කොරෝනා එන්නත් ගත් අයට උපදෙස් මාලාවක්…

May 13, 2021 at 10:40 am | lanka C news
කොරෝනා එන්නත් ගත් අයට උපදෙස් මාලාවක්…

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පෙර සහ එම එන්නත ලබා ගැනීමෙන් පසු ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

01. එන්නත ලබා ගැනීමට පෙර තමාට ඇති රෝග සම්බන්ධයෙන් එන්නත ලබාදෙන ස්ථානයේ සිටින වෛද්‍යවරයා දැනුවත්කොට අවශ්‍ය උපදෙස් ලබා ගත යුතුය.
02. එන්නත ලබා ගැනීමෙන් පසු දින තුනක්වත් ගතවන තෙක් අනවශ්‍ය ලෙස වෙහෙස නොවිය යුතුය.
03. සාමාන්‍ය උණ තත්ත්වයක් පවතී නම් පැරසිටමෝල් පෙති දෙකක් ලබා ගන්න.
04. පැය 48කට වඩා උණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
05. එන්නත ලබා ගැනීමෙන් පසු වෙනත් රෝග සංකූලතා ඇති වේ නම් වෛද්‍යවරයකු හමුවන්න.
06. උණ තත්ත්වයක් නොමැති නම් ස්නානය කිරීම ගැටලුවක් නොමැත.
07. නිදන්ගත රෝග ඇති පුද්ගලයන් ඇත්නම් අවශය බෙහෙත් නිසි වේලාවට ලබා ගන්න.
08. එන්නත ලබා ගැනීමට පෙර සහ පසු ගනු ලබන ආහාර පිළිබඳ විශේෂයක් නොමැති අතර තමාගේ සාමාන්‍ය ආහාර වේල ලබා ගන්න.
09. සෑම විටම මුව ආවරණ පලඳින්න. සෞඛ්‍ය නීති රීති අනුගමනය කරන්න.
10. දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා එන්නත ලබාගත් ස්ථානයෙන් ලබා දුන් කාඩ්පත සුරැකිව තබා ගන්න.

– Aruna

81,838 views

5 Comments to “කොරෝනා එන්නත් ගත් අයට උපදෙස් මාලාවක්…”

  1. කැප්පෙටිපොළ says:

    ඇයි වෛද්‍ය විදයාවට ප්‍රතිරුපකයක් කියන්නෙ
    සමහර විට මිනිහෙක් වෛද්‍ය විද්‍යාවට පැහදෙනවා. මට ලෙඩේ හොද වුනේ වෛද්‍ය විද්‍යාව කියා එතකොට සැබැ හේතුව වන කුසල් අකුසල් යට යනවා. අවුරුද්දට නැකත් කරාම සාර්ථකයි කිව්වාම මෙය සාර්ථක වුනේ නැකත නිසා කියන මිසදුටුව එනවා. නමුත් යෝග වලදි ප්‍රාණ වායුව හැර අනිත් දේවල් වලදි වෙන්නෙ ශරිරයේ ඉරියවුවක් පමණයි.නිරෝගිකම ලැබුනේ යෝග නිසා කියා හිතනවා.ක්‍රිඩා වලදි හොදට සෙල්ලම් කරන්නෙ ඒ සදහා පිනක් තියෙන නිසා නමුත් එයා යනවා වැරදි හේතු ඵල න්‍යායකට මහන්සි වුන නිසා ජයගත්තා කියලා. බ්‍රහ්මජාල සුත්‍රයේ න්‍යායවල් හැට දෙකක් ගැන කියනවා. ඒ තමයි වැරදි දෘෂ්ටි.

  2. PEOPLE OF COUNTRY says:

    Thank you very much, very useful

  3. පුත්තලම් පොහොට්ටු බලකාය says:

    අපිට එන්නත් එපා හෙළ ඔසු වහාම ලබාදෙනු.

  4. sithmal says:

    අරක්කු බිව්වට කමක් නැද්ද?

  5. Love nature says:

    මත්පැන් පානය. දුම් බිම ගැන කියන්න අමතකවෙලා.

Main News