කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..

February 10, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය  (Link) රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ විය.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම අවස්ථාවට සහභාගී නොවීය.

රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළින් කොවිඩ් 19 වැළැක්වීම සදහා ලබාදෙන එන්නත සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා ඇති අතර කොවිඩ් 19 පිළිබද තොරතුරු, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන පිළිබදව මෙන්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබදවද තොරතුරු ඇතුළත්ව ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය සරත් ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක්  සහභාගීවිය.

තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්

39,735 views

18 Comments to “කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..”

  1. කුඹුක්කණ් says:

    වියදං කරලා ගහගෙන වෛරසයෙ වෙනස්කම් වෙනකොට ආයි එන්නතක් ගේමු
    විද්‍යාත්මකයි නෙ

    එන මොන ප්‍රභේදයටත් ඔරොත්තු දෙන ලෙස සිරුරෙ ප්‍රතිශක්තිය හදාගන්න option එක විද්‍යාත්මක නෑනෙ.

    ආයුර්වේද කමිටුවෙ අනුමැතිය ලැබුනට පස්සෙත් පැණිය මිත්යාවක් කිය කිය යන ගොං උගතුත්
    සුදර්ශන පැණිය ඇතුලු ආයුර්වේද ක්‍රමවේද වලට තැනක් නොදෙන්න දතකන ගොං උගතුන්

    දැනටමත් 60%-70% පමණක් සාර්ථකයි කියන, ඊලඟ ප්‍රභේදයෙදි 0% එන්නතකට නැවෙන තරම
    නෙදකිං

    • Namal says:

      පැණිය කරලියට ගෙනාපු ජයසුමනලා සිසිරලා පවා දැන් පැණිය පැත්තකට දාලා එන්නත වෙනුවෙන් වැඩ කරනවා. මේ ගොන් කුඹුකා විතරක් තාමත් පැණිය කරේ තියාගෙන අඬනවා. දැන් ඉතින් අඬලා වැඩක් නෑ බං. කවුරුවත් දාන් උඹව පඩේකට වත් ගණන් ගන්නේ නැහැ. පැණිය ගේම් ක්ලෝස්. දැන් කපුවාට වත් පැණිය වැඩක් නැහැ. ඇයි ඉතින් මිනිහා ඕන ගාන හම්බ කරගෙන ඉවරයි. ඉතින් ඌටත් දැන් ඔය සායනික පරීක්ෂණයද මොකක්ද එක කරත් එකයි නැතත් එකයි.

    • Hemal says:

      කපුවගේ නෑයෙකුත් වෙච්ච සිසිර ලොක්කත් පැණිය පැත්තකින් තියලා එන්නතට සපෝට් කරද්දි තාමත් පැණිය ඔළුව උඩ තියන් ඉන්න උඹ නම් මනුස්සයෙක් වෙන්න බෑ කුඹුකෝ.

    • Vindana says:

      යකෝ උඹට ඔය පැණිය ගැන තියෙන කැසිල්ල ධම්මික බාසට වත් නැහැ නේ බොල. ඌ නම් උඹලා වගේ ගොන්නුන්ට පින් සිද්ධ වෙන්න පැණියෙන් හොඳ ගාණක් හම්බ කරගෙන දැන් ප්‍රාඩෝ එහෙමත් අරගෙන ෆුල් ආතල් එකේ ඉන්නවා. දැන් ඉතින් පොරට ඔය පැණිය තිබ්බත් එකයි නැතත් එකයි. සමහර විට පොරත් ගිහින් ඔය එන්නත අර ගන්නත් බැරි නැහැ. උඹ නම් එතකොට ඉඳියි පැණිය කරේ තියාගෙනම.

    • Panisumana says:

      ඒක වෙන්න ඇති ධම්මිකයා උගේ නිල වෙබ් අඩවියත් අකුලාගෙනම යන්න ගියේ. දැන් ඌටත් පැණියෙන් ඇති වැඩක් නෑ බොල. ඌ උගේ ගාණ හොයා ගත්තා. කවුද බන් ගඟෙන් එගොඩ වුනාට පස්සෙත් ඔරුව කරේ තියාගෙන යන්නේ?

      • opps says:

        හැබැයි ඉතින් උඹේ ඔය කොමෙන්ට් එක හෙණම ගොන්. උඹේ නොදැනුවත්කම තමයි ප්‍රදර්ශනය වෙන්නේ.

    • Prasanna says:

      මෝඩයෝ වයිරස් කියන ඒවයේ අළුත් ප්‍රභේද හැදෙන්නෙත් තියෙන ඒවා වෙනස් වෙලාම තමයි. එහෙම නැතිව කාලි වත් නාථයා වත් අළුත් ප්‍රභේද හදලා ගෙනැල්ලා දාන්නේ නැහැ. ඉතින් ඒ වදියට වයිරස් වල අලුත් ප්‍රබේධ හැදෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙන්නේ වයිරස පැතිරෙන තරමටයි. ඒක නිසා තමයි එන්නත් වලින් ඒ විදියට පැතිරෙන එක පාලනය කරන එක වැදගත් වෙන්නේ. උඹ දන්නේ නැතිනම් හොයලා බලපන් අන්න එන්නත් කරන්න පටන් ගත්තු රටවල් වල දැන් ව්‍යාප්තිය සැලකිය යුතු තරමින්ම අඩු වේගෙන යනවා. දැන් වත් උඹ නොදන්න මගුල් ගැන කියවලා පච නොවී හිටියොත් උඹලාගේ ඉතිරි වෙලා තියෙන ජංගි කෑල්ල හරි බේරා ගන්න පුළුවන් වෙයි.

      • කුඹුක්කණ් says:

        ඔව් බූරුවො , අලුත් ප්‍රබේද හැදෙන්න ඉබේ තමා.
        කව්ද බූරුවො වෙන එකෙක් හදලා දානාවා කිව්වෙ, මොන ගොනෙක් ද බං උබ සිංහල තේරෙන්නෙ නැද්ද?
        මේ වෙනකොටත් ලංකාවෙ ඇතුලෙ කොරෝනා වෛරසය කුමන ආකාරයේ වෙනස් වීම් වලට ලක් වෙලා ඇද්ද? ඒකයි බූරුවො බටහිර වෛද්‍ය විද්‍යාවෙ වෛරස් ලෙඩ වලට වැක්සීන් ගහන්නැත්තෙ.

        කොරෝනා කියාගෙන තමන්ගෙ වෙලද පොල තර කරගන්න ගහපු මෝඩ ප්ලෑන්වලට අහුවෙන්න තමා උඹලා වගේ උංව හදලා තියෙන්නෙ.

        උඹේ ජංගිය මූනෙ ගහගෙන දකුණු අප්‍රිකාව ගැන හොයලා බලපං, ඔය එන්නතට මොකද උනෙ කියලා , උඹලා වගේ ගොං උගත්තු නටලා එන්නත ගෙනත් ගහගෙන දැන් තක්කු මුක්කු වෙලා වැඩක් නෑ කියලා නහිනවා.

        උඹ බූරුවෙක් , මීහරකෙක්
        මිනිහෙක් වේශයෙන් හිටියට වහල් මොලයක් තියෙන්නෙ.
        කරුණු අධ්‍යනය කරපං ඊට වඩා කියන්න දෙයක් නෑ

        • Prasanna says:

          අනෙ බොල මැටි හරකෝ තෝ ආයෙත් ආවද තොගේ ගොන් කම ප්‍රදර්ශනය කරන්න. කොහෙන්ද මොල මීහරකෝ තෝ අහුලා ගත්තේ ඔය වයිරස් රෝග වලට වැක්සින් දෙන්නේ නැහැ කියන අමූලික බොරුව. එතකොට යකෝ ලෝකෙන්ම තුරන් වේගෙන යන පෝලියෝ රෝගය කියන්නේ තොගේ කාලි අම්මා හදවන ලෙඩක්ද? පැපොල කම්මුල් ගාය ඒවා වයිරස් රෝග නෙවෙයිද? තෝ කතා කරොත් ඇත්නම් ඉතින් ප්‍රදර්ශනය වෙන්නේ තොගේ මෝඩකමයි නොදැනුවත්කමයි විතරයි. ලංකාවේ දැනට තියෙන කොරෝනා වයිරස් ප්‍රභේද වලට 90%ක්ම විතර ඔය Covishield එන්නත වැඩ කරනවා. ඉතින් ඒක නිසාම තමයි ඒවයින් ප්‍රතිරෝධී අළුත් ප්‍රභේද හැදෙන්න කලින් මිනිස්සුන්ට එන්නත දීලා පැතිරෙන එක පුළුවන් තරම් අඩු කරන්න ඕන. ප්‍රතිරෝධී වයිරස් ප්‍රභේද හැදෙන එක නවත්තන පුළුවන් එහෙමයි. නැතිව තොගේ කාලි අම්මා එක එක පිස්සු කපුවන්ට හීනෙන් කිව්වාය කියන හිතළු වලට නෙවෙයි. අනික උඹ දන්නේ නැතිනම් දැන ගනින් උඹ ඔය උඩ පැන පැන කියවන දකුණු අප්‍රිකානු ප්‍රභේදයට අර ප්ෆිzඑර් එන්නත වැඩ කරනවා කියලා හොයාගෙන තියෙනවා. ඒකෙන් උඹේ ඒ ආතල් එකත් ලුඩු. අනික මම කරුණු අධ්‍යනය කරලා තමයි මේ දේවල් කියන්නේ. උඹ වගේ තැන් තැන් වලින් කෑලි අහුලගෙන බාගෙට දේවල් දැන ගෙන නෙවෙයි. උඹ මොන නරියෙක්ද බොල මට විද්‍යාව උගන්නන්න? වයිරස් රෝග වලට එන්නත් දෙන්නේ නැහැ කියනවා වගේ අමූලික බොරු දෙසා බාන උඹ දන්න විද්‍යාව මොකක්ද බොල මී හරකෝ.

        • Vindana says:

          වයිරස් ලෙඩ වලට එන්නත් නැතිලු. කොහේද බොල උඹ ඉස්කෝලේ ගියේ ගොන් හරකෝ? මෙතන උඩ පැනගෙන ආවට තොට පහේ පන්තියේ පොඩි එකෙකුට තියෙන විද්‍යා දැනුම වත් නැහැ නේ බොල. මෙලෝ සංසාරයක් දන්නේ නැති කලා උපාධි කාරයෝ නලින් ප්‍රොපාගේ පොත් දෙකක් තුනක් කියවලා ඊට පස්සේ නෙට් එකෙන් මොනවා හරි කෑලි ටිකක් අහුලගෙන තමන් හෙන පොරවල් කියලා පෙන්නගෙන වාද කරන්න ආවම වෙන්නේ ඔය වගේ පච වෙන්න තමයි බොල. දැන් වත් උඹේ ගොන් කම රටට ප්‍රදර්ශනය නොකර හිටපන් විහිළුවක් නොවී. දැන් කාලේ ඉන්න පොඩි උන් පවා ලෝකය ගැන දන්නවා උඹලා වගේ හරකුන්ට වඩා. ඒක නිසා උඹ කොච්චර මෙතන බොරු වැපිරුවත් උඹට රැවටෙන්න තරම් මෝඩයෝ ඇත්තේ නැහැ.

        • Rata Wenuwen says:

          විදු නැණ බෙලෙන් සැදු එන්නත් නොපිළිගෙන
          බොරු පැණි වලින් ගොඩ යන්නට වෙර දරණ
          මිථ්‍යාවටම ලොල් වුන ගොන් කුඹුකාණ
          වෙන්නේ උඹට ගිණි සෑයක අළු වෙන්න

    • කුඹුක්කණ් says:

      එන්නතක් කිව්වම මොලේ කළදක් නැතිව කඩේ යන, උඹලා වගේ උන්ට විද්යාව උගන්නනවට වඩා ලේසියි, සහරාන් ට කුරාණයෙ තියෙන අඩුපාඩු පෙන්නන එක.

      උඹලට ඉස්කෝලෙ බටහිර විද්යාව කියලා කුරාණෙ ඉගැන්නුව නං , උගත් තොපිලා තමා මුලින්ම බෝම්බ බැඳං ගෑනු 72 ක් ගන්න කතෝලික පල්ලි වලට ගහන්නෙ
      විද්යාව විද්යාව , මේ ක තහවුරු කරලා තියෙන්නෙ කන්‍යාවියො 72 ක් හම්බවෙනවා නියතයි නියතයි ගගා

      • Namal says:

        අනේ බූරුවෝ තෝ මොකක්ද බොල දන්න විද්‍යාව? තෝ දන්නේ බොරු විජ්ජාව විතරයි. වයිරස් රෝග වලට එන්නත් නැහැ කියන එකෙන්ම තේරෙනවා තොගේ මහ ලොකු විජ්ජාත්මක දැනුම. තෝ අඩුම ගානේ වයිරස් රෝග 5ක නම් කියන්න වත් දන්නවද? නිකන් තොගේ ගොන් කම ප්‍රදර්ශනය නොකර උඹේ ඉතිරි වෙලා තියෙන ජංගි කෑල්ල වත් බේරගෙන හිටපන් මූසලයෝ මෙතන බොරුවට හැමිනෙන්නේ නැතිව. තෝ මෙතන ආවොත් ඇත්නම් යන්නේ ගූ නාගෙන. නලින් ප්‍රොපාටත් එක්ක විලි ලැජ්ජයි තෝ වගේ ගොන් බූරු චක් ගෝලයෝ නිසා.

      • Vindana says:

        වයිරස් ලෙඩ වලට එන්නත් නැතිලු. කොහේද බොල උඹ ඉස්කෝලේ ගියේ ගොන් හරකෝ? මෙතන උඩ පැනගෙන ආවට තොට පහේ පන්තියේ පොඩි එකෙකුට තියෙන විද්‍යා දැනුම වත් නැහැ නේ බොල. මෙලෝ සංසාරයක් දන්නේ නැති කලා උපාධි කාරයෝ නලින් ප්‍රොපාගේ පොත් දෙකක් තුනක් කියවලා ඊට පස්සේ නෙට් එකෙන් මොනවා හරි කෑලි ටිකක් අහුලගෙන තමන් හෙන පොරවල් කියලා පෙන්නගෙන වාද කරන්න ආවම වෙන්නේ ඔය වගේ පච වෙන්න තමයි බොල. දැන් වත් උඹේ ගොන් කම රටට ප්‍රදර්ශනය නොකර හිටපන් විහිළුවක් නොවී. දැන් කාලේ ඉන්න පොඩි උන් පවා ලෝකය ගැන දන්නවා උඹලා වගේ හරකුන්ට වඩා. ඒක නිසා උඹ කොච්චර මෙතන බොරු වැපිරුවත් උඹට රැවටෙන්න තරම් මෝඩයෝ ඇත්තේ නැහැ.

      • Rata Wenuwen says:

        විදු නැණ බෙලෙන් සැදු එන්නත් නොපිළිගෙන
        බොරු පැණි වලින් ගොඩ යන්නට වෙර දරණ
        මිථ්‍යාවටම ලොල් වුන ගොන් කුඹුකාණ
        වෙන්නේ උඹට ගිණි සෑයක අළු වෙන්න

      • හීන් සැරේ says:

        මම නම් හිතන්නේ උඹතුමා ඔය කරන වැඩෙන් වෙන්නේ දේශීය වෙදකම තවත් හෑල්ලු වෙන එක විතරයි. උඹතුමා දාලා තියෙන කොමෙන්ට් කියෙව්වාම මට නම් හිතෙන්නේ තමුන්ට එන්නත් ගැන වත් වයිරස් රෝග ගැන වත් බටහිර වෙදකම හෝ දේශීය වෙදකම ගැන වත් නිසි අවබෝධයක් නැහැ කියන එකයි. දේශීය වෙදකම නංවන්න අවශ්‍යයි තමා. ඒත් ඒකට ඉස්සෙල්ලාම කරන්න ඕන නියම හෙළ වෙද කම එක එක පුද්ගලයෝ හෙළ නාමය පාවිච්චි කරමින් කරන හොර වෙදකමින් වෙන් කරලා අඳුනා ගන්න එක. ඔය ධම්මික උන්නැහේ කරන්නෙත් හොර වෙද කමක්. ඒකට රජයේ යම් යම් පාර්ශව වගේම සමහර බටහිර දොස්තරලා පවා දායක වුනා. ඒකෙන් වුනේ පරීක්ෂා කිරීමට නියමිත වෙලා තිබුණු සැබෑ හෙළ ඔසු පැත්තකර තල්ලු වෙච්ච එක විතරයි. ඒක නිසා එක එක පුද්ගලයන්ගේ උගුල් වලට අහු වෙන්නේ නැතිව සැබෑ හෙළ වෙදකම වෙනුවෙන් විතරක් පෙනී සිටින්න කියලා මම ඉල්ලා සිටින්න කැමතියි.

  2. Asanka says:

    පව් බන් ඔය අසරණ කුඹුක්කමාව ඔච්චරට බයිට් කරන්න එපා යකුනේ. පැණියට කෙල වුනාට පස්සේ දුකට කියන කතා නේ ඉතින් ඔය. ඔන්න ඕකට මෙතන අවිල්ලා පොඩ්ඩක් අඬලා දොඩලා දුක හෑල්ලු කර ගන්න දීපල්ලා බන්. නැතිනම් ඉතින් පොරගේ ඩිප වැඩි වෙලා ගිහින් කෝච්චියකට වත් පැන්නොත් ඉතින් පව් නේ. 😀

Main News