කොරෝනා ගැන අනාවැකි කියන්න තාම කල් වැඩියි.. පනවා ඇති තහංචි ඉවත් නොකල යුතුයි..

April 16, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා ගැන අනාවැකි කියන්න තාම කල් වැඩියි.. පනවා ඇති තහංචි ඉවත් නොකල යුතුයි..

නව කොරෝනා වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති තහංචි ඉවත් කිරීමට සහ ලිහිල් කිරීමට රජය හදිසි නොවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා සඳහන් කළේය.

තහංචි ඉවත් කිරීම සඳහා රටට ඇති හැකියාව පිළිබඳව පූර්ව අනාවැකි පළකිරීමට මේ මොහොත කල් වැඩි බවද හෙතෙම කියා සිටියේය.

එසේම මෙම වසංගතය ලෝක මට්ටමින් යම් පාලනයකට ලක්වෙන මොහොතක රටට පුද්ගලයන් ඇතුළු වන වරාය හා ගුවන් තොටුපළ විවෘත කිරීමේදී සැලකිලිමත් විය යුතු බවත් එහිදී රටට ඇතුළු වන සියලූම පුද්ගලයන් අනිවාර්යෙන්ම පරීක්ෂණවලට හා නිරෝධායන ක‍්‍රියාවලියකට ඇතුළත් කළ යුතු බවත් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා කීවේය.

අලූ‍ත් අවුරුදු සමයේ මෙම වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අති බහුතරයක් ජනතාව නොමඳ සහයක් ලබාදී ඇති බවත් ඒ පිළිබඳව ජනතාවට ස්තුතිය පුද කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– divaina

306 views

67 Comments to “කොරෝනා ගැන අනාවැකි කියන්න තාම කල් වැඩියි.. පනවා ඇති තහංචි ඉවත් නොකල යුතුයි..”

  1. ABN says:

    කෝ බන් උබලගේ ප්‍රස්තාර දැන්?

  2. Samantha says:

    mun hadanne mokak hari hama welema adamaaneta kiyala thiyala , passe weredunaama eke wasiya ganna, kisima wedak kare nehe. hari giyama un kiwa de kala nisa, werdunama un kiwa de ahuwe nethi nisa… jaraaama jathiyak

  3. Nimal says:

    මෙතන කුලියට කොටන ගොන් හැත්ත හිතාගෙන ඉන්නේ GMOAඇ එක කියන්නේ පාදෙනියයි හරිතයි නවීනුයි කියලා. අනේ බූරුවනේ, GMOA එක තමයි ලංකාවේ තියෙන ලොකුම වෛද්‍ය වෘත්තීය සමිතිය ඒකේ සාමාජිකයෝ 16000ක් විතර ඉන්නවා. උඹලා ඔය කියන හැම විදියෙම විශේෂඥයෝ ඒ සමිතියේ ඉන්නවා. ඉතින් මේ අය මාධ්‍ය ප්‍රකාශන විදියට ඉදිරිපත් කරන්නේ ඒ විශේෂඥයන්ගේ පොදු මතය තමයි. ඔය ඊයේ පෙරේදා නින්දෙන් ඇහැ ඇරිලා වගේ පොර ටෝක් දෙන්න පටන් ගත්තු නමට විශේෂඥයෝ වගේ නෙවෙයි ඒ මිනිස්සු තමයි මුල ඉඳලාම ඒ ගැන කතා කලේ.

  4. Dicky says:

    Haritha, do what you know. Don’t become jokers by talking about unknown matter.
    No one in this country has asked your opinion about corona virus.

    • Dicky says:

      But I know for sure what GMOA is telling is completely true. But I can’t make wimale angry by telling truth and become deprived of all my financial benefits. I have my orders.

  5. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කොහොමටත් බස්නාහිර පළාත ඇතුළු අවධානම් කලාපවල ඇඳිරි නීතිය හිතන තරම් ඉක්මනින් ඉවත් නොකරාවි. හැමදාම මෙහෙම තියෙන්න බැ රටක් උනාම. ඒ නිසා තමයි අවධානම් නොවෙන දිස්ත්‍රික්ක වල නිෂ්පාදන ක්‍රියාවලියන් සංවර්ධන ක්‍රියාවලින් ආරම්භ කරන්න යන්නේ.. ඒ කියලා මීටරේ දුරේ සීමාව, මුහුණු ආවරණ පැලැඳීම නැති වන්නේ නෑ.. රෝගයට ලක්වීමේ අවධානම අමතක නොකරම සෙසු ප්‍රදේශවල් සාමාන්‍ය කටයුතු ක්‍රම ක්‍රමයෙන් ආරම්භ කරන්න ඕනෑ. ඒ වාගේම නාවික , ගුවන් කටයුතුත් දැඩි පරීක්ෂාකාරී ක්‍රමවේදයක් යටතේ හෙමි හෙමින් පටන් ගත යුතුයි.

  6. Gihan says:

    Thoo gedarata wela wadak bala ganin MUSALAYO

    • Gihan says:

      Habai ithin mMa mehema kiwwata GMOA eka kiyanne aththa kiyala mamath dannawa. Eth ithin salli gaththa nam mata e gollanta wiruddawa comment daannama wenawa ne.

Main News