කොරෝනා තවත් ඉහල නගී..

September 5, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 04 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් 3115 දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වූ ආසාදිතයන් හතර දෙනාම විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්ය.

5,561 views

2 Comments to “කොරෝනා තවත් ඉහල නගී..”

  1. කවීශ ලක්මාල් says:

    මේ ආණ්ඩුවට අපි කොච්චර කීවද කොරෝනා ඉවර වෙනකම් ගුවන්තොටුපළ වහන්න කියලා. රට ඉඳලා එන්නෙ ලංකාවේ මිනිස්සු තමා. ඒත් මේ වෙලාවෙ කරන්න දෙයක් නෑ. මේක වසංගතයක් නිසා. ලංකාවේ ඉස්කෝල ඇරලා, රට සාමාන්‍ය විදියට යන්නෙ. බැරි වෙලාව්ත් ගුවන්තොටුපලෙ කෙනෙක්ගෙන් හරි, නිරෝධනය කඳවුරක කෙනෙක්ට බෝ වෙලා ලෙඩේ එලියට පැන්නොත් රටම ඉවරයි. ඉන්දියාවේ වගේ මිනී කඳු ගොඩ ගැහේවි.. පිටරටකදි ලෙඩේ හදාගත්තා ට මෙහෙ ඉන්න මිනිස්සු පලි නෑ.. අනික මේ රට ඉන්න උන් හිතාගෙන ඉන්නෙ උන්ට ලෙඩේ තිබුනත් නැතත් ලංකාවට ගේන්න ඕනි කියලා. එතකොට මෙහෙ මිනිස්සු මැරුනම උන් වගකියනවද?.. වන්දි දෙනවද… ඒ රටවල කන්න නෑ බොන්න නෑ කියන එකට මෙහෙ මිනිස්සු පලි නෑ.. ඒ රටවල් නීතියෙන් බැඳිලා ඉන්නෙ ඒවා සපයන්න.

    කරුනාකරලා ගුගුවන්තොටුපළ වහන්න. කිසිම කෙනෙක් ලංකාවට ගේන්න එපා. මේක හිසරදයක් . මුලු ලංකාවේ ම මිනිස්සු කියන්නෙ රට ඉන්න අය ගේන්න එපා කියලා. සුලු පිරිසක් නිසා රටක් ම අමාරුවෙ දාන්න එපා .. රටට ආදරේ අය මේ වෙලාවෙ එන්නෙ නෑ..

  2. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි