කොරෝනා එන්නත විදීමෙන් පසු ආසාත්මිකතා.. ඇඟලුම් සේවිකාවන් 25 ක් රෝහල්ගත කරයි..

June 25, 2021 at 4:40 pm | lanka C news
කොරෝනා එන්නත විදීමෙන් පසු ආසාත්මිකතා.. ඇඟලුම් සේවිකාවන් 25 ක් රෝහල්ගත කරයි..

කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් සේවිකාවන් පිරිසකට කෝවීඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමෙන් පසුව ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවන් සේවිකාවන් 25 කට ආසන්න පිරිසක් අද (25) උදෑසන කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇති බවට කිලිනොච්චිය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

කිලිනොච්චියේ පිහිටි අදාල ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවිකාවන්ට මෙලෙස කොවීඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමේ කටයුතු සිදුවූ අතර එලෙස එන්නත ලබාගත් සේවිකාවන් පිරිසකගෙන් කොටසකට පමණක් මෙලෙස ආසාත්මිකතාවක් ඇතිව ක්ලාන්ත වීම් සිදුව තිබුණි.

කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරන ලද ඇඟලුම් සේවිකාවන්ගෙන් 20 ක් පමණ දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට මාරු කොට යවා ඇත.

කෙසේ වෙතත් රෝහලගත රන ලද ඇඟලුම් සේවිකාවන්ගේ ආසාත්මිකතාවයට හේතුව කොවීඩ් එන්නත්කරනයමද යන්න පිළිබඳව නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් ඇඟලුම් සේවිකාවන්ගේ අසාද්‍ය තත්වයන් බරපතල නොවන බවටද රෝහල් වෛද්‍යවරුන් වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම කොවීඩ් ප්‍රතිකාර එන්නත් කිරීමේ උතුරු පලාත් වැඩසටහනේ මෙලෙස ආසාත්මිකතාවක් ඇති වූ පළමු අවස්ථාව මෙය බැවින් ඒ පිළිබඳව පරික්ෂණයක්ද සිදුකරන බවට කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35,153 views

5 Comments to “කොරෝනා එන්නත විදීමෙන් පසු ආසාත්මිකතා.. ඇඟලුම් සේවිකාවන් 25 ක් රෝහල්ගත කරයි..”

  1. NuwanJ says:

    මේ දක්වා අසාත්මිකතා ඇති වුනේ ඇගලුම් කම්හල්වල අයට පමනයි ඒ මොකද කියල හොයල බැලීම වටි

  2. Sam Fernando says:

    These are planned sabotages by our neighbours to defame Cinopharm vaccine. Nowhere in the world complications shown after receiving Cinopharm. If it were Astrazeneca serious complications imminent.

  3. කුඹුක්කණ් says:

    හොදට ඉන්න මිනිස්සුන්ට එන්නත් විදිනවා, අසාත්මිකතාවක් ඇතිවෙලා රෝහල් ගත කරනවා
    20 දෙනෙක් එකවර,

    රෝහලගත කරන ලද ඇඟලුම් සේවිකාවන්ගේ ආසාත්මිකතාවයට හේතුව කොවීඩ් එන්නත්කරනයමද යන්න පිළිබඳව නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති ලු…

    අනේ යකෝ , තොපේ මොල කොහෙද තියෙන්නෙ?

  4. sunimal says:

    යුරෝපයේ කෝවීඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමෙන් පසු දින දෙකක් විවේකයෙන් ඉන්න කියනවා අපේ වසලයෝ මේ අයගෙන් වැඩ ගන්නවා කනගාටුයි.

  5. බයිසන් says:

    If one girl start malingering, most of others in the same group will start doing it. It often happens among young females.

Main News