කොරෝනා එන්නත් කාඩ්පත නැතිව සංචරණය තහනම්.. ?

July 31, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා එන්නත් කාඩ්පත නැතිව සංචරණය තහනම්.. ?

කොරෝනා මර්ධන එන්නත ලබාගත් බවට සහතික කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාඩ් පත ළඟ තබාගැනීමට අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

කොරෝනා මර්ධන කමිටුවේ දී සාකච්ඡා වී ඇත්තේ එම කාඩ්පත රජයේ ආයතන සහ සුපිරි වෙළඳ සැල් වලට ඇතුළු වීමේදී ළඟ තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත් බවයි.

රට නැවත විවෘත කිරීමෙන් පසු මෙම ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ඉදිරියේ දී ගැනීමට නියමිතව ඇත.

මේ අතර පොදු ප‍්‍රවාහන සේවාවන්හි ගමන් කරන පුද්ගලයන්ද කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් අය විය යුතු බවට සාකච්චාවක් ඇති වී තිබේ.

48,829 views

23 Comments to “කොරෝනා එන්නත් කාඩ්පත නැතිව සංචරණය තහනම්.. ?”

  1. Dengu Nona says:

    Mata eka ennathak wath labee natha! Ithin mata me rate sanchaaraya thahanam da? Yakaage wadakne!!

  2. යකා says:

    යන්න ඕන එකා වෙනකෙනෙක්ගෙ කාඩ් එකකින් හරි යයි

  3. මෝඩ බයියෙක් says:

    ජනාධිපතිතුමා වටේ ඉන්න ඩබල් ඒජන්ට්ලගෙ කේවට්ට උපදෙස් පිළිපැදලා ඊළග ජිනීවා මානව හිමිකම් සමළුවෙන් ලංකාවට ගලව ගන්න බැරි ජාතියෙ සම්බාධක පනව ගන්න කදිම අවස්ථාවක් තමයි එන්නත්කරණය යොදාගෙන මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීම… ඇදගෙන නානවා කියන්නෙ මෙව්වට තමයි….

  4. සමයං says:

    එතකොට එන්නත් ගැනීම ප්‍රතික්ෂේප කරපු රුසියානු ජාතිකයින් ලංකාවට ගෙන්නල රට පුරා ඇවිද්දවන එක අවුලක් නෑ. අපේ රටේ අපි ඇවිදින එක අවුල්. එන්නතක් ගැනීම හෝ නොගැනීම ඒ මනුස්සයගෙ අයිතිය.එහෙම කලොත් ඒක මානව හිමිකම් කඩකිරීමක්.

Main News