කොරෝනා තාක්ෂණික කමිටුව හදිසියේ කැදවයි.. අවදානම් 03 අදියරට තීරණ ගනී…

May 11, 2021 at 4:40 pm | lanka C news
කොරෝනා තාක්ෂණික කමිටුව හදිසියේ කැදවයි.. අවදානම් 03 අදියරට තීරණ ගනී…

ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානම් තුන්වන මට්ටමට මුහුණ දීම සදහා දැනට භාවිතා වන ක්‍රමවේද විමසා බැලීමට සහ අලුතින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්ෂණික කමිටුව හදිසියේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්විය.

කොවිඩ් 19 තුන්වන අවදානම් මට්ටම තුළ පැතිරීමේ වේගය, PCR සක්‍යතාව, නිරෝධායනය,  රෝහල් ගත කිරීම, ප්‍රතිකාර කිරීම, ඔක්සිජන් මට්ටම, මරණ අනුපාතය පිළිබද අවධානය යොමුකරමින් ඒ පිළිබදව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය. ඒ අනුව භාවිතා කෙරෙන ක්‍රමවේද පිළිබදව නැවත විමසා බැලීමකට ලක්කළ අතර දැනට භාවිතා කෙරෙන නිරෝධායන ක්‍රමවේදය නැවත විමසීමකට ලක්කරන ලදි. පවතින අවධානම් තත්වය මත මීට පෙර සංශෝධනය කරන ලද නිරෝධායන ක්‍රමවේදය වෙනුවට මුලින් ක්‍රියාත්මක කල මාර්ගෝපදේශ නැවත ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවිය.

කොවිඩ් පාලනය සිදුකරන සමස්ථ ක්‍රියාවලිය විධිමත්ව නිරීක්ෂණය කෙරෙන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම (Monitoring Mechanism) කෙරෙහි අවධානය යොමුවූ අතර ඒ සදහා වෛද්‍ය උපාධිධාරින්ගේ සේවය ලබාගැනීමට සාකච්ඡා විය. ඒ සදහාම දුරකතන මෙහෙයුම් පද්ධතියක් (Telephone Monitoring System) සකස් කිරීමේ අවශ්‍යතාවය සාකච්ඡා විය. මේ හරහා නිරන්තරයෙන් ජනතාවට දැනගැනීමට අවශ්‍ය කරුණු, උපදෙස් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.

කොවිඩ් 19 තුන්වන අවදානම් තත්වය හමුවේ ඇතිවන ඔක්සිජන් අවශ්‍යතාවය පිළිබද පුරෝකතනයක් සිදුකිරීමටද මෙහිදී අවධානය යොමුවිය. දැනට වාර්තාවන ආසාදිතයින්ගෙන් 25%-28% ප්‍රමාණයක් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් වන අතර එයින් 17%ක පමණ ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවය ඇතිවන බවට නිරීක්ෂණය වී ඇත. එයින් 4%-5%ක පමණ ප්‍රමාණයක් හදිසි ප්‍රතිකාර (ICU) සදහා යොමු කිරීමට සිදුවන බව හදුනාගෙන ඇත.

මෙහිදී PCR සිදුකිරීම පිළිබදව අවධානය යොමුවූ අතර එහි සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමුවිය. ඒ සදහා පරික්ෂණ උපායමාර්ගික ක්‍රමවේදයක් (Testing Strategy) සකස් කිරීම කෙරෙහි අවධානය යොමුවිය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කර සිටියේ රෝහල් සදහා රෝගීන් ඇතුලත් කිරීමේ නිසි ක්‍රමවේදයක් (Admission Criteria) සකස් කිරීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවයි. එමෙන්ම ඔවුන් මාරුකර යැවීම (Transferring Criteria) මෙන්ම රෝහලෙන් නිදහස් කිරීම (Discharge Criteria) පිළිබදවද විධිමත් ක්‍රමවේදයක් සකස් කල යුතු බවයි.

දැඩි සංචරණ සීමා පැනවීමකදී හෝ සම්පූර්ණ හුදෙකලා කිරීමකට ලක්වූ විට ක්‍රියාකල යුතු ආකාරය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය උපදේශ මාලාවක් (Public Health Guidelines) නිකුත් කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමුවිය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා IDH රෝහලේ කායික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්වරු ඇතුලු වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සහභාගී විය.

තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්

78,922 views

9 Comments to “කොරෝනා තාක්ෂණික කමිටුව හදිසියේ කැදවයි.. අවදානම් 03 අදියරට තීරණ ගනී…”

  1. Ravana parapura says:

    පාරම්පරික හෙළ වෙදුන් සමග කතා කර මෙයට හොද විසදුමක් ගත හැකිය. ඒ අයටත් අවස්ථාවක් ලබාදෙන්න. බටහිර වෙදකම ඉතිහාසය වසර 300යි. හෙළ වෙදකම ඉතිහාසය වසර 5000යි

    • නිලන්ත says:

      කව්ද මය කියන පාරම්පරික හෙළ වෙදුන්? හොර වෙදුන් ප්‍රමෝට් කරන මෙම වසලයින්ගේ කොමෙන්ට් දාන්න එපා. ඇමරිකා ඉතිහාසය වසර 300යි. අපේ රාවණා සිට ඉතිහාසය වසර 5000යි. ලංකාපුර රාවණා හෙළ හෝ සිංහල නොවේ. අද වෙන් කොට කව්ද දියුණු කව්ද නොදියුණු? කොන්ඩදෙණියෙ හුමුදුරුවන්ගේ හෙළ වෙදකමේ පුස්කොල පොත් ටික මගේ ළඟ තිබිලත් මං ඔය වගේ බොරුවට කෑ ගහන්නේ නෑ. ඒ බෙහෙත්වලට මිනිසුන් නොමරුණත් නිවැරදිව පරීක්ෂණ නොකර කොරෝනා වලට දෙන්න බෑ. එකල දෙයියන්ගේ ලෙඩ කියා තියෙන්නෙ දැන් වෛරස් රෝගවලට. දින 07ක් ප්‍රවේශම් වී තනි කාමරයකට වී ජීවිතය රැක ගත්තොත් ස්වභාවික (දෙවියන්ගේ) ප්‍රතිශක්තියෙන් ලෙඩේ හොඳ වෙනවා. බෝවීම වළකිනවා.

      • කුඹුක්කණ් says:

        හොරාට ප්‍රභාකරන් ලගෙ , සුමන්තිරන් ලගේ චින්තනය නේද පුතේ මෙතන අලවන්නෙ

        රාවණා සිංහල න්වෙයි ලු, එහෙනං දෙමලද?

        රාවණා දෙමල කරගන්න තමා කොටියා දැගලුවෙ, එතකොට උන්ගේ fake නිජබිම සංකල්පයට වටිනාකමක් ලැබෙනවා

    • ආයුර්වේදයේ ලොක්කෙක් මාධ්‍යයට ප්‍රකාශ කළා, රෝග ලක්ෂණ නැති සහ යංතම් රෝග ලක්ෂණ ඇති අයට ප්‍රතිකාර කිරීමට ඒ අයට හැකියි. දරුණු රෝග ලක්ෂණ ඇති අය සහ දැඩි සත්කාර අවශ්‍ය අයට දීමට ප්‍රතිකාර ඒ අය සතුව නැති බව. මේක තමයි ඇත්ත කතාව. කය වෙහෙසූ, වස විස නැති කෑම කෑ, පිරිසිදු වතුර පානය කළ, පිරිසිදු වාතය ආශ්වාස කළ අපේ පැරැන්නන්ට ඔය වෙදකම් පත්තියම් උනාට, කෙටි කෑම, වසවිස කකා බිබී, ඇග සොලවා ඩහදිය කදුලක් නොහෙලන, වාහනේක ගමන් බිමන් යන අපේ හුගක් අයට ඔය බෙහෙත් අල්ලන්නෙ නෑ.. කතාව හෙලෙන්.. වැඩ කෑල්ල ඉංගිරීසි පන්නෙට. එතකොට ඉතිං හරි යන්නෙත් ඉංගිරීසි ප්‍රතිකාර තමා..

  2. Neela says:

    මැලේසියාවෙ මැයි 10 දින කෙරෝනා රෝගීන් 3080 ක් හා මරණ 17 ක් වෙද්දි තුන් වෙනි වතාවටත් මැයි 10 සිට ජූනි 10 වෙනකල් රට වැසුවේ ජනතාව හා ආර්ථිකය යන දෙකම රැක ගන්න. ලංකාවේ රෝගීන් 2624ක් හා මරණ 26 ක් වෙලත් පළාත් අතර සංචරණ සීමා දැමීමත් මැයි 11-30 ට සීමා කරලා මහදැනමුත්තා (?) වගේ මුට්ටියත් එලුවත් ( ජනතාව හා ආර්ථිකය) දෙකම නැති කර ගන්න හදන්නේ.

  3. දේශාභිමානී දේශ හිතෛශියා says:

    ඔය පුල්ලෙ ගෑනිටයි අසේල කාරයටයි ඕක කරන්න බෑ..වැඩ බැරි ගොන් හැත්ත ගෙදර යවලා අනිල් ජාසිංහ මහත්තයයි පවිත්‍රා ඇමතියි සම්පූර්ණ බලතල දීල තනතුරු වල පිහිටුවන්න…එහෙම නොකලොත් මේ රට විනාසම වෙයි…ට්රම් ගෙදර ගියා වගේ ගෝඨාභය මහත්තයාටයි පොහොට්ටුවටයි අවුරැදු පහෙන් ගෙදර යන්න වෙයි මේ නිසා..ඒ විපක්ෂය නිවැරැදි නිසා නොවෙයි..කොවිඩ් වලකන්න සහ මිනිස් ජීවිත බේර ගන්න අපොහොසත් වීම නිසය..ඒ නිසා නොපමාව ඉහත තීරණය ක්රියාත්මක කරන්න බලධාරීන්ගේ අවධානය යොමු වේවා..

  4. Felix says:

    Den Balan Yanakota Den Thamai Okkoma Krama Weeda, Salasum Karanne? Warahan Athule English Walin Liyala Thiyana, Action Gatha Uyhu Dewal….. Den Thamai Hithanne… Wihulu Needa?

  5. කුඹුක්කණ් says:

    ඔය මෝඩ කමිටුව රැස් වෙලා මගුල් කතා කරන්න නැතුව ඇත්ත කතාකරපල්ලා

    කොරෝනා හැදුනාම බටහිර වෛද්ය ක්‍රමයේ බෙහෙත් නෑ
    වලක්වන්න එන්නත් තියෙනවා සම්පූර්ණ ගැරැන්ටියක් නෑ
    වෙනත් ප්‍රභේදයක් ආවම කොහොමත් හැදෙනවා

    බටහිර ඇලොපතියන්ට බෑ
    ඒක නිසා රටවහන්න කියලා කෑ ගහන්නෙ නැතුව

    ඇලොපති උද්දච්ච යන් හෙවත් බටහිර ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලාට බැරි නිසා උන්ටම ඒකාධිකාරෙ දෙන්නෙ නැතුව
    පුලුවන් කියන ආයුර්වේද දේශීය වෛද්යවරුන්ට ප්‍රතිකාර කරන්න ඉඩ ලබා දෙන්න

    කමිටු රැස්වෙලා කාලෙ කන්නෙ නැතුව පුලුවන් නං ඔය තීරණය ගනිල්ලා

Main News