කොරෝනා ගැන ලොව එකම නඩුව ලංකාවෙන්… ඒද බැසිල්ට විරුද්දවයි…

May 31, 2021 at 10:00 am | lanka C news
කොරෝනා ගැන ලොව එකම නඩුව ලංකාවෙන්… ඒද බැසිල්ට විරුද්දවයි…

ආණ්ඩු පක්‍ෂයේ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායම විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

මේ වන විට ලොව පුරා රටවල් 195ක ජනතාව කොරෝනා වසංගත අභියෝගයට මුහුණ දෙමින් සිටියි.සමස්ථ ආසාදිතයින් ගණන ලක්ෂ 1800කට වැඩි ය.මේ දක්වා ලොව පුරා සිදු වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3510000කට වැඩි අතර මේ මොහොතේදීත් එය අවසන්ව නැත.

රටවල් 195ක කොරෝනා ව්‍යාප්ත වන විට කොරෝනා පිළිබඳ එකම නඩුව ශ්‍රි ලංකාවෙන් ගොනුකර ඇත.ඒ බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිදුවන සමස්ථ කොරෝනා මරණ වලට වගකිව යුතු බවට චෝදනා කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසිනි.

උන්වහන්සේගේ දේශපාලන පදනම සමස්ථ ‍රටම හදුනන අතර මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකදීත් පහත් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දැරීම ඉතාම නින්දිත ක්‍රියාවකි.ලෝකයේ රටවල් 195 අතරින් මළකදන් මතින් දේශපාලනය කරන එකම රට ශ්‍රි ලංකාව බව උන්වහන්සේ උදෘත කර ලෝකයට ප්‍රදර්ශනය කර ඇත.

මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක අහිංසක දුප්පත් ජනතාව පවා තම ජාතික වගකීම අවබෝධ කරගෙන පාට පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන මොහොතක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

ව්‍යාසනකාරී අභියෝගය ජයගෙන වැදගත් දේශපාලනයක යෙදෙමු.

පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම
ආණ්ඩු පක්ෂය

75,738 views

38 Comments to “කොරෝනා ගැන ලොව එකම නඩුව ලංකාවෙන්… ඒද බැසිල්ට විරුද්දවයි…”

  1. සිසිල් සුදේශ් says:

    ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කියන්නෙ රාජපක්ෂ කියන නම ඇහුනත් සාදුකාර දෙන ගොබ්බ වහල්ලු පිරිසක්. බැසිල් විතරක් නෙවෙයි, තව බොහොම දෙනකුට නඩු දාන්න වටිනවා.

    • Ceylon says:

      aniwaryen okun tamai Corona wadi kare. Masa 3 k rata wahala minisu kapa kirim karala duk vinda. anduwe gobayo ukrain Filegthla nirodanaya kara hotel ekaka dagena etanin leack wela Brandix Pokura wahua aye rata wahana una. aye gobba basila Ukrain karayo genala Bubble hadala eka tamai me tama yane. munge ola mottala wada hinda tamai mehema rata wahana une. munta hama tisema one eka dagana. mokak hari haduwath lokuma eka tamai hadana one . ekata management wala kiyanawa you should help to make bigger cake .then your piece also big

  2. ඇත්ත යථාර්ය says:

    සාසනයටත් නින්දා කරන භික්ෂුවක්, පහත් දේශපාලන අරමුණක ඉත්තෙක්, මෝඩ තකතීරු පිස්සු භික්ෂු රෑකඩයක්.

    • බැරි කැසිල් says:

      yes I am proud of your comment mate, I am still in US but you guys carry on my legend (not my money ok)

Main News