කොරෝනා එන්නත ගෙන්වීමට පුද්ගලික අංශයටත් අවසර..

March 14, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා එන්නත ගෙන්වීමට පුද්ගලික අංශයටත් අවසර..

කොවිඩ් එන්නත් ගෙන්වීමට ඇති හැකියාව සලකා බලා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව පෞද්ගලික අංශයටද අවසර ලබාදීමට පියවර ගන්නා බව කොවිඩ් එන්නත් ගෙන්වීම සම්බන්ධීකරණ කමිටු සභාපති ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසයි.

කොවිඩ් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයෙන් පසුගිය වසරේ නොවැමබර් කළ විමසීමකදී සමාගම් රජයට දැනුම් දී ඇත්තේ 2021 ජුනි මාසයෙන් පසු එන්නත් ආනයනය කිරීමට හැකියාව ඇති බවයි.

එහෙත් ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ප්‍රතිපත්තියට අනුව රජයට කිසිදු මුදලක් ප්‍රතිලාභියාගෙන් අයකර ගැනීමට නොහැක. එම නිසා රාජ්‍ය අංශයෙන්ම එන්නත් ආනයනය මේ වනවිට සිදු කරයි. රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුටිනික්’ එන්නත් මිලියන හතක් ගෙන්වීමටද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැලසුම් කර ඇත. එම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි නොවුණත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වනවිට අවසර ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. එම එන්නතක් ඇමරිකානු ඩොලර් 10ක් පමණ වන අතර ශ්‍රී ලංකා මුදලින් රුපියල 2000කට ආසන්න වෙයි. නමුත් ඉන්දියාවේ නිෂ්පාදිත ‘ඇස්කා සෙනිකා’ එන්නත ඩොලර් පහක් පමණ වෙයි.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුටිනික්’ එන්නතේ මිල සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි ‘සති අග අරුණ’ කළ විමසීමකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක ප්‍රකාශ කළේය. ඉන්දියාවේ සීරම් ආයතනය නිපදවන කොවිඩ් එන්නත් ලබාගැනීමේ ගැටලුවද මෙතෙක් අවසන්ව නොමැත. එම සමාගම පොරොන්දු වූ පරිදි එන්නත් ලබාදෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළද පසුගිය සිකුරාදා (12) පෙරවරුව දක්වා ‘ඇණවුම් ලේඛන’ සංස්ථාවට ලැබී තිබුණේ නැත.

කොවිඩ් එන්නත ශ්‍රී ලාංකිකයන් මිලියන 13කට ලබාදීමට හැකි බව හඳුනාගෙන ඇත. දැනට එන්නත් ලැබී ඇත්තේ දොළොස් ලක්ෂ හැට හතර දහසක් පමණි. අවම වශයෙන් මිලියන 7ක ජනගහනයකටවත් එන්නත ලබාදීමෙන් මරණ හා වයිරස් ව්‍යාප්තිය අවම කරගත හැකි බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග කියා සිටියේය.

– aruna

31,712 views

8 Comments to “කොරෝනා එන්නත ගෙන්වීමට පුද්ගලික අංශයටත් අවසර..”

  1. Ravana parapura says:

    අපගේ අති ශ්‍රේෂ්ඨ රාවණා රජතුමන්ගේ වසර 20000ක් පැරණි වට්ටෝරුවකින් සෑදූ හෙළ ගංජා පැණිය පසෙකට දමා පර සුද්දන්ගේ එන්නත් දිගින් දිගටම හෙළයන්ට විදීම පිළිබඳව රාවණා පරපුරේ අපි දැඩි විරෝධය පළ කරමු. එසේම මෙම එන්නත් කිරීමේ ද්‍රෝහී ක්‍රියාව වහාම නැවැත්වීමට අපි රජයට දැඩිව බල කර සිටිමු. එසේ නොකළහොත් පසු පස ගිණි දල්වා ගත් අපගේ හෙළ යක්ඛ පුතුන් දිවයින පුරා ඇති එන්නත් කිරීමේ මධ්‍යස්ථාන වලට කඩා පනිනු ඇත. ඉන් සිදු විය හැකි අලාභ හානි පිළිබඳව අපි වග නොකියමු

    • Balakaya says:

      තචද පර සුද්දන්ගේම Conspiracy Theories බදාගෙන දඟලන අපගේ සමහර හෙලයන්ට පැණි එන්නත් පමණක්ම ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමු! 😀

  2. Ravana parapura says:

    විසාල පිරිසක් හෙළ ඔසුවෙන් සුව වී ඉන්න අපේ රටේ මේ එන්නතින් අතුරු බාද එනබව ලෝකයේ විසාල රටවල් කියන දේ අහාගෙන මෙය තවත් ගෙන්වාගැනීම විහිලුවක් නොවේද? බටහිර වෙදකම වසර 300යි. හෙළ වෙදකම වසර 5000 යි.

  3. ෆකොරිස් says:

    ලොකු දෙයක් එකගහගන්න එක එක සිපයියොන්ගේ ආඩම්බර බලන්න ඔන දුප්පත් එවුන්

    ඌන්ගේ එවුන්ට නන් අඩගහනා අදාල එකත් අතගාලා ගහලා යවන්නේ. මෙය හමුදා රොහලට ආදාල නැත, ඔවුන් හැමදෙනා ටම එකාමෙන් සලකලා වැඩෙ කරගෙන ගියේ.

  4. Darshana abayakoon says:

    69 ලක්ශෙට පුලුවන් දැන් රස්තියාදු වෙන් නැතුව ගජමිතුරෙක්ට කීයක් හරි දීල වැක්සීන් එක ගහ ගන්න. රෙස්පෙක්ට් ස!!

  5. එන්නත් කාරණයේදී විහිළු කිරීම් නවතා නියමිත ,පිළිගත් විද්‍යානුකුල ක්‍රමවේදයකට එය සිදුකොට
    ගොඩ යමු.
    කෙසේ වුවද WHO අනුමැතිය සියල්ලට දී ඇත්තේ හදිසි මට්ටමේ භාවිතයකට පමණි.

  6. Neelakanthi says:

    Do this as early as possible. Then those who can will get it.

  7. බූරු පුතාණෝ සජියා says:

    එහෙම වුණොත් පුද්ගලික රෝහල් වල ඇස්ට්‍රාසෙනිකා රුපියල් 9000/- ස්පුට්නික් 15000/- විතර වෙයි. (මාත්‍රා දෙකටම).

Main News