කොරෝනා තුට්ටුවකට නොතකා මහ පිරිස් පෝලිම්වල තෙරපෙති..

October 9, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තුට්ටුවකට නොතකා මහ පිරිස් පෝලිම්වල තෙරපෙති..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍යය අංශ සහ ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව දික්ඔය මුලික රෝහලේ (08) දින පැවැත්වෙන සායන කටයුතු සදහා විශාල වතු කම්කරුවන් පුද්ගල දුරස්ථභාවය නොපවත්වාගෙන දිගු පෝලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය සෞඛ්‍යය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍යය උපදෙස් පිලිපදමින් සායන කටයුතු වලට පැමිණෙන රෝගින් පරික්ෂා කලද සායන කටයුතු සදහා පැමිණ සිටින රෝගින් සෞඛ්‍යය උපදෙස් වලට අනුව පුද්ගල දුරස්ථභාවට පවත්වාගෙන සායන කටයුතු කරගෙන යාමට රෝහල් පරිපාලනය කටයුතු කර නොමැති බවයි සායනයට පැමිණි රෝගින් කියා සිටින්නේ.

හැටන්,දික්ඔය,නොර්වුඩ්,බගවන්තලාව,මස්කෙලිය,සාමිමලේ යන ප්‍රදේශවල පදිංචි වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසින් උදැසන 8.30 සිට පැවැත්වෙන සායන කටයුතු සදහා පැමිණ මෙසේ පෝලිම් වල රැදි සිටියි.

දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු සදහා පැමිණෙන රෝගින් අතර කොවිඩ් 19 වෛසරය අසාධනය වු රෝගියෙකු සිටිය හොත් එම රෝගය සායනයට සහභාගි විමට පැමිණි රෝගින් මගින් වතුකරය පුරා පැතිර යාමේ අවධානමක්ද පවතින බව ප්‍රදේශවාසින්ද කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අප දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කර ගැනිමට උත්සහ කලද එය ව්‍යාප්ත විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

41,429 views

3 Comments to “කොරෝනා තුට්ටුවකට නොතකා මහ පිරිස් පෝලිම්වල තෙරපෙති..”

  1. ක්‍රිමිනල් says:

    ඇට නව ලක්ශයක පට්ට පල් බූරුවො ඉන්න රටක මේ වගේ දේවල් අතිශය සාමාන්‍යයයි. බදුර්දීන් ලත් දැන් දේශප්‍රේමීයො වෙච්ච එකේ මෙව්වා මොනාද ආයිබොවන්ඩ !

  2. On The Spot says:

    මේ අහිංසක මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ.සෞඛ්‍ය බලධාරීන් ප්‍රමාණවත් පහසුකම් සැපයිය යුතුයි.ජංගම සායන මධ්‍යස්ථාන ගම් මට්ටමින් ක්‍රියාත්මක කලා නම් මිනිස්සු තෙරපිලා බෙහෙත් ගන්න එන්නෙ නැහැ.තියෙන්නෙ එක තැනක් නම් සියල්ල එතැනට එක් රොක් වීම සාමාන්‍ය දෙයක්.සියලු දෙනාම එන්නෙ ප්‍රථිකාර ගන්න විනා නිකරුනේ කාලය ගත කරන්න නොවෙයි.සෞඛ්‍ය බලධාරිනි,මේ ගැන අවධානය යොමු කරනු මැනවි.

  3. kaluwa says:

    colombo national hospital eketh ehema thama. athule doctorslanam 1m durin innawa. eliye patiantla eka pokurata innawa.

Main News