කොරෝනා තවත් ඉහල නගී..

September 13, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 26 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් ද සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 3195 දක්වා ඉහළ යයි.

හඳුනාගත් නව ආසදිතයන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමුව සිටි අයයි.

9,887 views

5 Comments to “කොරෝනා තවත් ඉහල නගී..”

  1. Rata Wenuwen says:

    සති දෙක තුනක් විදේශයෙන් ගෙන්වීම නතරකර බලන්න. progress
    එක කොහෝමද කියලා

  2. කවීශ ලක්මාල් says:

    මාර්තු මාසේ රට ඉන්න උන් කොරෝනා අරන් ඇවිත් රටම වැහුවා මාස 3ක්.. දැන් ආයෙ ගෙන්නවනවා.. ඉන්න රටක ඉන්න දෙන්නකෝ මෙහෙට ගෙනත් මේ රටම වස්සන්නෙ නැතුව.. උන් රට ඉඳලා අයිතිවාසිකම් ගැන කතා කර කර අඳෝනා දිදී FB එකේ වැලලෙනවා.. හැබැයි ලංකාව ඇවිත් මෙහෙ ඉන්න මිනිස්සු මැරෙන කොට ඔය එකෙක් වග කියාවිද. නෑ… උන්ට ලංකාව එන්න අයිතිය තිබුනට මේ වෙලාවෙ එන්න දෙන්න එපා. ගුවන් තොටුපොළ වහලා දාන්න.. කාවවත් ගන්න එප රට ඇතුලට.

    රට ගියානම් මේක වසංගතයක් කියලා තේරුම් අරන් ගිය රටක ඉන්න ඕනි.. මෙහෙට ආවොත් මෙහෙ අයට බෝ වෙලා මැරෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න ඕනි. ඒ මොකුත්ම නෑ ගාල කඩාගත්ත හරක් ටික වගේ මෙහෙට ඉන්න හදන්නෙ හැමෝම කොරෝනා අරන්. ආණ්ඩුව වෙලාවට එයාෆෝට් වහලා මුන්ව ගත්තෙ නැත්තේ… එයාෆෝට් ඇරියා නම් ඉන්ඳියාවට වුන දේට එහා ලංකාවට වෙන්නෙ… මුන් සේරම එනවා ලංකාව කන්න නෑ බොන්න නෑ කියාගෙන. ගෙන්න ගන්න එපා එකෙක් ලංකාවට.

    • බතලහිලපල්ලා says:

      කවී ශ,

      ඔය මිනිස්සු ඔයාලා ගේ ගෙදරට සල්ලි ewwe නැති උනාට, ඒ කාලේ රට ට ඒ්වපු සල්ලි වලින් අපි ඔක්කොම මොනවා හරි සහනයක් අත්වින්දා.
      ඒක හින්දා ඔය කතාව අසාධාරණ යි කියලා යි මට හිතෙන්නේ. එහෙ රස්සා නැතුව කන්න නැතුව අසරණ උනාම අපි අපේ මිනිස්සු න් ව බලා ගන්නේ නැත්නම් කවුද බලා ගන්නේ.

      මොන පක්ෂේ උනත්, ජනාධිපති තුමා උතුම් මිනිහෙක් ඒ ගැන හිතලා පරිස්සමෙන් ඒ මිනිස්සුන්ට උදව් කරන ඒක මේ වෙලාවේ.

      ලෝකෙන් උතුම් රට ලංකාව වෙන්නේ එහෙම කරන නිසා තමයි!

    • ත්‍රීවීල් says:

      ගොං කවීශ, මේ මිනිස්සු නිසා තමයි උඹල ඔය ස්මාට් ෆෝන් තියාගෙන පොර ටෝක් දෙන්නෙ,
      නැත්නම් ලංකාවට කිසි දෙයක් ආනයනය කරන්න විදේශ මුදල් නැහැ.

      ඒ මිනිස්සු හම්බකරලා එවන ඩොලර් නිසා තමයි රට කරවන්නෙ

Main News