මෙරට 12 වන කොරෝනා මරණය වාර්තා වෙයි.. ආසාදිතයන් කොරෝනා තවත් ඉහල නගී… නිරෝධායන මධ්‍යස්ථානවල 7000 ඉක්මවා යයි..

August 23, 2020 at 7:15 am | lanka C news
මෙරට 12 වන කොරෝනා මරණය වාර්තා වෙයි.. ආසාදිතයන් කොරෝනා තවත් ඉහල නගී… නිරෝධායන මධ්‍යස්ථානවල 7000 ඉක්මවා යයි..

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයකු මෙරට දී මරණයට පත් වී ඇත. එය මෙරටින් වාර්තා වන 12 වන මරණයයි.

ඇය ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සිටි කාන්තාවකි.

47 හැවිරිදි මෙම කාන්තාව කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත.

පිළිකා රෝගියෙකු වන ඇය හදවත් රෝග ලක්‍ෂණද පෙන්වා තිබින.

මේ අතර ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු හමු වී තිබේ.

ඔවුන් සියළු දෙනා විදේශයන්ගෙන් පැමිණ මෙරට නිරෝධායනයට යොමු කර සිටි අයයි.

ඔවුන්ද සමගින් මෙරට කොරෝනා අසාදිත ප‍්‍රමාණය 2947 දක්වා ඉහල ගොස් ඇත.

දැනට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පිරිස 138කි.

මේ අතර හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පවසන්නේ දැනට මෙරට නිරෝධායන මධ්‍යස්තානවල 7000 ඉක්මවූ පිරිසක් රදවාගෙන සිටින බවයි.

59,927 views

6 Comments to “මෙරට 12 වන කොරෝනා මරණය වාර්තා වෙයි.. ආසාදිතයන් කොරෝනා තවත් ඉහල නගී… නිරෝධායන මධ්‍යස්ථානවල 7000 ඉක්මවා යයි..”

  1. මහනුවර අක්‍රම් says:

    සජ්ජයි ජෙප්පොයි පාටි දායිද අද?

    • sirimewan says:

      හොදට දගලපු, ගොන් අතල් දීපු කෙහෙල් ගෙඩි සුජී, අජිත් දැන් ගෙදර, අපරාදේ හරින්වත්, කිරිඅල්ලවත් මිනිස්සු ගෙදර යවනවා.. අනිවා ජාතික ලැයිස්තුවෙන් නොසිටින්න. එනිසා පරිස්සමෙන්.

      • John the baptice says:

        උතුර හොරෙන් පැමිණෙන ඉන්දියන් කල්ලතොනින් ගැන සැලකිලි මත් වන්න ..ඉන්දියානු ජාතිකයින්ට free visa දීම නතර කල යුතුයි
        හොරෙන් ඩිවර (මාළු) බෝට්ටු වලින් පැමිණෙන දෙමල ජාතිකයින් ගැන අවධානය යොමු කල යුතුයි

    • ක්‍රිමිනල් says:

      එක ලෙඩෙක් මැරිල මදි, අඩුම ගානෙ දවසකට දහයක්වත්වත් මැරුණනම් දුරකථනයේ උන්ට රජ මගුල්.

  2. Ranjan says:

    Mehe okkoma ඔවුන් සියළු දෙනා විදේශයන්ගෙන් පැමිණ මෙරට නිරෝධායනයට යොමු කර සිටි අයයි. සජ්ජයි ජෙප්පොයි Saddha nethiwa indiyi.

    • Exජෙප්පා says:

      ජෙප්පො කියයි එම රෝගීන්ට ගවමුත්‍රා පොවන්ඩ කියල.

Main News