කොරෝනා එන්නත් මෙරටට 04ක් ගෙන්වීමට අනුමැතිය ඉල්ලයි..

March 2, 2021 at 4:40 pm | lanka C news
කොරෝනා එන්නත් මෙරටට 04ක් ගෙන්වීමට අනුමැතිය ඉල්ලයි..

කොරෝනා මර්ධනය සඳහා තවත් එන්න වන හතරක් මෙරටට ගෙන්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඉල්ලා තිබේ.

රාජ්‍ය ඖෂධ සංස්ථාව සඳහන් කරන්නේ මෙසේ අවසර ඉල්ලා ඇත්තේ රුසියාවේ ස්පුට්නික්, චීනයේ සිනොෆාන්, ඉන්දියාවේ භාරත බයෝටෙක්, හා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා යන එන්නත් හතරට බවයි.

මීට අමතරව ඇමරිකාවේ ෆයිසර් එන්නත මිල දී ගැනීම සඳහා ද එම සමාගම සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයිද සංස්ථාව සඳහන් කරයි.

ඊටත් අමතරව තායිලන්තයේ හා කොරියාවේ නිෂ්පාදනය කරන එන්නත් දෙකක් ගැනද අවධානය යොමු කර තිබේ.

අධිකාරියේ අවසර ලැබුණු පසු මෙම එන්නත් හතර මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ද සංස්ථාව සඳහන් කළේය.

19,281 views
Main News