කොරෝනා එන්නත වහා ගෙන්වන්නැයි ජනපති දන්වයි.. බලධාරියා ලලිත් වීරතුංග..

December 23, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා එන්නත වහා ගෙන්වන්නැයි ජනපති දන්වයි.. බලධාරියා ලලිත් වීරතුංග..

කොරෝනා එන්නත මෙරටට ඉක්මනින්ම ඉන්නවා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා පාලන කමිටුවෙ සාමාජිකයන්ට උපදෙස් දී තිබේ.

එන්නට සම්බන්ධයෙන් එම රටවල් හා මෙරට සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා තිබේ.

ගෙන එන ලද එන්නත් මුලින්ම ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාවය හා ප්‍රමුඛතාවය අනුව තෝරා ගැනීමටද එම කමිටුව තීරණය කර ඇත.

වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති ස්ථාන හා පුද්ගල කණ්ඩායම් පිළිබඳ දත්ත රැස්කිරීමට ද එහිදී වැඩිදුරටත් තීරණය කර තිබේ.

26,914 views

34 Comments to “කොරෝනා එන්නත වහා ගෙන්වන්නැයි ජනපති දන්වයි.. බලධාරියා ලලිත් වීරතුංග..”

  1. Venura Dias says:

    දැන් හෙට අනිද්දම තව කතාවක් ෂුවර් එකට හදනවා විපක්ෂයෙන්.
    අර සිල් රෙදි වලින් වගේ ලලිත් වීරතුංග කොරෝනා එන්නතෙන්
    කෝටි ගණනක් යටි මඩි ගහ ගත්තයි කියලා.

    • මැදමුලනෙ මුත්තා says:

      රජයේ සල්ලි වලින් (TRC) ඡන්දෙ කාලෙදි කෝටි 600 ක සිල්රෙදි බෙදපු එක බොරැද? මොවුන් වැරදිකරැවන් කළ මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කළ ගිහාන් කුලතුංග විනිසුරුවරයාගේ තීන්දුව කියවා බලන්න.
      අභියාචනයෙන් නිදහස්ව මාධ්‍ය ඇමතූ ලලිත් වීරතුංග කීවෙි දැන් රජයේ නිළධාරීන්ට කිසිම බියක් නැතිව එවැනි දේවල් කළහැකි බවයි.

  2. එස්.එමි.චන්ද්‍රදාස says:

    කෝ බං, අපිටත් උඩින් යන්න දඟලපු හොරාචාර්ය ⁣බෙහෙත් ඇමති ජයසුමන?
    ඇයි එයාට මෙි වගකීම නොදුන්නෙ?
    රජරට එවුන් නැවත ජයසුමනට රැවටෙන්නෑ.

    • බහුජතික බෙයියං වහල්ලු says:

      ඒක හරි. ඒකා අපිට ඕන බේත් අපේ රටේම හදන්න පටන් ගත්තා. පිට රටට ඒ සල්ලි යන එක නැවැත්තුවා. ඒකෙන් අපිටත් කෙල උනා.😬
      ඒ වගේද හැරිසොන් තුමා ? ලෙඩ හරක් අඩුවට ගෙන්නලා මාටියා ගහපු සල්ලි වලින් අපිට විස්කි අරන් දුන්නා. අපි නම් ආයි රැවටෙයි ජයසුමනයට .
      අපි හැරිසාට හැරිසා අපිට.

  3. පොඩි එකා says:

    ඔව් වොව් ගෙන්නපහ් ඉක්ක්ස්මට.
    මයිංදෙයාට හැදුනොත් බඩු සුවර්.
    ඊට කලිං ගෙන්නපහ් .
    එන්නත හදනකං ඉන්ඩ බෑ
    ගෙන්නපහ්

    • gamaya says:

      පැණි ආතල් කුඩු වී අතිශය දුකට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී රාවණා මේසන් පැණි බයියෙකුගේ විලාපය.

  4. sena says:

    ගරු ජනාධිපතිතුමනි කොරොනා පලමුරැල්ලේදි වාගෙ දෙවෙනි රැල්ලේදිත් ඔබතුමා සමග ඒ කාර්යමණ්ඩලය සිටියානම් අද මේ කොරොනා වසංගතය ශ්‍රිලංකාවෙන් අතුගලා දාලා ඉවරයි
    නමුත් 69 ලක්ෂයම ඔබතුමා සමගයි

  5. vis8 says:

    Well done, Sir!!!!! The people of Sri Lanka thank you!!!!!

Main News