කොරෝනා ඩෙල්ටා පැතිරීම වලක්වන්න සෞඛ්‍ය ඇමතිනිය සෞඛ්‍ය බලධාරීන්ට දුන් උපදෙස් මෙන්න..

June 18, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා ඩෙල්ටා පැතිරීම වලක්වන්න සෞඛ්‍ය ඇමතිනිය සෞඛ්‍ය බලධාරීන්ට දුන් උපදෙස් මෙන්න..

ඉන්දියාවේ වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයින් කිහිප දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් වෛරසය පිටතට පැතිරීම වැළැක්වීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙන ලදී.

අද දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති කොවිඩ් 19 මර්දනය සඳහා වු ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේ දී මෙම නව වෛරස ප්‍රභේදය පැතිර යාමේ ගැටළුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

ඒ අනුව,

එම ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත්,
ආසාදිතයින් සමඟ සම්බන්ධතා පැවැත් වු අයවළුන් පිළිබඳව හඹාගොස් පරීක්ෂා කිරීමටත්,
දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වු පරීක්ෂන සිදු කිරීමට කටයුතු යොදන ලෙසටත්,

තීරණය කරන ලදී.

මෙම පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය සියළුම භෞතික සහ මානව සම්පත් කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කර න ලෙසට සෞඛ්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

– විරාජ් අබේසිංහ

33,397 views

3 Comments to “කොරෝනා ඩෙල්ටා පැතිරීම වලක්වන්න සෞඛ්‍ය ඇමතිනිය සෞඛ්‍ය බලධාරීන්ට දුන් උපදෙස් මෙන්න..”

  1. Jerome says:

    සෞඛ්‍ය ඇමති කියලා කෙනෙක් ඉන්නවා එහෙනම්? අන්න අරහෙ සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්දයක්නැති දෙශපාලකයන් කොරොනා මර්දන වැඩපිලිවෙලට ඇගිලිගහනවා.

  2. කොක්ටේල් වැක්සින් බයියා says:

    එතකොට දැන් මෙතුමිය නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිනී ද ? නෑ මම නිකන් ඇහැව්වේ පහු ගිය දොහේ අර රතුපාට ශෝල් එකක් දාගෙන මේ පුටුවේ වෙන කෙනෙක් හිටපු නිසා.

  3. ගොනාට අo says:

    ලපයගේ උදව්වත් අරගෙන ලoකාවම ආවරණය වෙන විධියට “කොරෝනා ඩෙල්ටා හෙලා දකිමු” කියල පෝස්ටර් පාරක් ගැහුවනම් වැඩේ ගොඩ. ඊලගට රාජිතගේ උපදෙස් අරගෙන රට පුරා බෝඩ් සවිකරන්නත් පුලුවන් “කොරොනා-ඩෙල්ටාට මරනය” කියල.