කොරෝනා එන්නත්කරණය අයාලේ.. විශේෂඥයන් විරෝධය.. GMOA එන්නත්කරණයෙන් ඉවත් වන තීරණයක..

February 22, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා එන්නත්කරණය අයාලේ.. විශේෂඥයන් විරෝධය.. GMOA එන්නත්කරණයෙන් ඉවත් වන තීරණයක..

කොරෝනා මර්ධන එන්නත්කරන වැඩසටහන සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් බරපතළ ලෙස කනගාටුව පළකර ඇතැයි අද ඩේලිමිරර් පුවත්පත වාර්තාකරයි.

එන්නත්කරණය සදහා ලියාපදිංචිවීමට හඳුන්වා දුන් වෙබ් අඩවියද මේ වන විට අක්‍රීය වී ඇතැයි එහි සඳහන්ය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ එජයේ එන්නත් කරන වැඩසටහන මේ වන විට වෙනස් කර ඇති බවයි.

මුලින් රජය සැලසුම් කර සිටියේ වයස අවුරුදු 60ට වැඩි පිරිස එන්නත ලබාදීමට වුවද දෙවනුව එම සැලසුම 30-60ත් අතර දක්වා වෙනස් කර ඇතැයිද ඔහු පැවසීය.

මේ වන විට 30ට වැඩි සියලුම දෙනාට එන්න ලබාදෙන බවට සැලසුම වෙනස් කර ඇතැයිද ඔහු පැවසුවේය.

එන්නත්කරණය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ මාර්ගෝපදේශයක් මෙතෙක් නිකුත් කර නැතැයිද සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

මෙම තත්වයන් මත තම සංගමයේ බස්නාහිර පලාතේ වෛද්‍යවරුන් එන්නත්කරන වැඩසටහනෙන් ඉවත් වීමට තීරණය කල බවත් පසුව වැඩපිලිවෙල සාර්ථක කර ගැනීම සදහා එම උවමනාවෙන් සහාය දුන් බවත් ඔහු පැවසීය.

ඒ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලබාදුන් තාවකාලික මාර්ගඋපදේශ මත බවද ඔහු මාධ්‍ය හමුවේ සඳහන් කරන ලදී.

42,863 views

11 Comments to “කොරෝනා එන්නත්කරණය අයාලේ.. විශේෂඥයන් විරෝධය.. GMOA එන්නත්කරණයෙන් ඉවත් වන තීරණයක..”

  1. Lanka says:

    ෆුල් අවුල් වගේ, විමල් සහ ගම්මන්පිල ට පොරවල් වෙන්න දෙන්නේ නැතිනම් ආණ්ඩුව එළවලා යහපාලනය වගේ වෙන එකක් හරි ගේන්න ඕනේ

  2. අසිත says:

    මේක බොරැවක්. අපේ ගමේ 30 වැඩි හැමෝටම දුන්නා..

  3. priyantha Sisira Kumara says:

    ඔව් ඉතින් උන් ටික එන්නත් විදගත්තනෙ. දැන් ඉතිං රටෙි මිනිස්සුන්ට හෙන ගැහුවත් මුන්ට මොකද?

  4. Hudson says:

    What else u can expect from the idiot pani Sumane. These buggers don’t even have a plan to inject free vaccine received. What a failed regime.

  5. Nam says:

    Thopi nam gaha ganna epa. Thopi hitiyath ahinsaka jeewitha ewarai
    Gahana berekuth Neha bere paluwakuth nehe

  6. කුඹුක්කණ් says:

    ඔය මෙලෝ වැඩක් නැති, මිත්‍යා ගූ එන්නත එපෝ…
    60% කට වට වැඩකට නැති මෙහෙ ව්කෘති වලට ඔරොත්තු දෙන්නැති
    දකුණු අප්‍රිකාවෙන් කහල ගොඩට දැනටමත් විසික් කර ඇති

    සල්ලි නාස්ති කරන
    මෙලෝ රහක් නැති එන්නත එපෝ…

    ඇලොපති වෛද්යවරුන්ටයි, ෆාමසි කාරයොන්ටයි
    මෙඩිකල රෙප් ලටයි ගහපිය ඕක

    • Prof. Gilbaart (Oxford) says:

      My vaccine is purrfect, it has to work because its from Oxford. Don’t know if Moda Modi sent you vials of water.

    • Namal says:

      උඹ ඉතින් ඕක එපෝ එපෝ ගගා මෙතන තප්පුලන්න ඕන නැහැ බං. කවුරුවත් උඹව බලෙන් ඇදගෙන ගිහින් උඹට බෙහෙත් විදින්නේ නැහැ නේ. අනික කිහොමත් ඔය එන්නත මිනිස්සුන්ට මිසක් හරකුන්ට විදින්නෙත් නැහැ නේ. ඒක නිසා ඉතින් උඹ නිකන් මෙතන බය වෙලා කෑ ගහන්න ඕන නැහැ.

    • Rata Wenuwen says:

      විදු නැණ බෙලෙන් සැදු එන්නත් නොපිළිගෙන
      බොරු පැණි වලින් ගොඩ යන්නට වෙර දරණ
      මිථ්‍යාවටම ලොල් වුන ගොන් කුඹුකාණ
      වෙන්නේ උඹට ගිණි සෑයක අළු වෙන්න්න

  7. මාක්ස්වාදී ජෙප්පා says:

    අපේ සෑර් මේකත් ෆේල්

  8. එලවිස් says:

    කොරෝනාවෙන් වැඩිම අවදානම සහ වැඩියෙන් මැරෙන්නේ අවුරුදු 60ට වැඩි අයයි එයිනුත් වැඩි අවදානම පිරිමි අයටයි.. ඒත් එන්නත දෙන්නේ 30-60 අතර අයටයි.. ගොබ්බ ලොජික් තමා. රටේම පිස්සෝ ටික ඉන්නෙ තනතුරු වලට අරක් ගෙන වගේ ..

Leave a Comment

Main News