කොරෝනා ඖෂධ කියා විකුණන සියල්ල තහනම් කරන්නැයි කියයි…

May 7, 2021 at 1:20 pm | lanka C news
කොරෝනා ඖෂධ කියා විකුණන සියල්ල තහනම් කරන්නැයි කියයි…

කොරෝනා වෛරසයට ඖෂධ ලෙස හඳුන්වමින් විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් හඳුන්වා දී ඇති ව්‍යාජ නිෂ්පාදන තහනම් කර වෙළඳපොලෙන් ඉවත් කරන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමයේ ප්‍රධාන ලේකම්වරයා විසින් මෙම ඉල්ලීම කර ඇත.

අදාල සම්පූර්ණ ලිපිය මෙසේය.

විශේෂඥ වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා,
සෞඛ්‍ය ලේකම්,
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
කොළඹ 10.
2021. 05. 06

ලේකම් තුමනි,

විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් #කොරෝනා ඖෂධ ලෙස හඳුන්වමින් ව්‍යාජ නිෂ්පාදන තහනම් කර වෙළඳපොළෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම.
සමස්ත ශ්‍රී ලංකාව තුල ජීවත්වන සියළුම ජනතාව ජාතිය ආගම වයස හෝ තරාතිරම පිළිබඳව කිසිදු බේදයක් නොමැතිව අතිවිනාශකාරී ලෙස ව්‍යාප්ත වන #කොරෝනා වෛරස වසංගතයේ බලපෑමට හසුවෙමින් තිබේ. මේ වන විට රෝහල් පද්ධති ධාරිතාවය ඉක්මවා ගොස් ඇත. පහසුකම් වල සීමිත බව හේතුවෙන් #කොවිඩ් ආසාදිත යැයි පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව මගින් තහවුරු කරන ලද රෝගීන් පවා දින ගනනාවක් මුළුල්ලේ නිවෙස් වලම තබා තිබේ. දිනෙන් දිනම රෝගීන් සංඛ්‍යාවත්, මරණ සංඛ්‍යාවත් ඉහල යමින් පවතී. ‌මේ නිසා තමන්ගේ ජීවිතය පිළිබඳව අනියත බියක් සැකයක් මෙන්ම අසරණකමක් මහජනතාව තුල මතුවී තිබීම ස්වභාවිකය.

මෙම කොවිඩ් රෝගය ශ්‍රී ලංකා තුලින් හඳුනාගත් මුල් අවස්ථාවේ සිටම, ලෝකය පුරා විවිධ රටවල ජනතාවට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත තත්වයන් පිළිබඳව දැනුවත්ව සිට ලාංකිකයන්, මේ වෙනුවෙන් ඇති ප්‍රතිකාර පිළිබඳව උත්සුක වෙන්නට පටන් ගත් අතර සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳවද උනන්දු විය. රෝග කාරකය වෛරසයක් වීමත්, එහි වෙනස් වන සුළු ස්භාවයත් ව්‍යාප්ත වන වේගයත්, දෛනිකව සිදුවන මරණ ප්‍රමාණයත් හේතුකර ගෙන එය කෙසේ හෝ නතර කිරීම පිළිබඳව වූ මිනිස් අවශ්‍යතාවයට සරිලන වේගයකින් සාර්ථක ඖෂධයක් නිශ්පාදනය කිරීමෙහිලා ලෝක ප්‍රජාවම අසමත්ව තිබේ. නමුත් රාජ්‍යයන් ගනනාවක් ඉමහත් පරිශ්‍රමයන් දරමින් විද්‍යාත්මක පරීක්ෂණ හා නිරීක්ෂණ මත පදනම්ව කිසියම් මට්ටමකට සාර්ථක එන්නත් ගනනාවක් නිපදවා ඇති නමුත් ඒවාද ප්‍රමාණවත් පරිදි මෙරට ජනතාවට ලබා දීමට මේ දක්වා රජය අසමත්ව තිබේ.

මෙසේ ජනතාව තුල මතුව ඇති බිය සැකය හා අසරණභාවය ද්ඩමීමා කර ගනිමින් අවර ගනයේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් මුදුන් පමුණුවා ගැනීමට පුදිගලයන් හා ආයතන කීපයක් කටයුතු කරමින් තිබේ. ජනතාව තුල පාරම්පරික වෙදකම් පිළිබඳව ඇති විශ්වාසයන්ද භාවිතා කරමින් “පැණි” “ගුලි” “දුම් හට්ටි” ආදී විවිධ ස්වරූපයන්ගෙන් පැමිණි මෙම “නිශ්පාදන” මේ වන විට මහා පරිමානයෙන් ජනතාව මුලා කරමින් “පෙති” “කරල්” වැනි බටහිර ඖෂධීය ස්වරූපයන්ගෙන්ද වෙළද පොලට පැමින තිබේ. කිසිදු විද්‍යාත්මක පදනමක් රහිත මෙකී “නිශ්පාදන” ජනතාවට හඳුන්වා දීමේදී සෞඛ්‍ය ඇමතිවරියගේ සිට විවිධ අමාත්‍යවරුන්, විවිධ මාධ්‍ය ආයතන, මෙන්ම වෛද්‍යවරුන්ද ඔවුන්ට ඇති ජනතා විශ්වාසය අවභාවිතා කර තිබේ.

මීට මාස කීපයකට පෙර ජනතාව පොරකමින් භාවිතා කළ අවසානයේ දී මිත්‍යාවක් බව තහවුරු වූ “ධම්මික පැණිය” ” රිටිගල පැණිය” “තරංගා පැණිය” “හෙළ සුවය දුම්” මෙන්ම මේ දිනවල ‘කරාපිටිය ශික්ෂණ’ රෝහල සහ ‘ශ්‍රී ලාංකික වෛද්‍යවරයා’ යන විශ්වාසය ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් යොදවා ගන්නා “සම්පත් කරල” හෙවත් “MeGha” කරලද එවැනිම අවභාවිතා කිරීම්වලට උදාහරණ වේ.

නමුත් ගැටළුව වන්නේ මෙවැනි ආකාරයේ ජනතාව රවටන, ජනතාවගේ අසරණබව භාවිතා කරන මෙන්ම සමාජයක් විසින් අසීරුවෙන් උපයා ගත් යම් කීර්ති නාමයන් ගිලගන්නා අශිෂ්ඨ ව්‍යාපාරික උවමනාවන් වලට සමාජය ගිල ගැනීමට ඉඩදී බලා සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීන්ගේ නිහඬතාවයි. එබැවින් මේ මොහොතේ ශ්‍රී ලංකාව තුල විවිධ නාමකරණයන් භාවිතා කරමින් , #කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලෙස ප්‍රකාශ කරමින්, සිදුකරන ලෝකයේ කිසිදු රටක භාවිතයට අනුමැතිය නොදුන්, කිසිදු ආකාරයක විද්‍යාත්මක පරීක්ෂණයකට බඳුන් නොකල සිළුම “නිශ්පාදන” තහනම් කරන ලෙසත් එවැනි උත්සාහයන් ගන්නා පුගලයන් ඉතාමත් ඉක්මනින් නීතියේ රැහැනට හසුකර සුදුසු දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමු.
ස්තූතියි.

මෙයට,
වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප්‍රධාන ලේකම්,
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

28,983 views

36 Comments to “කොරෝනා ඖෂධ කියා විකුණන සියල්ල තහනම් කරන්නැයි කියයි…”

  1. ක්‍රිමිනල් says:

    ප්‍රජාතන්ත්‍රවාදී රටක් උනාම කොහොමද අන්‍ය මත, අදහස් තහනම් කරන්නෙ?

    • Sorry Buwa says:

      මේ ජේපී සංගමය. මුන් කොහොමත් අනුන්ගේ මත ඉවසන්නේ නෑ

      • Love nature says:

        වෛද්‍ය ජයන්ත බණ්ඩාර ගේ මේ ඉල්ලීම අපි හෙලා දකිමු දැනට 700 වැඩි රෝගීන් පිරිසක් මියගොස් ඇත්තේ බටහිර වෙදකම් නිසයි හෙළ ඔසුවලින් කිසිදු රෝගියෙක් මිය ගොස් නැත ..කොවිඩ් ආසාදිතයින් වැඩි වී ඇත්තේ බටහිර ප්‍රතිකාර නිසයි …අපේ හෙළ වෛද්‍යවරු නොමිලේ කොරෝනා රෝගීන් සුවකරන බවට ප්‍රකාශ කරයි ,සහතික කරයි …ඇයි ඔවුන්ගේ ප්‍රතිකාර වලට ඉඩ නොදෙන්නේ ? අපේ හෙළ වෙදකම ට ගරහන්න එපා ..පිටරටින් ගෙන එන ඕනෑම කුණු ගොඩක් අගය කරන්න අපේ රටේ සමහරු ඉතා දක්ෂයි ….”කැලේ ගසක් නසන්නේ කැලේ ගසක් කියලා” පැරැන්නෝ කිවේ කට කහනවට නෙමේ

      • gadol says:

        Sri Lankan MBBS doctors act like Fernandopille’s sombies .

    • දේශීය වෙදකමේ විද්‍යත්මක භාවය ගැන කතාකරන්ට් තරම් හැකියාවක් ඇති විද්‍යාර්තයෙක් ලංකාවේ බෙහෙතකටවත් නැත. දොස්තරලා යනු ඖෂධ සමාගම්වල සේල්ස්රෙප් කෙනෙක් පමණි. උන්දන්නා තරමට වඩා වැඩි විද්‍යාත්මක දැනීමක් ගමේගොඩේ ජීවත්වන ගොවියෙකුටත් ඇත. ඔය කියන දේශීය අවුෂද වල ඇති ගුණය අගුණ එවැනි ගොවිමහතෙකු සමග කතාකර ඉතා හොදින් පැහැදිලි කරගත හැක. දොස්තරලා කරන්නේ කොන්තරාතුවක් පමණි.

  2. Hora Gudda says:

    Why are these bloody Sri Lankan MBBS doctors pushing the Govt. to stop and derail our very ancient Sinhala Ayurwedic treatment process. When I was young, until about 10 years old, my parents always gave me and my family members, then very established Sinhala Ayurvedic treatment for all ailments like high Fever, Infections, Injuries to the body, broken hands and limbs, almost for all deceases and we all survived very well and improved and boosted our Immune systems. I think, these Sri Lankan MBBS doctors think they are the kings and queens of Sri Lanka and they must be getting very Good Commissions from the Pharmaceutical companies.

  3. Gotaimbara says:

    Western educated people have no solution and they want to stop finding a solution by others too. The people and the government must now prioritise the Vedamatthayas and their Hela Vedakama.

  4. sana says:

    See Thai government has approved traditional plant based medicine to use in hospitals that do western medicine. Why do we always go against local products. If you say Karapitiya tablet is not helping, please say that based on valid research. Don’t cry as others. You are professionals. Other people have right to make food supplements. Ministry can shout if they have made a single western medical drug discovery in its history. Do those shouting fellows have made such discoveries. Nobody knows. They have only adminstrative arguments, not scientific arguments.

    • OLU says:

      හෙළ වෙදකම විද්‍යානුකූලව පරීක්‍ෂා කරන වට වඩා එය මගින් කොරෝනා සුවකළ හැකි නම් එයට ඉඩ නොදෙන්නේ මන්ද ?බටහිර වෙදකමින් දැනට මැරෙන රෝගීන් ගණන වැඩියි එත් තවම හෙළ වෙදකමින් එක රෝගියෙක් වත් මිය ගොස් නැත ..මෙතරම් හෙළ වෙද කමට ගරහන්නේ මන්ද ?කොවිඩ් මාරයාගේ මරණිය අලුත් ස්වරෑපය ඉතා සීග්රයෙන් නැවතත් හිස ඔසවමින් තිබේ!! මෙතැන් පටන් පැමිනෙන්නේ ඉතාමත් සෝචනීය කාල වකවානුවක් බව ඔබට පවසන්නේ කනාගාටුවෙනි! ඔබටත් මටත් මේ වසංගතය හමුවේ කලහැකි එකම දෙය පුද්ගල ආරක්ෂාව සහ ස්වයං විනයයි! එය රැකගනිමු කොවිඩ් නව වෛරසය හමුවේ පරාජය වී ආදාහනාගාරයක තනිවම හෝ සාමූහිකව හෝ ඉන්දියාවේ මෙන් මහ මගද ඔබටත් මටත් දැවෙන්නට හෝ මැරී ඇදවැටීමට සිදුවීම ඒකාන්තය!! එබැවින් නොපමාව ආරක්ෂිත සෞඛ්‍ය පුරුදු වලට යොමුවන්න!!!හෙළ ඔසු පානය කරන්න …දේශීය වෙදමහතුන්ගේ උපදෙස් පිළිපදින්න ..ඔබ සැමට තෙරුවන් සරණයි ..නිරෝගී සුව ලැබේවා

    • ගිරවා says:

      ඉතා වැදගත්, කොරෝනා මාරයාගෙන් බේරීමට මේ අවස්ථාවේ සිංහල වෙද කමේ පිහිට අවශ්‍යයි ..එය ඉඩ දීම රජයේ වගකීමයි ..රෝගය සිංහල වෙදකමින් සුව වෙනවා නම් එයට ඉඩ නොදෙන්නේ කුමක් නිසාද ? බටහිර දොස්තරලා සැනසිමටද ?

  5. කුඹුක්කණ් says:

    බටහිර වෙදුන්ගේ පදයට නටන පොහොට්ටු ආන්ඩුවට දුන්න චන්දෙ ගැන කනගාටුයි. ඊ ලඟ පාර ඥානසාර හිමිගෙ පක්ෂෙට තමා දෙන්නෙ.

  6. යකෝ, කැස්සට හෙම්බිරිස්සාවට ඉගුරු කොත්තමල්ලි ටිකක්වත් බොන්ට හම්බුවෙන්නේ නෑ මේ කියන විධියට. ගරු ජනාධිපති තුමනි. මේවගේ මෝඩ අපතයන්ට විතරක් විනාඩියකටවත් අහුවෙන්ට එපා. සේරටම ඉස්සර මේ සොයිසලාට, සිල්වලාට, පෙරේරලට පරන්ගින්ගෙන් ආපු නම්ටික මාරුකරගන්ට කියන්ට වෙනවා. මේ වේසිගෙ පුතාලා ලංකාවේ කල්පගණනක් පැවති සහ පවතින සංස්කෘතියට නේ මේ ගරහන්නේ.

Main News