ලෝකයම කොරෝනා එන්නතක් හොයයි.. ලංකාව මුලින්ම විදින අයගේ නම් ලයිස්තුව හදයි..

November 12, 2020 at 12:00 pm | lanka C news
ලෝකයම කොරෝනා එන්නතක් හොයයි.. ලංකාව මුලින්ම විදින අයගේ නම් ලයිස්තුව හදයි..

කොරෝනා වයිරසය සඳහා සොයා ගනු ලබන එන්නතක් පළමු අදිරේදීම ලබාදිය යුතු මෙරට පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙරට ජනතාවගෙන් 20%කට එන්නත ලබාදීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාවය පළ කර ඇති බවද ඔහු පැවසීය.

එය මැලදී ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු වෙමින් ඇති බවද ඔහු පවසයි.

මෙතෙක් කොරෝනා වෛරසය සදහා නිශ්චිත එන්නතක් සොයා ගෙන නැතත් එය සොයාගත් පසු සියලුම ජනතාවට එය ලබාදීම දැවැන්ත ක්‍රියාවලියක් බවත් ඔහු කියා සිටියේය.

එනිසා එහි මූලික කටයුතු දැන්ම ආරම්භ නොකළහොත් ශ්‍රී ලංකාවට එකී අවස්ථාව හිමි නොවුණු ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

75,642 views

17 Comments to “ලෝකයම කොරෝනා එන්නතක් හොයයි.. ලංකාව මුලින්ම විදින අයගේ නම් ලයිස්තුව හදයි..”

  1. On The Spot says:

    මේ එන්නත ගේන්න කලින් එය ගබඩා කර තබන්න අධි ශීතකරණ නිර්මාණය කල යුතුයි.ලෝක සෞඛ්‍ය සංවිධානය හා මෙහි නිර්මාතෘවරුන් පවසන්නේ එකී එන්නත සෙන්ටිග්‍රේඩ් රින අසූව(-80) තරම් පහල මට්ටමක තබා ගත යුතු බවයි.ලෝකයේ රටවල් දැන් සූදානම් වන්නේ මෙය ආරක්‍ෂ,සෞඛ්‍ය​,වැඩිහිටි හා ළදරුවන් ප්‍රමුඛ කරගෙන එන්නත් කල යුතු බවයි.අපි ඒ ක්‍රමවේද දැන් සිටම නිර්මාණය කර ගත හොත් අපටත් ජයග්‍රහණය කල හැකි වනු ඇති.ඉවසිල්ලෙන් බලා සිටිමු.එතෙක් ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමු.

  2. Aurora says:

    මේ පරීක්‍ෂණ එන්නත මටවත් මගේ පවුලේ අයටවත් එපා. මම දන්න අයටත් කියන්නේ මේ මාරක අත්හදාබැලීම් අවශ්‍ය නොවන බවයි. මම කොහොමත් බටහිර මාරක වෛද්‍ය ක්‍රමයම ප්‍රතික්‍ෂේප කරනවා. මේ රටේ තියෙන පාලනේ ප්‍රජාතන්ත්‍රවාදීනම්, ආණ්ඩුව ජනතවාදීනම් ජනතාවට බලෙන් බටහිර ගෝතකරුම පටවන්නේ නැතිව තමන් කැමති දේශීය වෙදකමක් කරගන්න නීතිමය අවකාශය සකස්කර දිය යුතුය.

  3. kavirathna says:

    දහස් ගනන් මෑරෙන්න පටන් ගත්තොත් සමූහ මිනී වලවල්වල බූමදාන කරන්න වේ.

  4. Amila says:

    1. Rajapaksha
    2. Rajapaksha
    3. Rajapaksha
    .
    .
    .

  5. Shameera Mahawattage says:

    No one can make a vaccination obligatory. These are the conspiracies of Drug companies, Capitalists and WHO.

Main News