කොරෝනා එන්නත් ගැහුවම මැරෙනවා කියල කතාවක් යනවා..- අගමැති

June 8, 2021 at 8:02 am | lanka C news
කොරෝනා එන්නත් ගැහුවම මැරෙනවා කියල කතාවක් යනවා..- අගමැති

වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 07 දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

සංචරණ සීමා පැනවීමේ දී මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මත ඉදිවෙන කිලෝමීටර් 16.4ක අධිවේගී මාර්ගයේ හා ගැටඹේ, කොහුවල, කොම්පඤ්ඤවීදියේ විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත, බාලදක්ෂ මාවතා හා චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත යන ස්ථානවල ඉදිවන නව ගුවන් පාලම් 6ක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේ සිට  අදාළ ව්‍යාපෘතිවල ආරම්භය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුවිය.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත්‍රවරුනි,

අද අපි මේ මුලපුරන්නෙ කොළඹ සහ මහනුවර අධික රථවාහන තදබදයට විසඳුම් ලැබෙන ව්‍යාපෘති කිහිපයකට බව ඔබ දන්නවා.

මේ ස්ථානවල තිබෙන රථවාහන තදබදය ගැන බොහෝ අය ඉතිහාසයේ මොනතරම් සංවාද කළා ද ? කියලා ඔබ දන්නවා. වාහන පෝලිම දිනෙන් දින දිගු වුණා මිසක් කවුරුවත් ප්‍රායෝගික විසඳුමක් මේවාට දුන්නෙ නැහැ.

මිත්‍රවරුනි,

කාලය කියන දේ අපි හැමෝටම වටිනවා. මහජනතාවට වගේම අවසානයේ එය රටටත්, රටේ අනාගතයටත් එක සේ වටිනව බව ඔබ දන්නවා. වාහන තදබදයෙන් මහජනතාව මහ මගට ගෙවා දමන කාලය අඩු කරලා, ඒ කාලය යම් ප්‍රයෝජනවත් කාර්යකට ඉතිරි කරලා දෙන්න පුළුවන්නම් ඒක අප ලබන ජයග්‍රහණයක් වශයෙන් මා දකිනවා.

අද මේ ආරම්භ කරන ව්‍යාපෘති අතරට සම්පූර්ණයෙන්ම කුලුනු මතින් ඉඳිවන මේ රටේ 8වැනි අධිවේගී මාර්ග ව්‍යාපෘතියත් ඇතුළත්.  එම අධිවේගී මාර්ගය නව කැලණි පාලමේ ඉඳන් අතුරුගිරිය දක්වා ඉදිවෙනවා.

මන්තීරු හතරකින් ඉදිවෙන මේ අධිවේගී මාර්ගය අපේ රටේ පළමු හා දෙවැනි අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ කිරීම විශේෂත්වයක්. ඒ වගේම දෙමටගොඩ, රාජගිරිය, කොස්වත්ත සහ හෝකන්දර අන්තර් හුවමාරු ඉදිවනවිට, කොළඹ රථවාහන තදබදයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් එමගින් අවම කර ගන්නට අපට හැකියාව ලැබෙනවා.

මෙම අධිවේගී මාර්ගයේ වසර 15ක මෙහෙයුම් හා නඩත්තු ඇතුළත් ඉදිකිරීම් වෙනුවෙන් සීමා සහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම රුපියල් බිලියන 135කට ආසන්න මුදලක් වැය කරනවා. ඔවුන්ටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමන්න කැමතියි.

මිත්‍රවරුනි,

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපි රට හදන්න ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා. කොවිඩ් වසංගතය හමුවේ වුවත් රටේ සංවර්ධන ව්‍යාපෘති නතර නොකරන්න යැයි ජනාධිපතිවරයා අපි හැමෝටම උපදෙස් දුන්නා.

ජනතාවට මතක නම්, මේ එක වසංගතයක් වත් නැතිව තමයි අද ඉන්න විපක්ෂෙ එදා කිසිම වැඩක් නොකර හිටියෙ. අද ඒ අයම අපෙන් අහනවා, අපි මොනවද කරන්නෙ කියලා.

මිත්‍රවරුනි,

වගකිවයුතු රජයක් විධියට අපි ජනතාවට එන්නත් ගෙනල්ලා දෙනවා කියලා සහතිකයක් දුන්නා. එන්නත් කරලා අපේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි අදටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. යම් යම් අඩුපාඩු නිවැරදි කරගනිමින් අපි ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ඊට සහය වන ජනතාව මේ වසංගත තත්ත්වය පාලනය කරන්න විශාල කැප කිරීමක් කරනවා කියලා ඔබ දන්නවා.

සමහරුන්ට ඒක බලාගෙන ඉන්න බැහැ. අතන මෙහෙමයි මෙතන මෙහෙමයි කියලා ඒක කඩාකප්පල් කරන්න හදනවා. වැරදි ප්‍රචාරයන් කරනවා. එන්නත ගත්තම මැරෙනවා කියල එහෙමත් කිව්වා ජනතාව බය කරන්න හැදුවා. ඒ වගේ බොරු ප්‍රචාර කරලා ජනතාවගෙ ජීවිත බිල්ලට දාලා දේශපාලන වාසි හොයන්න එපා කියලා තමයි අපි විපක්ෂයට කියන්නේ. මේ වසංගතය අපි හැමෝම ඉදිරියේ තියෙන අභියෝගයක්. අපි එකට එක්වෙලා මේ අභියෝගය ජයගත යුතුයි.

හොඳ දේ හොඳ විධියට දකින විපක්ෂයේ ම ඇතැම් මන්ත්‍රීවරු තමන්ගෙ සමාජ මාධ්‍යවල රජයේ එන්නත්කරණ වැඩපිළිවෙල අගය කරනවා මම දැක්කා. රටේ ජනතාවත් මේ වෙලාවේ බලාපොරොත්තුවෙන්නෙ රට හමුවේ තියෙන මේ අභියෝගයට එකට එකතුවෙලා මුහුණදෙන්න.

සංචරණ සීමා පැනෙව්වාම මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව අපි දන්නවා. නමුත් ඔබ සියලු දෙනාගේ හැම ජීවිතයක්ම අපට වටිනවා. ඒ නිසා රජය ඒ ගෙන යන ඒ වැඩපිළිවෙලට ඔබේ සහය ලබාදෙන්න කියන ඉල්ලීම අපි ජනතාවට කරනවා. ඔබ ආරක්ෂාවන ගමන් ඔබේ ආදරණීයන් ආරක්ෂා කරගන්න. එවිට මුළු රටම ආරක්ෂා වෙනවා.

වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානමින් සිටිනවා. ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබාදීමට අප කටයුතු කරන්නෙත් අදට වඩා එහි ඇති අනාගත ප්‍රතිඵලය දිහා බලලයි.

මිත්‍රවරුනි,

දුෂ්කරතා හමුවේ වුවත් මහා මාර්ග අමාත්‍යංශය විශාල වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක කරනවා. අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ඊට නායකත්වය දෙනවා.  ඒ කටයුත්ත හොඳින් ඉටුකරනවා. නිමල් ලාන්සා රාජ්‍ය ඇමතිතුමත්, අමාත්‍යංශයේ ලේකම්තුමාත්, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාත්, මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම දෙනාත්  ඊට හොඳ ශක්තියක් ලබාදෙන බව අපි දන්නවා. පසුගිය දා  මධ්‍යම අධිවේගී මාර්ගයේත්  රුවන්පුර අධිවේගී මාර්ගයේත් වැඩකටයුතු ආරම්භකරන්න අපට හැකියාව ලැබුණෙ ඒ නිසයි.

ඒ විතරක් නෙමෙයි අද වැඩ ආරම්භ කළ කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම් ත්‍රිත්වයත්, කොහුවල සහ විනිසුරු අක්බර් මාවතේ ගුවන් පාලම් දෙක සහ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ඉතා කඩිනමින් අවසන් කරන්න බලාපොරොත්තු වෙන බව ජොන්ස්ටන් ඇමතිතුමා අපි  සමඟ කිව්වා.

මේ සඳහා මූල්‍ය ආධාර දෙන හංගේරියානු රජයටත්, ඊට ක්‍රියාකාරීව සම්බන්ධවී ඉතා කෙටි කලෙකින් මෙම ව්‍යාපෘති අවසන් කිරීමට සැළසුම් කළ  දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත් සමාගම්වලටත් මාගේ සුබ පැතුම් මේ අවස්ථාවේ පුද කරනවා.

ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා සහ එම අමාත්‍යංශය මේ සඳහා කැප වෙලා කරන වැඩපිළිවෙල අපි අගය කරන බව මා මේ අවස්ථාවේ නැවත වරක් මතක් කරමි යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

22,997 views

24 Comments to “කොරෝනා එන්නත් ගැහුවම මැරෙනවා කියල කතාවක් යනවා..- අගමැති”

  1. 5000 ක් මදි says:

    5000 දුන්නෙ නෑ කියලා ගෑනු රජයේ නිළධාරීන්ට පොලු පාර දෙන්න , මන්න පාර දෙන්න හදනවා මහත්තයෝ.. ඒකෙන්ම තේරෙනවා නේද මිනිස්සු ඉන්නෙ හරිම අමාරුවෙන් කියලා… ආර්ථික අහේනිය උපරිමයි දැන්නම්

    • බයියන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

      ඒකෙන් තේරෙන්නේ දේශපාළුවොන්ගේ අසූචි දිවෙන් ගන්න අඩුකුලේ පිංගුත්තර කසිප්පු ගවයෝ වැඩී කියලා. හම්පඩ තක්කඩි නාකි ගෙවලයෝ රට විකුනලා මිනිස්සුන්ගේ රීරි මාංශ කකා ඉන්නවා.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      නිකංම ඉදලා කන්ඩ බලං ඉන්න මෙි වගේ කමිමැලි කුසිිතයෝ ඉන්න රටකට හරියයිද ඉතිං

      • Alapaluwa says:

        හරියන්නෑ. නිකන් පොහොර ගන්න පොහොට්ටුවට දුන්න වගේ.

        • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

          නෑ මචං පුංචි කාර් ගන්ඩ ගවපාලනේට දුන්නා වගේ ඒවානේ බං සුපිරි දිමිි

  2. kasun says:

    මට සිංහල වෙදකම ගැන කියන්න වචන මදි මගේ යම් අසනීප වලට සිංහල වෙදකමින් සුව වූ වාර අනන්තයි කොරෝනා සුවකරන්න සිංහල වෙදකමට පුලුවන් බව මට හොදටම විශ්වාශයි

    • ලබ්බ තමා says:

      මිත්‍යාදෘෂ්ඨිකයන් ඉන්නකම් මේ රට දියුණුවෙන්නෙ නෑ. මලහෝන්තු ටික බලන් ඉන්නෙ රාවණාගේ මිනියට පණ එනකම් .. හනේ මෙහෙම මනස්ගාත කථා..

    • සින්හලයා says:

      මොඩ පිස්සු හරකෙක්

      • සින්හලයා says:

        තමුන් වගෙ කට්ටිය එන්නත නොගන්න තරමට හොදය්.සින්හල බෙහෙත් කරන්න කියල හොරෙන්ම ගහගන්න එකෙක්.

        • kasun says:

          කාලයට ඉඩදිලා බලමු නේද? ඔවි මම වැක්සින්ගහන්නේ නෑ මොන දේ උනත්. බලෙන් ගහන්ඩත් බෑනේ. හෙල ඔසුවල පිහිටෙන් ඇගේ ප්‍රතිශක්තිය වැඩිකර ගන්නවා එචිචරයි

    • john the baptice says:

      මොනාද බම් උබට තිබුන යම් අසනීප?

    • සින්හය says:

      තමුන් ගෙ මොලෙ අසනිපයට සින්හල වෙදකම් කරල කුරවල් වෙලාවගෙ,අන්ගොඩ ගියානම් හරි

  3. Dharshana Abeykoon says:

    මට මැවිලා පේනවා ජහපාලන කොටලු රැල පතෝලයා පච අනුර BDSMරනේ එහෙම ආන්ඩුකලා නමි මෙි වෙලාවෙි තත්වය.

    • කැපුවත් පොහොට්ටුවට says:

      එහෙනම් මෙලාට ආසාදිතයො දෙලක්ෂය පැනල.

      • Hudson says:

        1700k withara marila, sir hinda no problem.

        • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

          බත්බැල මහත්තයා පොඩි නිවරදි කිරිමක්. positive ගන්ඩ
          In money, K means 1000. So if you have 10 K, you have $10,000. The letter K meaning 1000, then if you have 1700K just do the calculation right – LOL

      • කැපුවත් පොහොටිටුවට says:

        සොරි විසිලක්ෂය

  4. Namal says:

    ඔබතුමාගේ කතාවට එකඟයි. හැබැයි ඔය එන්නත ගත්තාම අවුරුදු දෙකක් ඇතුලත මැරෙනවාය කියන මුසාවාදය පතුරුවන්නේ නම් විපක්ෂයෙන් නෙවෙයි. එහෙම කරන්නේ අර පහුගිය කාලේ එක එක හොරුන්ගේ පැණියවල් කරේ තියාගෙන හෙළ හෙළ ගගා උඩ පැනපු යක්ඛ පුත්තු සෙට් එක තමයි. ඒ සමහර යක්ඛ පුත්තු ඉන්නේ රටෙනුත් පිට. උන් නම් අති බහුතරයක් බයියෝ තමයි. මුන් එකෙක් දෙන්නෙක් අල්ලාගෙන ආයුධ පෙන්නන්න ගෙනිච්චා නම් ප්‍රශ්නය ඉවරයි.

  5. නිසංසලා ගල්මෝල says:

    ඔබතුමා ඕක ගහගෙන දැන් කොච්චර් කලක් ගත උනාද ? අපිටත් එතකොට පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න පුළුවන්. රෑ ට රෑ ට හීනෙන් සුදු කොඩි ගොක්කොල එහෙම පෙනුනා නම් පොඩ්ඩක් මුළු රටම දැනුවත් කරන්න. හොරා වගේ සද්දේ නැතුව ඉන්න එපා. නැත්නම් මිනිස්සු කියයි මහින්ද මහත්තයා තනියම දිව්යාලෝකෝ චුත උනා අපිට හොරෙන් කියල.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      බත්බැලයට පවි.

  6. Sri Kantha says:

    ගරු අගමැති තුමනි ඔබතුමා රටවෙනුවෙන් කර ඇති සේවය අගය නොකිරීමට තරම් අපි ගුන මකු නොවෙමු. නමුත් ගරු මැතිතුමනි,කිසිම හේතුවක් නිසා ඔබේ දරුවන්ට එම තත්වය විනාශ කරන්න දෙන්න එපා. රටක තීරන ගැනීමේදී short cuts වලින් පුතාව නායකත්වය සදහා තල්ලු කරන්න එපා. දැනුම,ජේශටත්වය හා පලපුරුද්දට පමනක් අවස්තාව දෙන්න

    • මිල්රෝයි වෙන්නප්පුව says:

      මහින්ද මහත්තයා දේසපාලනේට එනකොට වයස 22යි ඉතිං නාමල්ට දැන් කාලේ හරි. 2024ට 42යි හොදම වයස