කොරෝනා තවත් ඉහල නගී..

July 17, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 13 දෙනකු අලුතින් හඳුනා ගෙන ඇත.

ඉන් 08 දෙනකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන්ය.

සෙසු සියලු දෙනාම විදේශයන්ගෙන් පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර සිටි අයයි.

එම කාලයේදී සුවපත් වී ගිය ආසාදිතයන් ප‍්‍රමාණය 05කි.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 2687 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් එම තොරතුරු තහවුරු කරයි.

332 views
Main News