කොරෝනා දැනෙන තරමට ඉහල යයි.. ප‍්‍රදේශ වශයෙන් වහන්න සූදානම්..

November 9, 2021 at 10:00 am | lanka C news
කොරෝනා දැනෙන තරමට ඉහල යයි.. ප‍්‍රදේශ වශයෙන් වහන්න සූදානම්..

රටපුරා කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය රෝහල් පද්ධතියට දැනෙන ආකාරයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

මෙම ආසාදිතයන් වැඩිවීම සියයට 5ත් 7ත් අතර බවද පැවසූ ඒ මහතා මෙම තත්ත්වය ඉතා සීඝ්‍රයෙන් විශාල වැඩිවීමක් දක්වා තල්ලු විය හැකි බවද කියා සිටියේය.

පසුගිය සති අන්ත නිවාඩු සහ නිවාඩු දිනවල ජනතාව කටයුතු කළ ආකාරය මත මෙම අහිතකර ප්‍රතිඵල ලැබී ඇති බවත් මෙහි නියම ප්‍රතිඵල දැක බලා ගැනීමට තව සතියක් දෙකක් ගත වනු ඇති බවත් ඔහු තවදුරටත් පවසයි.

රට විවෘත කළේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාමට මිස විනෝද සවාරි යාමට නොවන බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්නැයි ඉතා උවමනාවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොකළහොත් කොරෝනා ව්‍යාප්තිය ඉහල ගොස් අධ්‍යාපනය හා ආර්ථික ඇතුළු සියලු ක්‍ෂෙත‍්‍ර කඩා වැටිය හැකි බවත් හෙතෙම කියා සිටියි.

වෛරස ව්‍යාප්තිය තත්වය අනුව ඉදිරියේ දී ඒ ඒ ප්‍රදේශ හෝ අංශය පමණක් වසා දැමීමට සිදු වනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

53,526 views

8 Comments to “කොරෝනා දැනෙන තරමට ඉහල යයි.. ප‍්‍රදේශ වශයෙන් වහන්න සූදානම්..”

  1. Felix says:

    Dr. Anwer Andani, people have to live their normal lives. You need strongly advise the authorities to check/follow people adhere to the health rules. What is the issue if a family goes on a trip, in a private vehicle, stays in a hotel, wears masks throughout the period, and maintains social distances? And also, the members above 18 years are fully vaccinated. Common, give positive and constructive suggestions instead of repeating the same solong as a parrot.

  2. Norata Eka says:

    ඇයි කවුරුත් ගහපු එන්නතේ පලදායී කම ගැන කතා නොකරන්නේ…
    මිනිස්සු ගෙවල් වලට කොටු කරල තියල නම් වසංගතය පාලනය කරන්නෙ , එන්නත් ගැහුවෙ මොකටද…
    එන්නත් , දෙවියො වගේ අදහනව, වචනයක් කියන්නෙ නෑ ඊට විරුද්ධව …😪

    • කුඹුක්කණ් says:

      එන්නත නැමති ස්වාමියාට , නකුට වනන බල්ලන් ගේ තත්වයට වැටුනු බටහිර ඇලොපතියන් මෝඩ උද්දච්චයන්ට දැන් තමන්ගේ නියම තත්වය වටහා ගත හැක.
      ඔවුන් බටහිර ව්‍යාපාර වලින් ලබා දෙන දේ මිනිසුන්ට අනුමත කරන අලෙවි නියෝජිතයෝ ටිකක් පමණි.
      එන්නතින් නිරපරාදෙ පිටරට ට ඇදී ගිය ඩොලර් ප්‍රමාණය සහ එහි අතුරු ආබාධ වලින් මිය ගිය , අංශභාග වූ සහ වෙනත් ආබාධ වූ පිරිසට වන්දි ලබා දිය යුතුමය.

      එයට බටහිර ඇලොපතියන්ට පඩි , වරප්‍රසාද ගෙවීම සඳහා වෙන් කල මුදල් භාවිතා කරනු.
      සේල්ස් රෙප් ලාට ජනතා මුදල් වලින් පඩි ගෙවිය යුතු නැත.

  3. කුඹුක්කණ් says:

    වැක්සීන් එක ගහලා මොකක්ද තොපිලා කලේ, සල්ලි නාස්ති කලා විතරයි, රටේ බටහිර උගතුන් සියල්ල මේ මුදල් විනාශයට වගකිව යුතුයි.

    • KehelKoratuweEka says:

      vaccine එක නැත්තන් උබත් අද එලෝ පොල් ගනිනවා. ප්‍රාතිහාර්ය, අමුතු, පැණි, ගුලි වගේ මිත්‍යා වල එල්බිගෙන ඉන්න උන් ඒකත් magic එකක් කියල හිතන් ඉන්නේ, අර කොන්ඩම් එක දැම්මම ඒඩ්ස් හැදෙන්නේ නෑ හිතපු උඩු රාවන වගේ…

      • Norata Eka says:

        මෝඩයෝ , එතකොට එලෝ පොල් ගනින උන්ද මෙතන කොමෙන්ට් කරන්නේ.. මන්දබුද්ධික කතා කියන්න එපා…අපි එන්නත් නැතුව තමයි මෝඩයෝ තාමත් කරදරයක් නැතුව පාඩුවෙ සනීපෙන් ඉන්නෙ..

    • Norata Eka says:

      තියන අන්තිම ඩොලර් එකට හින්දල එන්නත් ගැහුව, ඒත් තාමත් වසංගතය පාලනය කරන්න හදන්නෙ සංචරණ සීමා සහ සෞඛ්‍ය පුරුදු පාවිච්චි කරල, එකෙන් එන්නත ගැන කට අරින්නෙ නෑ ..මොකද්ද මේ මල විකාරෙ..
      හැමදාම රට වහන්න කතාව… මොන බම්බුවටද එහෙනම් රටේ සල්ලි කාබාසිනියා කලේ…

  4. Ravana parapura says:

    බටහිර එන්නත දැන් සැපද?

Main News