කොරෝනා තවත් ඉහල නගී…

July 27, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා තවත් ඉහල නගී…

අද පෙරවරු10.00 අවසන් වූ පැය 24 තුල තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන්ගෙන් 08 දෙනෙකු කන්දකාඩු හා සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානවග ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ය.

ඉතිරි හතර දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයන් ය.

මෙම පිරිස සමඟ මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 2782 දක්වා ඉහළ යයි.

එම කාලයේදී පුද්ගලයන් 15 දෙනෙකු ආසාදනයෙන් පූර්ණ ලෙස සුව වී රෝහලෙන් බැහැරව ගොස් ඇත.

668 views
Main News