කොරෝනා තත්වයකට සූදානම්..

October 27, 2020 at 10:13 pm | lanka C news
කොරෝනා තත්වයකට සූදානම්..

කොරෝනා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යුතු කළ විට එළිදැක්වීම සඳහා ප්‍රවාහන ප්‍රතිපත්තියක් කෙටුම් පත් කරමින් සිටින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

එම ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කළ විට බස්රථ තුළ මඟින් ප්‍රවාහනය කළ යුත්තේ මීටරයක පරතරයක් ඇතිව නිසා බස් රථවල ආදායම විශාල ලෙස පහත වැටෙන බව පැවසූ ඔහු කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය තුළින් ඊට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද පැවසීය.

කොරෝනා තත්වය ප්‍රකාශයට පත් කළ විට බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුවන බව පැවසූ ඔහු කොරෝනා තත්ත්වය ඉවත් කළ පසු සාමාන්‍ය ප්‍රවාහන ගාස්තු ක්‍රමය බලපාන බවද පැවසීය.

කොරෝනා ප‍්‍රවාහන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ යම් ප්‍රදේශයක කොරෝනා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ විට බවද බස් ගාස්තු අදාල වන්නේ එම ප්‍රදේශයට පමණක් යයිද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරනු ලද්දේ මහනුවර දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

37,989 views

13 Comments to “කොරෝනා තත්වයකට සූදානම්..”

  1. Kalana says:

    බම්බු ගහපියව්.

  2. Dubba says:

    බස් ගාස්තු වැඩි කරලා ගෙවන්න තියා මිනිස්සු ඉන්නේ උලා කන්නවත් සල්ලි නැතිව.
    වෙන රටවල් වල බස් සර්විස් වලට වෙනම මුදලක් ආණ්ඩුවෙන් ගෙවනවා.

  3. Eranda says:

    Pissuda ubata ban. Minissunta pissu hadila enne.

  4. mali says:

    all he countries bus services bear this loss.It should be same to srilankan private bus people as well.Government should stop giving relief to bus gamunu while all the people suffer enormous losses.

  5. dev says:

    godak hondai
    ona ma ayata witarak yanna denna. aduwen yawanna . gastu aniwaryayen double karanna

  6. nuwan says:

    යකෝ රජයක් තියෙන්නේ ජනතාවගෙන් යැපෙන්න නෙමෙයි . ජනතාව රකින්න . 225 ම සියළු අතිරේක වියදම් සියළු අමාත්‍යංශ අතිරේක වියදම් පාර්ලිමේන්තු රැස්වීම් කපහැරිම මගින් මාසෙකට කොටි 30,000 ඉතිරි කළ හැකියි.

  7. 1m distance is compeletly wrong decision and International people maintain 2m minimum. So what is the point talking about 1m ?

  8. දිනේෂ් ගයාන් ඩුබායි says:

    වල් වපුරල මුන් නෙලන්න බෑ කියල කතාවක් තියෙනව .ලන්කාවෙ චන්දදායකයාට ඒක හොදටම අදාලයි.මේ ඔබ පහර කනුයේ ඔබම සාදා දුන් කෙවිටෙනි.එන්ජෝයි.

    • surasena says:

      dinesh la ithin dubai wala idan ohoma kiwwata rate inna api ne danne yahapalaneda hoda me palaneda kiyala