කොරෝනා එන්නතක් ලංකාවේ නිපදවන්න සූදානම්.. යෝජනාව සෞඛ්‍ය අමාත්‍යංශයට..

January 30, 2021 at 10:40 am | lanka C news
කොරෝනා එන්නතක් ලංකාවේ නිපදවන්න සූදානම්.. යෝජනාව සෞඛ්‍ය අමාත්‍යංශයට..

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනය ලබා දෙන කොවිඩ් එන්නතේ පළමු ප්‍රදානය පෙබරවාරි මස මැද භාගයේ දී ශ්‍රී ලංකාවට ලැබෙන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.

එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ සැලසුම සලකා බලා එම සංවිධානය මෙම තීරණයට එළැඹ ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට විස්සකට එන්නත් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වන බව විශේෂ නියෝජිතවරයා අවධාරණය කර සිටී. මාස හයක වැනි කාලයක් තුළ එන්නත් වරින් වර ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදීමට සූදානමින් සිටියි. තවද මෙහි දී ෆයිසර් හෝ ඇන්ට්‍රා සෙනිකා එන්නත ලැබෙනු ඇතැයි විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් කරණය පසුගිය ඊයේ (29 වැනිදා) බස්නාහිර පළාතේ රෝහල් 09 කදී සිදු කරන ලදී. එදින සෞඛ්‍ය සේවකයින් 2000කට පමණ එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේය. දිවයින පුරා මධ්‍යස්ථාන 4000කදී එන්නත් ලබාදීම අද (30 වැනිදා) ආරම්භ වන අතර එය දින පහකින් අවසන් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනගහනයේ සියයට 50කට පමණ එන්නත් ලබාදීම කඩිනමින් සිදු කිරීමේ අරමුනින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහාද එන්නත් මිලියන දෙකක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. එහි දී ෆයිසර් එන්නත ලබා ගැනීමට සැළසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛදය අමල් හර්ෂ ද සිල්වා පැවැසීය.

තවද රුසියාවේ හා චීනයේ නිෂ්පාදිත එන්නතක් ද ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. රුසියාවේ නිෂ්පාදිත එන්නත ශ්‍රී ලංකාවේ නිපදවීම සඳහා යෝජනාවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව ඔහු අනාවරණ කළේය.

පන්නල හා හොරණ පිහිටි එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලා දෙකක දී එම එන්නත නිෂ්පාදනය කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි. තවද ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන රුසියාවේ එන්නත් නිෂ්පාදන සමාගම සමග පසුගිය සතියේ දුරකතන සංවාදයක්ද පවත්වා තිබේ.

– aruna

26,318 views

14 Comments to “කොරෝනා එන්නතක් ලංකාවේ නිපදවන්න සූදානම්.. යෝජනාව සෞඛ්‍ය අමාත්‍යංශයට..”

  1. Karunadasa says:

    අනේ මම එන්නත් විදිනවට බයයි. අනේ අපිට පැණි දෙන්නේ..

    • මාක්ස්වාදී ජෙප්පා says:

      එන්නත් හදන්නේ ධනපතියන්ගෙ කර්මාන්තශාලා වල. අපි එන්නත් ගත්තොත් ධනපතියන් තවත් ධනවත් වෙනවා. ඒ නිසා අපි කේරල ගව මුත්‍රා භාවිතා කර කොරෝනා සුව කර ගත යුතුයි.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        මමනම් ගොන් බයියෙක් මම කන්නෙ පුන්නක්කු.

  2. Ravana parapura says:

    මෙම හෙළ දේශය තුල නිපදවිය යුත්තේ අපගේ අති ශ්‍රේෂ්ඨ රාවණා රජතුමන්ගේ වසර 20000ක් පැරණි වට්ටෝරුවකින් සාදන හෙළ ගංජා පැණිය මිස පර සුද්දන්ගේ එන්නත් නෙවෙයි බොලවු. රාවණා පරපුරේ අපි මීට කිසිසේත් ඉඩ නොතබමු. එසේ කිරීමට තැත් කලහොත් අප යක්ඛ පුතුන් පසු පස ගිණි දල්වාගෙන එම එන්නත් කර්මාන්ත ශාලා තුලට කඩා වදිනු ඇත. අපි ගංජා පැණියට හීලෑ වුන යක්කු බොලවු!

    • මාක්ස්වාදී ජෙප්පා says:

      කර්මාන්තශාලා ගිනි තියන්න ඕනෙ නම් රතු තරුව හරහා අපේ සහය ලබා දෙන්න සූදානම්.

      අපි 88/89 කාලේ රටේ තිබ්බ සියලුම කර්මාන්තශාලා ගිනි තිබ්බා. සියලුම ධනපතියන් විනාශ කර සියල්ලන්ම දුප්පතුන් බවට පත් කරා. සියල්ලන් දුප්පතුන් වූ විට පන්ති බේධය අවසන්.

      • Ravana parapura says:

        එසේ නම් පසු පස භූමිතෙල් ගල්වා අප සමග එක වෙයව්! හෙළ යක්ඛයින්ට ජය!

  3. sumudu says:

    පැණි එන්නතක් නොවේවා

    • ක්‍රිමිනල් says:

      පැකනිල් පෙති භාගයක්, කේරල ගව මුත්‍රා මිලි ලීටර් 50කට දිය කරලා විද්ද නම් ඔය එන්නත් පරාදයි. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  4. saman says:

    මේක කාටවත් අපහාසයක් කියලා හිතන්න එපා. ඒත් කොරොනා හොදටම බය වෙනවා ලන්කාවෙ බෙහෙත් හදනවා කියලා දැනගත්තොත්.

  5. kamal says:

    තුවාල කැසිම හා වරාය ජැටිය
    වරාය ජැටිය හොදයි කියා හිතෙන්නෙ නිස්පාදනය හා මුලු ජාතික ක්‍රියාවලියේ තියෙන ප්‍රශ්න නිසා. හරියට සංවර්ධනය කරා නම් නිෂ්පාදනය කරානම් රටට නැව් එනවා. නමුත් තාවකාලිකව අදානිට දිම හොදයි කියා හිතන්නෙ කුකුලු ෆාම් ලොකු නිෂ්පාදනයක් කියා හිතන ගෝඨා ඇතුලු දේශපාලකයන්ටයි. පෙරටුගාමි එකට සංවර්ධන ප්‍රතිපත්තියක් ඇති කියලා මම හිතනවා. මේ අධ්‍යාපනයට යන මුදල් වෙනස් කර අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි. පරිපාලන වියදම් අඩු කර එය වෙනස් කල යුතුයි.මට නම් පාලනය දුන්නොත් රට දියුණු කරන්න යන්නෙ මාස හයයි. මාස හයෙන් පාරට දානවා. මට ජාතික ප්‍රතිපත්ති හදලා දෙන්න පුලුවන් ගෝඨා ඇතුලු ජනතාව මට ඇහුම් කන් දෙනවාලනම් මිට දියසෙන් කුමාරයා හෙවත් අජාසත්ත කුමාරයා හෙවත් කමල්

  6. Rama says:

    Dammica panaye 2 wana kotasa..oya atare naganahira jatiya indiyawata

  7. දුටුගැමුණු says:

    පැනියක සායනික පරීක්ෂණයක් වත් කරගන්න තේරෙන්නේ නැති ගොබ්බයින් ඉන්න රටකට මොන ඉන්ජෙක්ෂන් හැදිල්ලක්ද?
    මෙලෝ දෙයක් කරගන්න බැරි ඒ වුනාට ලොකු ටෝක් දෙන ඔලුව ඉදිමිච්ච එවුන් !

    • gamaya says:

      දැන් ඉතින් පැණිය ගේම් ක්ලෝස්. තවත් උඹලා ඒක ගැන අඬලා දොඩලා වැඩක් නෑ. උඹත් ෂේප් එකේ ගිහින් වැක්සින් එක විද ගනින්. උඹලාගේ පැණි ගායෙන් වුනේ කෑගල්ලේ පැණි පොක්ය්‍රක් හැදිච්ච එකයි මුලින් අහිංසක වෙද මහත්තයෙක් වගේ පෙන්නා ගෙන හිටපු මේසන් කපුවා ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් වලින් යන, මැරයෝ පිරිවරාගෙන ඉන්න පාතාලේ ගෝඩ් ෆාතෙර් කෙනෙක්ගේ තත්ත්වයට ආපු එකයි විතරයි.