කොරෝනා තවත් ඉහලට..

July 19, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා තවත් ඉහලට..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත රෝගීන් 07 දෙනකු අලුතෙන් හදුනාගෙන තිබේ.

කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් 06 දෙනෙකු හා පිලිපිනයේ සිට පැමිණ නිරෝධායනයට යොමු කර තිබූ පුද්ගලයෙක් එසේ ආසාදිත යයි හදුනාගෙන ඇත.

මෙම කාලයෙන් පසුව විදේශයන්හි සිට පැමිණි 04 දෙනෙකුද කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් 04 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් ලෙස හෙලිව ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 2715 දක්වා ඉහල ගොස් ඇත.

එම කාලය තුලදී පුර්ණ වශයෙන් සුවය ලද 12 දෙනෙකු රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඒ අනුව දැනටරෝහල්ගත කර සිටින ප‍්‍රමාණය රෝගීන් 658කි.

වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කරයි.

215 views

3 Comments to “කොරෝනා තවත් ඉහලට..”

  1. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  2. Shantha says:

    ලොකුම ප්‍රශ්නේ විදේශ වල ඉඳලා එන අය. ලංකාවට නැත්තටම නැති වෙනකම් කොරෝනා අරන් එනවා. කාට කියන්නද මේක. මෙහෙ ඉන්න මිනිස්සු දුක් විඳින්න මැරෙන්න ඕනි මුන් කොරෝනා අරන් ආවහම…

    • මාතර සාරුවා සුනිල් says:

      විදේශ වල ඉඳලා එන්නේ සත්තු නෙමේ අපේ ම මිනිස්සු. ඒකවත් තේරුම් ගන්න බැරි තරම් තොට උගත් කමක් නැති වහල් බයියෙක් උනා කියල අපි පලි නැහැ. බැරි වෙලා හරි තොගේ මහා එකාට කොරෝනා හැදුනොත් ගෑනිගෙ pcr එක කර ගනින්.