කොරෝනා කියා නවතන්න බෑ.. ශ්‍රී පාද වන්දනා සමය අරඹනවා..- ශ්රීපාදස්ථානාධිපති හිමි
October 30, 2020 at 6:48 pm | lanka C news
ධනය බලය ගේ දොර ඉඩකඩම් වලට වඩා නිරෝගිකම වැදගත් බව පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ,ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.
ශ්‍රි පාදස්ථනාධිපති හිමියන් මේ බැව් කියා සිටියේ 2020-2021 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ ශ්‍රවණාගාරයේ පැවති රැස්විමේදි අනුශාසනාව කරමිනි.
නිරෝධාන රෙගුලාසි වලට අනුකුලව පුද්ගල දුරස්ථභාවය රදා පවත්වා ගනිමින් සිමිත පිරිසක්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්විම පැවැත්විණ.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ වුවද 2020-2021 ශ්‍රි පාද වන්දනා වාරය චාරිත්‍රානුකුලව පවත්වන බවයි.
පුරාණයේ සිට පැමිණෙන සිරිත් විරිත් වලට අනුකුලව උදුවප් පොහෝ දිනයෙන් ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවත් , පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ අවාරයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ දෙසැම්බර් (28) දින මාර්ග තුනක් ඔස්සේ ශ්‍රි පාද උඩ මළුව දක්වා වැඩම කර ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවයි.
පවතින වසංගත තත්ත්වය හමුවේ රටේ පවතින සෞඛ්‍යය නිර්නායක වලට අනුව කටයුතු කරමින් ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වන තෙක් අදාල තේවාවන් කටයුතු සිදු කරන බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
This is all about money.
athmarthakami minissu
He is a disgrace to Buddhism. Earning money is more important to him than saving lives. Shame on this kahakadaya.
He doesnt want to lose His tax free income
එහෙම නැතුව බෑ. බැතිමතුන් පවු
එහෙම නැතුව බෑ. බැතිමතුන් පවු
එක රටක්. එක නීතියක්.
මිනිස්සු මලත් කමක් නෑ මුන් බලන්නෙ සල්ලි හොයාගන්න ගිය සැරෙත් මේ විදියට ම ලෑස්ති උනාට වැඩේ එච්චර සාර්ථකු උනේ නෑ අපිත් බුදු දහම අනුව ජීවත් වෙන අය තමා
දේශපාලන බලය අතට අරගෙන දියවඩන නිලමෙගෙ තාත්තා ලව්වා අහිංසක භික්ෂූන්වහන්සේලාට අඩම්තේට්ටම් කරල ස්ථානාධිපති තනතුරු ගත්ත කෙනෙක්ගෙන් සල්ලි තන්හාව හැර ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?
කිසිම හෙතුවක් නිසා මෙය කරන්න එපා. වන්දනාවේ යන වැඩිහිටියන් ගෙන් භාගක් අනතුරට පත් වෙනවාමයි