කොරෝනා කේන්ද‍්‍රය වැලිසරට.. මහසෙන් කදවුරු අවදානම් රතු කලාපයක් කරයි.. නාවික සෙබළුන් 265කට කොරෝනා..

May 4, 2020 at 11:20 am | lanka C news
කොරෝනා කේන්ද‍්‍රය වැලිසරට.. මහසෙන් කදවුරු අවදානම් රතු කලාපයක් කරයි.. නාවික සෙබළුන් 265කට කොරෝනා..

වැලිසර නවික හමුදා කඳවුරු සංකීරණයේ කොරෝනා වෛරසය පැතිරීම වැඩිපුරම සිදුව ඇත්තේ මහසෙන් කඳවුරු ප්‍රදේශයේ බව නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා සඳහන් කරයි.

එම ප්‍රදේශය අවදානම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන වැඩි අවධානයක් යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

මහසෙන්, ලංකා, තක්ෂිලා, ගැමුණු යන කඳවුරු හතර එම පරිශ‍්‍රයේ පිහිටා ඇති අතර වැඩිපුරම ආසාදිතයන් වාර්තාවී ඇති මහසෙන් කදවුරෙනි.

මෙම කඳවුරු අධීක්ෂණය කිරීම සඳහා කොමදෝරු ප්‍රසන්න හේවගේ මහතා පත් කර තිබේ.

මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන් අතරින් 265 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් වෙයි.

210 views

8 Comments to “කොරෝනා කේන්ද‍්‍රය වැලිසරට.. මහසෙන් කදවුරු අවදානම් රතු කලාපයක් කරයි.. නාවික සෙබළුන් 265කට කොරෝනා..”

  1. චිංචි මානවිකා says:

    🙄 මේ අර දියසෙන් කුමරු ඉන්නෙත් මේ කියන මහසෙන් කඳවුර කිට්ටුවද ? පොඩ්ඩක් හොයල බල්ලන්න. ඕකට කොරෝනා හැදුනොත් 2024 රට බාර ගන්න කෙනෙක් නැතිවෙනවා..එකයි. 😬

    • Chinthana says:

      Name Is Mahasen Only… But Working for Forces… non of them are in relation to Rawanaa….All of them are new generation ,,,

      • Kotiya says:

        She (චිංචි මානවිකා) doesn’t know that and she cannot understand either.

  2. Sarath silva says:

    There should be an investigation whether these soldiers got infected from jaela suduwella people or because of some other reason.

  3. සර says:

    මේ කඳවුරේ අනදෙන්නා සේවයෙන් පහ කල යුතුයි.සුදු වැල්ලේ කුඩ්ඩ‌ෝ නිරෝධායනයට ගෙන යන්න පෙර පිසිආර් වලට සාම්පල් ගත්තා.පහු වෙනිදා පොසිටිව් කියලා ප්‍රතිපල නිකුත් වුනා.එතකොට දැන ගන්න එපාය ඒ සිද්දියට සම්බන්ධ සෙබලුන් නිරෝධනායනය කරන්න.රටේ දැන් මාසයක් තිස්සේ ගිරව් වගේ දැනුවත් කරලා තියෙන දේ මේ අනුවන අණ දෙන නිළදාරියා නොකලේ ඇයි?ඔහු වගකිව යුතුයි.

  4. Ravana Parapura says:

    බයවෙන්න ඕනේ නැහැ දැන් ලෝකේ මේ ලෙඩේට බටහිර බෙහෙත් නැති උනාට අපේ හෙළ වෙදකම මේවාට පිළිතුරු දේවි ජය ශ්‍රී අපේ හෙළ බිමට

  5. ලොලිපොප් මොංගල් says:

    කොහෙන් කොහොම බෝ වුනත් සිද්ද වුනේ රටේ, ජනතාවගේ ආරක්ෂාවට කටයුතු කරන්න ගිහිල්ලා, නැතුව කුඩු ගහන්න, වෙන වල්කමකට ගිහිල්ලා වෙන්න බෑ.

  6. Augustine, Bopitiya, Ja-ela says:

    Ahinsaka navika sebalunta corona haduna. E madiwata eyalage pawulwala ayatai eyalage gamwala ayatai bo una. Aniwaryenma me kuddanta wiruddhawa neethiya kriyathmaka karanna waga bala ganna. Eya rajaye wagakeemak. Katawath bana bana indala wadak naha.

Main News