කොරෝනා තවත් ඉහල නගී.. 43ක් අලුතෙන් හදුනාගනී..

September 2, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී.. 43ක් අලුතෙන් හදුනාගනී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදි තවත් කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු හඳුනා ගෙන ඇත.

ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණීමෙන් පසු නිරෝධය සඳහා යොමු කරන ලද පුද්ගලයන් වේ.

ඔවුන් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ‍රමාණය 3092 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.

17,217 views

3 Comments to “කොරෝනා තවත් ඉහල නගී.. 43ක් අලුතෙන් හදුනාගනී..”

  1. kamal says:

    සිංහලකම හා කැප්පෙටිපොල විරුවා
    මට හොද සිංහලකමක් තියෙනවා එය ලැබුනේ මට වඩා ඉංග්‍රිසි දැනුමෙන් අඩු අම්මාගෙන්. නමුත් මගේ අය්යට සහ නංගිට මට වඩා ඉංග්‍රිසි දැනුම තියෙනවා කියා මම හිතනවා. නමුත් ඒ මනුස්‍යත්වය මට එන්නෙ නැත්තෙ කපටි වැඩ කරන ඉංග්‍රිසි අය හින්දා නෙවෙයි කලු සුද්දො හින්දා. මම තව දින 86කින් එනම් දෙසම්බර් 12 වෙනිදා. මගේ මිත්‍රයන්ට ත්‍යාගයක් දෙනවා. එය තමයි සිංහලෙන් බිල් සමික්ෂක ප්‍රමාණය හෙවත් BOQ හෙවත් SLS 573 නැතිනම් SMM7 සිංහලෙන් ප්‍රවර්ධනය කර SLS 0072 හදනවා. මෙයට සියලු අයගේ සහයෝගය ලැබේ කියා හිතනවා. විසේෂයෙන් රියාල් අද්මිරාල් විරසේකර උදය ගම්මන්පිල කපටි නැති නමුත් කුට විමල් විරවංශ කුට නැති චන්න ජයසුමන කපටි නැති ඉන්ද්‍රඛිලයක් සේ සිටින පාඨලි හා සියලු දෙනාගේම ගෞරවය හිමි මගේ පියෙක් වන කුමාරතුංග මුනිදාසගේ මුණුපුරු ගෙවිදු කුමාරතුංගේ හා කපටි නැති චන්න ජයසුමන සේ දක්ෂ නාමල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටිමි.

  2. වයි දිස් කොලවෙරි says:

    ජෙප්පන්ට සන්තෝශ වෙන්න පුලුවන්

  3. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News