තත්වය ඉතාම නරකයි.. ලංකාවට ඉතා දරුණු සීමාවන් යලි පනවන්න වෙයි..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

September 20, 2020 at 9:20 am | lanka C news
තත්වය ඉතාම නරකයි.. ලංකාවට ඉතා දරුණු සීමාවන් යලි පනවන්න වෙයි..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

මෙරට තුළ කොරෝනා වෛරසයක් නොතිබූ ආකාරයට ජනතාව කටයුතු කිරීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ වන විටත් හෝටල් ගණනාවක පුද්ගලයන් නිරෝධායනට ලක් වෙමින් ඇති බවත් එම හෝටල්වලට සේවකයන්ට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ ජනතාව කොරෝනා මාර්ගෝපදේශ අනුව කටයුතු නොකළහොත් ඉතා නුදුරේදීම ශ්‍රී ලංකාවට ඉතා දරුණු අන්දමේ සීමා පැනවීමට සිදුවුණු ඇති බවයි.

එවන් පීඩනයට ලක් නොවී සිටීමට ජනතාව අත්‍යවශ්‍යයෙන්ම සෞඛ්‍ය මාර්ගඋපදේශ පිළිපැදිය යුතු ම බවද ඔහු කියා සිටියේය.

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වී තිබේ.

ඔවුන් දෙදෙනාම විදේශයන්හි සිට පැමිණ මෙරටදී නිරෝධායනයට යොමුකර සිටි අයයි.

ඔවුන්ද සමගම මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 3283 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් මෙන්ම තොරතුරු තහවුරු කරයි.

176,577 views

20 Comments to “තත්වය ඉතාම නරකයි.. ලංකාවට ඉතා දරුණු සීමාවන් යලි පනවන්න වෙයි..- වසංගත රෝග අංශ ප‍්‍රධානී”

  1. Saradiel says:

    රටට එන අයට ගුවන් තොටුපොලෙන් කොරෝනා නීති වලට එකග වෙනබවට අත්සන් ලබා ගන්න.

    එවිට දඩ මුදලට මේ අය බය වී මේ දේවල් නොකරාවි

    • sira says:

      ටිකට් එකට 4500 ක් දීල අතේ සතේ නැතුව එන්නේ තව දඩ මුදල් දෙන්න,තමුසේගේ බප්පද දෙන්නේ

      • Ranjith says:

        දඩ නෙමෙයි එල්ලන්න වටින්නේ නීතිය කඩ කරන එවුන්. කොහේ ඉඳන් ආවත් අපේ රටට එන්න දෙනවා සමහර රටවල් සම්පුර්ණ යෙන් වහලා තියෙන වෙලාවක. එකෙක් ගොන් වැඩක් කරලා වයිරසය සමාජයට ගියොත් මුළු රටම අනතුරේ. ගොන් කතා නොකියා ඉඳින්.

  2. sira says:

    ටිකට් එකට 4500 ක් දීල අතේ සතේ නැතුව එන්නේ තව දඩ මුදල් දෙන්න,තමුසේගේ බප්පද දෙන්නේ

  3. Buddhadasa says:

    Yes, the situation is serious , but the government is hell bent on allowing permission for 60+ Bora people to come to Sri Lanka from Covid-19 ridden India!!!!

  4. abu Bakar says:

    Don’t say lies. Gotabaya sir will protect us.

  5. Sirimal says:

    Meke kyanne ena aya gana newey
    Mehe inna aya ganay
    Godak denekta mataka naha
    Trip yanawa
    Mask naha
    Distance naha