කොරෝනා එන්නත ගත් හැමෝම වසර දෙකකින් මිය යනවාද…?

May 31, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා එන්නත ගත් හැමෝම වසර දෙකකින් මිය යනවාද…?

කොරෝනා වෛරසය පාලනය සඳහා දැනට භාවිත කරන එන්නත් ලබා දී ඇති සියළු ජනතාව වසර දෙකක කාලයකදී මිය යන බවට ලොව ප‍්‍රකට වෛරස විද්‍යාඥයෙකු විසින් සිදුකලා යයි පවසමින් සමාජ ජාලාවල පැතිරෙන ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට ප්‍රධානතම වෛරස් විද්‍යා මහාචාර්යවරයෙකු වන තිස්ස විතාරණ මහතා අදහස් පළ කරයි.

ඔහු සඳහන් කරන්නේ එම කරුණ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එසේ වීමට කිසිදු හැකියාවක් නැති බවත් ය.

එමෙන්ම එම ප්‍රකාශය කළේ යැයි පැවසෙන විද්‍යාඥයා තමන් එවැන්නක් නොකී බවට පසුව ප්‍රකාශ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එන්නත් සොයාගැනිම සදහා දැන් නවීන ක‍්‍රම ඇති බවත් එනිසා එය වඩා වේගවත් වී ඇති බවත් ඒ මහතා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙරට එන්නත් කරන ව්‍යාප්තිය සම්බන්ධයෙන්ද අදහස් පළ කරන ඔහු එහි කිසිම විද්‍යාත්මක පදනමක් නැතැයි ද චෝදනා කරයි.

මෙම විෂය ගැන තේරුමක් ඇත්තේ සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ ඇමතිනියට පමණක් යයිද පවසන ඔහු තමන් මේ සම්බන්ධයෙන් වන කිසිදු කමිටු නොගත් බවද කියා සිටී.

200,114 views

6 Comments to “කොරෝනා එන්නත ගත් හැමෝම වසර දෙකකින් මිය යනවාද…?”

  1. මෝඩ බයියා says:

    මේ මොක්කුද කසී ජොනී මොරටු සමන් කැස්බෑ ලොකූ තඩි ප්‍රසා වට්ටි පවීලගෙ දැනුමත් එක්ක මුන්දැලට හැරෙන්න පුලුවන්ද ?කොවිඩ් යාලුවො වගේ නැව් රත්තරන්ව එහෙම දැක්කොත් කොවිඩ් වයිරසේ දුවනව පැත්ත නොබල.මොකෝ ඕක වයිරසේ උනත් ගානකට විකුනල සල්ලි ටික සාක්කුවෙ දාගයි

  2. MD says:

    දෙවියනේ දෙසවනට කොතරම් මිහිරි ප්‍රකාශයක්ද ඵ්.තව අවුරුදු දෙකක් පමණක් ජීවත්වෙනවා කියලා දැනගන්න පුලුවන්නම් කොතරම් සුන්දරද.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  3. abc says:

    හොද වෙලාවට නොගත්තේ. පොත් කියව කියව ඉදියි එන්නත් ටික මිලදී ගන්න කලින්. sinopharm එකත් මිස් වෙලා sinovac එකත් මිස් වෙනවා මේ වගේ බඩු මේ වැඩේ කරානම්.

  4. Dr.Kamaladasa says:

    I feel sorry now! I was thinking of sending some hard earned money (by private doctor practice in Srilanka over the years) to Srilanaka to purchase vaccines. Now I’m not going to send…

  5. Guththila says:

    “Mata Mahalu Wayase, Bariya Wena Gaayana Perase” – (Guththila Kaavya)

  6. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    නැටිට ඉස්සුවා පලාතම ගදයි