කොරෝනා එන්නත්කරණය පුද්ගලික රෝහල්වලට ඉල්ලයි….
April 4, 2021 at 6:26 am | lanka C news
කොවිඩ් එන්නත්කරණය සඳහා දැනීම පුද්ගලික රෝහල් වලටත් තිබෙන බවත් මෙම එන්නත්කරණ වැඩසටහන කාර්යක්ෂම කිරීම සඳහා එයට සම්බන්ධ වීමේ අවස්ථාව පුද්ගලික රෝහල් වලටත් ලබාදෙන ලෙසත් පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය රජයෙන් ඉල්ලා තිබේ.
එම සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා සඳහන් කරන්නේ කොවිඩ් එන්නත්කරණය සඳහා අවස්ථාව පුද්ගලික රෝහල් වලටත් ලබාදෙන්නේ නම් මෙම වැඩසටහනේ කාර්යක්ෂමතාවය වැඩිකළ හැකි බවයි.
මෙහිදී, කොවිඩ් එන්නත් රජය හරහා ගෙනවිත් හෝ සෘජුවම පුද්ගලික අංශය විසින් ගෙනවිත් ජනතාවට එන්නත්කරණය කළ හැකිබව ඔහු අන්තර්ජාල නාලිකාවක් සමග සම්බන්ධ වෙමින් අනාවරණය කර තිබේ.
මේ එන්නත්කකරනය පෞද්ගලික රෝහල් වලටත් වහාම ලබාදෙන්න. අනුමත හා ලියාපදිංචි පෞද්ගලික ඖෂධ ආනයන ආයතනවලට එන්නත් ආනයනය කිරීමට වහාම අවසර දෙන්න.
Wahama ida denna. Anumatha ennath wiya yutuyi. Ennath dekama Rs.5000 wiyayuthuyi
The production of vaccines don’t meet the global demand so even if Sri Lanka has the funds and the private sector is willing and the people have money to pay there are not enough vaccines ..