කොරෝනා, ඩෙංගු, මිඋණ ගැන වීදි නාට්‍ය පෙන්වයි..

June 7, 2020 at 2:02 am | lanka C news
කොරෝනා, ඩෙංගු, මිඋණ ගැන වීදි නාට්‍ය පෙන්වයි..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම පිලිබදව ,ඩෙංගු උවදුර සහ මිඋණ පිලිබදව විදි නාට්‍යයක් මගින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිටදි සිදු කෙරිණ.

අඹගමුව සෞඛ්‍යය නිලධාරි කාර්යයාලය , ගිනිගත්හේන පොලිසිය සහ අඹගමුව ප්‍රාදේශිය සභාව එක්ව මෙම විදි නාට්‍යයක් මගින් ජනතාව දැනුවත් කිරිමට පියවර ගෙන තිබුණි.

ගම්පොල ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් කොවිඩ් 19 වෛසරය , ඩෙංගු උවදුර සහ මි උණ පිලිබදව නිර්මාණය කරන ලද විදි නාට්‍යය මලාවකුයි මෙසේ රග දක්වනු ලැබුවේ.

විදි නාට්‍යය නැරඹිමට ගිනිගත්හේන ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගි වි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

76 views

One Comment to “කොරෝනා, ඩෙංගු, මිඋණ ගැන වීදි නාට්‍ය පෙන්වයි..”

  1. HA Gunarathna says:

    Please strictly prohibit deisposing waster water to public cannels. IAs per rule waste water has to be routed toilet pit.

Main News