කොරෝනා තවත් ඉහල නගී.. නව පොකුරක් නිර්මාණය වීමේ අවදානමක්..

August 10, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී.. නව පොකුරක් නිර්මාණය වීමේ අවදානමක්..

තවත් කොරෝනා ආසාදිතයන් 03 වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඔවුන් ද සමඟ මෙරට කරා ආසාදිතයන් ප්‍රමාණය 2844 දක්වා ඉහළ යයි.

හඳුනාගත් නව ආසාදිතයන් තිදෙනාගෙන් දෙදෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයන් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝදායනයේ සිටි පුද්ගලයෙකි.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ මගහැරුණු කොරෝනා ආසාදිතයකු ඕනෑම අවස්ථාවක සිටිය හැකි බවත් ඔහුගෙන් නව පොකුරක් නිර්මාණය වීමේ ඉඩක් අවදානමක් පහව ගොස් නැති බවත් ය.

ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

1,558 views
Main News