කොරෝනා තිබියදී සභාවට පැමිණි මන්ත‍්‍රී රෝහලට.. ආශ‍්‍රිත මන්ත‍්‍රීන් නිරෝධායනයට..

February 10, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා තිබියදී සභාවට පැමිණි මන්ත‍්‍රී රෝහලට.. ආශ‍්‍රිත මන්ත‍්‍රීන් නිරෝධායනයට..

කොරෝනා වෛරසය ආසාදන වී තිබියදී මාසික සභා වාරයට පැමිණි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා මන්ත්‍රීවරයෙකු ප‍්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබේ.

ඔහු සමග සමීපව සිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එම අවස්ථාවේම ස්වයං නිරෝධයට ලක් කර ඇත.

කෝට්ටේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාද මේ බව තහවුරු කළේය.

අදාළ මන්ත්‍රීවරයා පසුගිය දිනෙක පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී සිදුකර ඇති පරීක්ෂණවල දී කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

14,474 views
Main News