතු කරනු ඇත. සිනෝෆාම් එන්නත යුරෝපය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල් පිල්ගන්නේ නැත. එවිට මෙම වයසේ.දරුවන්ට උසස් අධ්‍යාපන සදහා එම රටවලට යාමට නොහැකි වනු ඇත. මෙම වයස් කාණ්ඩයේ සියලු දෙනා සිනෝෆාම් එන්නත ප්‍රතික්ෂේප කල යුතයි.

    • LOL says:

      අනෙ බුරුවො ෆයිසර් කියන්නෙ ජාන සමග සෙල්ලන් කරන වක්සිනයක් .ජාන කියන්නෙ සෙල්ලම් කලයුතු දෙයක් නෙවෙයි .එවගෙම බලන්න ඔනා ෆයිසර් ගහගෙන තම දරුවාට උසස් අඩ්‍යාපනය ලබන්න වයසට ජිවත්වෙන්න හකි වෙවිද කියල මොකද ජාන විකුර්ති අතිවෙන්න පුලුවන් .සයිනොෆම් කියන්නෙ සාම්ප්‍රදායික ක්‍රමය එනම් බාගෙට මරපු කොරොනා වයිරස් සහිත එන්නතක් පමනයි ශරිරයෙ ජාන එක්ක සෙල්ලන් නෙ හබෙයි බටහිර වහල්ලු වන උම්බලාට සුද්දාගෙ අසුචිත් සෙපයි

      • ගෞම් ඊයාරාජ් says:

        පොඩ්ඩක් මොලේ බලවාගනිං , තුන් වෙලටම දුම් අල්ලලා තොගේ මොළේ කුරුවල් වෙලා , වැක්සීන් නැත්තං තෝ අඩුමාසෙන් මැරිලා මෙලහට වලදාලා .

        • කුඹුක්කණ් says:

          වැක්සීන් ගැහිල්ල නිසා ආසාධිතයන් , මරණ සංඛ්‍යාව වැඩි වූ බව දැන දැන, මුකුත් නොදන්නා නූගතෙක් වගේ
          පැනී මුට්ටියට බැනලා හිත හදාගන්න දඟලනා නූගතෙක්.

          • සමන්ත says:

            මරණ සංඛ්‍යාව වැඩි වුනේ වැක්සීනය නිසා නොවේ. එසේ නම් අනෙක් රටවල මරණ ගනණ අඩු වුනේ කෙසේද? මම සිටින රට චීනයට පසුව කොරෝනා කේන්ද්‍රස්ථානය වුනා. ලෝකයේ සුපිරි රෝහල් පහසුකම් තිබ්බා. සෑම දෙයක්ම නොමිලේ දුන්නා ඒත් කොරෝනා නිසා අංක එක වුනා. ඒත් අද තත්වය බලන්න. වැක්සීනය නොගහපු කෙනෙක්ට පොදු ස්ථාන වලට ඇතුළු වීම පවා තහනම් කරලා තියෙන්නේ. රට මොකක්ද කියලා දන්නවා ඇති නේ. ඉතාලිය…

      • සමන්ත says:

        ජන කියන්නේ DNA වලට නොදන්න දේවල් කතා නොකර ඉන්න. RNA කියන්නේ ප්‍රෝටීන එකක්. මෙම RNA එක මගින් කරන්නේ එම ප්‍රෝටීනය සහිත යම් දේකට විරුද්ධව ප්‍රතිශක්තිය ඇත කීරිම.

Main News