කොරෝනා ගෙදරට පැමිණ අවසන්.. මියයන අයට කොරෝනා යයි හෙලිවන්නේ මරණ පරීක්‍ෂණයේදී.. ලංකාව බැරෑරුම් තැනකට..

November 5, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා ගෙදරට පැමිණ අවසන්.. මියයන අයට කොරෝනා යයි හෙලිවන්නේ මරණ පරීක්‍ෂණයේදී.. ලංකාව බැරෑරුම් තැනකට..

දෙවැනි කොරෝනා වටයේදී මියයන ඇතැමුන් කොරෝනා ආසාදිතයින් යයි දැනගන්නේ මරණයෙන් පසු ව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්වය ඉතා බරපතල තත්වයක් යයි එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව කොරෝනා නිවස කරා පැමිණ ඇති බවත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉතාම බැරෑරුම් තැනක අද ලංකාව සිටින බවත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු විය යුතු බව ඔහු කියා සිටියේය.

අද වන විට නිවාස ආශ්‍රිතව නිරෝධායනට ලක් කර ඇති හැට දහසක පමණ පිරිසක් සිටින බවත් ඔවුනගේ නිරෝධායන කාලය ඉදිරි දින කිහිපය තුළ අවසන් වන බව පැවසූ ඔහු එම පුද්ගලයන් සඳහා කොරෝනා පරීක්ෂාව සිදු කිරීමට අවශ්‍ය PCR කට්ටල ඇති දැයි ගැටළුවක් ඇතැයි ද කියා සිටියේය.

PCR පරීක්ෂණයක් නොකර සමාජයට මුදා හැරීමට නොහැකි තත්වයක් මතුව ඇතැයි පැවසූ ඔහු දින දාහතරෙන් පසුව ඇතැමුන් කොරෝනා ආසාදිත තත්ත්වය පෙන්වන බවද සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

47,624 views

14 Comments to “කොරෝනා ගෙදරට පැමිණ අවසන්.. මියයන අයට කොරෝනා යයි හෙලිවන්නේ මරණ පරීක්‍ෂණයේදී.. ලංකාව බැරෑරුම් තැනකට..”

  1. සියලු රෝගීන් එලියට මතුවෙන තුරු මෙම මර්මස්ථාන වලට දැමු ඇදිරිනීතිය මෙලෙස මාසයක් සම්පුර්ණ වනතෙක්
    පවත්වාගෙන ගොස් නැවත සීමා ඇර වැඩහල් පවත්වාගෙන ගොස් නැවත මතුවෙන කල සීමා ගෙන එමකට යාහැකියි.

  2. Felix says:

    Meeka Thama Sampurna Eththa…. Oya Damana Anith News Coverage Okkoma Plasters… Nikamma Galary Eka Pinwanna… Dawasa Ganane Hamu Wana Ledun Thulin Grade Five Lamayakutath Kiyanna Pulwan Oba Thumala Daran Mathaya…

  3. B. Anthony says:

    හරිනේ. මේ කරන්නෙ දියුණුම වෛද්‍ය ක්‍රමයක් තියෙන ඇමරිකාණු ක්‍රමයට. මැරෙන එකා මැරියන්. බේරෙන එකා බේරියන් ඇමරිකාණු ක්‍රමය. ඇයි උන්ගෙ රාජ්‍ය ලේකම් ආවේ නිකංද?. මෙහෙම ගිහිල්ලා මැරිලා මැරිලා ජනගහනය අඩු උනාම එම් සී සී වරායවල් ඉඩම් නෙවෙයි ඉතුරුවෙන අපේ දරුපැටවුනුත් උන්ට විකිණුවාට අහන්න එවුන් නැහැ. එතකොට උන් සමෘද්ධිමත්ඉන්ඇමචීන්ලංකාව බිහිකරගනියි.

Main News