කොරෝනා දින 03න් නසන ඔසුව ලංකාවෙන් සොයා ගනී.. බටහිර දොස්තරලා 04ක් සාක්‍ෂියි.. IDH රෝහලේදී දීලා සනීපයි.. [Video]

April 6, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා දින 03න් නසන ඔසුව ලංකාවෙන් සොයා ගනී.. බටහිර දොස්තරලා 04ක් සාක්‍ෂියි.. IDH රෝහලේදී දීලා සනීපයි.. [Video]

මුලු ලෝකය ම ගිලගනිමින් සිටින මාරාන්තික කොරෝනා වෛරස් තත්ත්වය ඉතා පහසුවෙන් මර්ධනය කළ හැකි දේශීය ඖෂධයක් තමන් සතුව ඇති බව මෙරට ප්‍රධාන රෝහල් 4ක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු හා තවත් බටහිර වෛද්‍යවරුන් 3 දෙනකු පවසයි.

දේශීය ඖෂධ භාවිතාවෙන් සෑදූ දුම් හට්ටියක් හා ඔෂධීය කැඳක් මොවුන් මේ විස්මිත ඖෂධ ලෙස දක්වයි.

විශේෂඥ වෛද්‍ය කුමුදු දහානායක, වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම, මාතර මහරෝහලේ වෛද්‍ය මාලින් බටගොඩ හා ගම්පහ මහරෝහලේ පෝෂණවේදී වෛද්‍ය සූජීවා යන වෛද්‍යවරුන් තමන් මෙම දුම් හට්ටිය හා කැඳ භාවිතා කර ප්‍රතිපල අත් විඳි බවද කියයි.

ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම පවසා සිටියේ දින කීපයකට පෙර තමන්ටද වෛරස් ලක්ෂණ පහල වූ බවත් එහිදී තමන් මෙම ඖෂධ ප්‍රතිකාර කිරීම තුළින් දින 3ක් ඇතුළත නිට්ටාවට සුවය ලැබූ බවත්ය.

දිවයිනේ වාර්තා වූ පළමු කොරෝනා රෝගියා එතරම් ඉක්මනින් සුවය ලැබූවේත් මෙම ඖෂධ භාවිතා කිරීමෙන් බව මෙහිදී විශේෂඥ වෛද්‍ය කුමුදු දහානායක පවසා සිටියේය. මේ වනවිට අයි ඩී එච් රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම රෝහල් කාර්ය මණ්ඩලය මෙම ඖෂධ පරිහරනය කරන බවත් ඔවුන් බියකින් සැකයකින් තොරව සිටින්නේ ඒ නිසා බව තමන්ට පෞද්ගලිකව කී බවත් විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී තවදුරටත් පැවැසීය.

මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා රෝගිය ඉක්මනින් සුවය ලැබුවා පමණක් නොව ඔහුගේ නිවසේ සිටින කිසිදු සාමාජිකයකුට මෙම වෛරසය ආසාදනය නොවුනේ තමන් මෙම ඖෂධ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ලබා දුන් නිසා බව කී වෛද්‍ය දහානායක, අදාල රෝගියාගේ බිරිය ඒ පිළිබඳ ස්තූතිය ඵල කරමින් ලිපියක් එවා ඇති බවද කීය.

මේ වන විටත් දකුණු කොරියානු රජය කොරෝනා ආසාදිතයින්ට මෙම දේශීය ඖෂධය සුදුසු බව නිගමනය කර ඇති අතර ඉදිරියේදී දකුණු කොරියාවත් සමග මේ පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත් වීමට බලා පොරොත්තු වන බවත් මෙම ඖෂධයට දකුණු කොරියාවෙන් බෙහෝ ඇනවුම් ඇති බවත් හෙතෙම කීය.

පළමු කොරෝනා ආසාදිතයාගේ බිරිය ස්තූති කර එවු ලිපිය පහතින් දැක්වෙයි

– aruna

96,288 views

87 Comments to “කොරෝනා දින 03න් නසන ඔසුව ලංකාවෙන් සොයා ගනී.. බටහිර දොස්තරලා 04ක් සාක්‍ෂියි.. IDH රෝහලේදී දීලා සනීපයි.. [Video]”

  1. Wow great. Sri Lankans can save their good life.

  2. Ranil says:

    Mage yaluwek hitiya Pubudu kiyala. Eyata thyroid prashnayak thibune. Doctor deepu behet atarala eya helasuwaya behet gatta. Awrudu 30 wayasa. Eya maruna. Me kandayama minimarum chodanawata arrest karana one.

    • kkuruwita says:

      ඇයි එතකොට මහ ඉස්පිරිතාලෙ ක්ලිනික් වලින් බෙහෙත් ගන්න මිනිස්සු මැරෙන්නෙ නැද්ද? නිකං මෝඩ තර්ක දාන්න එපා. කොයි වෛද්‍ය ක්‍රමයෙනුත් ලෙඩ්ඩු මැරෙනවා වාගේම ජීවත් කරවනවා.

      • Ranil says:

        මෙතන ප්‍රශ්නේ පුබුදුට තිබුන අසනීපෙට බෙහෙත් තියෙන එකයි. ඒ අසනීපෙ තිබෙන ඕන තරම් රෝගීන් බෙහෙත් අරගෙන හොදට ජීවත් වෙනවා. මේ ගෑනි පුබුදුව මරා ගත්තා.

      • U.N.J.V.P says:

        මොන පිස්සුද?

        ඔය ස්පිරිතාලවල මෝචරි තියෙන්නෙ දොස්තරලගෙ නර්ස්ලගෙ ගෙවල්වලට අරන්යන මාළු දාන්නනෙ.

  3. New Allah says:

    IMPORTANT NOTICE

    The flowing Gods all died due to.CORONA Virus in.Heavens.

    Jehovah ALIAS Jesus, Allah and his Top Gun.Mohamed, Shiva, Iswara, Vishnu, Gana or Elephant head, Hanuman ALIAS Monkey face, 12Head ALIAS Iskandha, 33Billion other Gods in including Sathara warm who guards the four corners of the Flat, square Earth.

    There for praying has become obsolete.
    No benefits by PRAYING. Suggested cure is Burn Holy Books of Gods, mix 1part ash with 10 parts water and drink.

  4. සමන් says:

    දේශිය වෙදකම ආයුර්වේදයටයටකළ යුතු නැත. ආයුර්වේදය බටහිර වෙදකමට යටකළ යුතු නැත.

  5. බිල්ල says:

    මල කෙලියක් වෙන්න යන්නේ. බටහිර වෙදකම ඇර වෙන විධියකින්, වෙන ප්‍රතිකර්මෙකින් කොරෝනා හොඳ වුනොත් අපි ඉවරයි. අපිව නඩත්තු කරණ, බටහිර ඖෂධ සමාගම් වලට මොනවද කියන්නේ, ඒවායේ සේල්ස් රෙප්ලා වන අපේ ජොබ් එකට කෙලවන්නයි යන්නේ. ඒ නිසා අපි අපිම හරි හෙලවෙදකමට එරෙහිව ගේමට බහිමු. කටුවැල්බටු, කොත්තමල්ලි, ඉඟුරු, පත්පාඩගම්, වෙනිවැල්ගැට වලට එරෙහිව, ඒවා වස කියල ඔප්පුකරන්න, දෙහිකොල හුමාලේ අතිශයින් හානිකරයි කියා මොන විධියට හරි ප්‍රචාරය කරලා අපේ කොන්ත්‍රාත්තුව ඉටු කරමු. රටට කෙලවුනාට හෝ මිනිස්සු මැරුනට අපට මොකෝ, අපි ගොඩ ගිහින්.

  6. Anuradha says:

    හෙළ තාක්ෂනය සහ හෙළ වෙදකම බටහිරට වඩා ඉතා ඉහල මට්ටකමක පැවති ආකාරය ගැන නුතන පර්යේෂකයන් පවා පුදුමටය පත් වන යුගයකි මේ. බටහිර වෙදකමෙන් හෝ ආයුර්වේදයෙන් සුව කල නොහැකි බොහෝ රෝග හෙළ වෙදකමෙන් සුව කිරීම ගැන ඕනෑ තරම් උදාහරණ අප සමාජයේ පවතී. ඒ අතර සුව කල නොහැකියැයි රෝහල් වලින් පැවසූ පිළිකා රෝගින්ද සිටි. එසේ බලන කල මෙවැනි virus ස්වසන රෝගයක් හෙළ වෛද්‍ය ක්‍රමයට එතරම් ලොකු දෙයක් යැයි සිතිය නොහැක.
    ප්‍රශ්නය වන්නේ එවන් දක්ෂ වෙදදුරන් ඉතිරි වී ඇත්තේ ඉතා අඩු ගණක් වීමයි. හෙළ වෙදකම රෝගයට නොව රෝග මුලයට ප්‍රතිකාර සිදු කරන අතර අතුරු ආබාධ වලින් තොරය.

    අනික, දේශීයත්වයට පහර ගසමින්, ස්වභාවික පරිසරයට අනුගත නොවෙමින් ජීවිතය ලෙඩ කරන බටහිර සිරිත් විරිත් කෑම බීමට වහල් වූ පොෂ් කියාගන්න මෝඩ මිනිසුන් කිසිදිනක මෙම වෛද්‍ය ක්‍රමයන්ට යොමු නොවේ. ඔවුන්ගේ කර්මය පවා ඊට හරස් වේ.
    එහෙත් මෙම දෙශීය ප්‍රතිකාරයම පිටරටකින් ගෙන ඉංග්‍රීසි නමකින් නිෂ්පාදනය කර එව්වොත් ඔවුන් හිස් මුදුනින් පිළිගනු නිසැකය.

  7. Ruwan says:

    All these doctors are paid by Helasuwaya (Pvt) Ltd. It is a registered company owned by a lady called P. Senanayake. Kumudu Dahanayake is no longer work in government sector. Dr. Niroshan is a close relative of the company owner. This is a big business. One packet of so called “duma” is Rs 280. These people will destroy the faith in people on all traditional medicines.

    • U.N.J.V.P says:

      දැං එතකොට ඔය බටහිර බහුජාතික බෙහෙක් සමාගම් ලොකු ව්‍යාපාර නෙවෙයිද? ඒවායෙ බෙහෙත් මිළ හරිම අඩුද? තමුන්ගෙ ඹෞෂධ මාෆියාවට එරෙහි වෙච්ච සේනක බිබිලේව දකුණු ඇමරිකානු රටකදි ඝාතනය කළේ ඒ සමාගම් වලින් නෙවෙයිද? එතකොට විද්‍යාත්මක නාමය වෙනුවට සන්නාමයෙන් බෙහෙත් ලියල බටහිර වෛද්‍යවරු ඒ සමාගම් පුවර්ධනය කරන් නැද්ද? දැං එතකොට මේ කාරණා හින්ද ලෙඩ්ඩු ඒ බෙහෙත් නොගෙන ඉන්න ඔිනෙද?

      බටහිර බෙහෙත් වෙළන්දන්ට සොස්කරලට ඒ ඔක්කොම හොදයි.

      හැබැයි දේශීය වෛද්‍ය නිශ්පාදන ආයතන බ්ස්නස් එක කඩාගෙන වැටෙන වදියට කුණු කොල්ලෙට බෙහෙත් දෙන්න ඕනෙ. ඒත් සමහර එක බටහිර බෙහෙක් පෙත්ත රැපියල් දහස් ගාණට ගත්තත් කමක් නෑ.

      අම්මප තමුසෙලගෙ පරගැති කමේ සීමාවක් ඉමක් කොණක් නැති හැටි.

  8. Love nature says:

    අතීත ලාංකිකයා සතු බලගතු ඖෂධ වට්ටෝරු අදටත් රහසකි. ඒ රහස් ඔවුන් නැසෙද්දී නිදන්කර සගවා තබා ඇත. අවුරුදු 300ක් ජීවත්විය හැකි වාජීකරණ ඖෂධයක් පිළිබඳ කතා පුවතක් මහනුවර සමයේ විසූ ශ‍්‍රී රත්නසේකර නමැති රාජ වෛද්‍යවරයකු ලියූ පොතක සඳහන් වේ.

    දේශීය වෙදකම පිළිබඳ ස්වර්ණමය යුගය රාවණා යුගයයි. විජය කුමාරයා ලංකාව ආක‍්‍රමණය කිරීමෙන් පසු මෙහි ලියැවී තිබෙන වංශ කථා – අට්ඨ කථා – ශිලා ලිපි හා වෙද පොත් අනුව මේ ගැන තොරතුරු දැක්විය හැක්කේය.

    ඒ පිළිබඳ හොඳම නිදසුන වන්නේ 1660 වසරේ අපේ‍්‍රල් මස මෙරටට අහම්බෙන් ගොඩ බැස විසි වසරක් තිස්සේ සිංහල රජුගේ සිරකාරයකු වශයෙන් ශ‍්‍රී ලංකාවේ විසු රොබට් නොක්ස් සිය රටට යන අතරතුරේදී ලියූ ග‍්‍රන්ථය යි.

    ”දීර්ඝායුෂය පිළිබඳ ශාස්ත‍්‍රය” යන අර්ථය දෙන ආයුර්වේදය පිළිබඳ ශ‍්‍රී ලංකාවාසීනට තිබුණේ සියුම් දැනුමකි. ඔවුහු සියලූදෙනාම සුළු සුළු අත් බෙහෙත් පිළිබඳව දැන සිටියහ. දැනට සොයාගෙන තිබෙන සෙල් ලිපිවලින් ලංකාවේ පෙර පැවැති ආරෝග්‍යශාලාවල පාලනය, සේවක පිරිස හා නඩත්තු කිරීම පිළිබඳවත් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

    නොක්ස් ඔහු මේ පිළිබඳව සඳහන් කරත් දී එක් තැනෙක දක්වන්නේ,

    ”මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් හැමෝම වෙද්දු (වෛද්‍යවරු* යන්න ය. එසේ ම ඖෂධ පැළෑටිවලින් ලක්වැසියනට කිසිදු අඩුපාඩුවක් නැත. බෙහෙතක් ගත යුතු කල ඔහු යන්නේ කැලෑවටය. එහි ඕනෑම බෙහෙතක් ඇත. එහෙයින් කැලෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේය. කැලේ වැවෙන බෙහෙත් පැළෑටිවල, කොළ, ඉති, පොතු, මල්, යන මේවායින් පත්තු සාදා ආලේප වශයෙන් පාවිච්චි කරති යනුවෙනි.

    තව ද දුස්සාධ්‍ය වූ නොයෙක් ලෙඩ රෝග මේ ඔසුවලින් සුව වන බව ද සිංහලයන්ගේ සියලූම ඖෂධ පිළිබඳ විස්තරයක් කිරීම මගේ අභිලාෂය නොවන්නේ යැයි ද එහෙත් ඔවුනගේ බෙහෙත් ඖෂධ පිළිබඳ දැනීම් සම්භාරයට සාධක වන පරිදි එක් කරුණක් පමණක් දක්වන්නේ යැයි ද, එනම්; මගේ අසල්වැසි සිංහල මනුෂ්‍යයකු යම් කෙනෙකුගේ කැඞී බිඳී ගිය හා ඇටයක් හෝ අත් ඇටයක් පෑස්සීමට භාරගතහොත් බතක් හෝ ව්‍යාංජන තුනක් ඉදෙන වේලාවේදී එනම් පැය එකහමාරක් තුළ එම ඇටය පාස්සන්නේය” යනුවෙන් ද ඔහු සඳහන් කරයි.

  9. Ravana Parapura says:

    හෙළේ රාවන නම් වෛද්‍යවරයා

    සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කිහිපයක්ම රවුලන් හෙවත් රාවණ විසින් කර ඇත.

    කුමාර තන්ත්‍රය (කුමාර චිකිත්සා) : ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගුය
    උදිස්සා තන්ත්‍රය (උද්දීය තන්ත්රාය) : මෝහන ප්රීතිකාරය හා ගුප්ත විද්යාරවන් පිළිබදව
    නාඩි ප්‍රකාශය : නාඩි ශාස්ත්රායට අනුව රෝග නිශ්චය
    අර්ක ප්‍රකාශය : මේ කෘතිය අවසන් වන්නේ පහත වැකියෙනි. “ලංකාධිපති රාවන විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”.
    රසරත්නාකරය
    වටිකා ප්‍රකරණය

    මේ ග්‍රන්ත වල රවුලන්ගේ ප්‍රධානත්වයෙන් හිමාලයෙහි ආයුර්වේද සම්මන්ත්‍රණයක් පැවැත්වූ බවද සදහන් වී ඇත. ඒ අනුව රාවන අති දක්ෂ වෛද්‍යවරයකු , මනෝ වෛද්‍යවරයකු මෙන්ම ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ද වේ.

    • Ravana Parippu says:

      ඉතින් ඔව්ව තිබ්බ කියල කිව්වට වැඩක් නෑනේ පරිප්පුවෝ හොහේ හරි තියෙනවනං කියා කියා ඉන්නේ තියෙන තැනකින් ඉක්මනට ගෙනත් දියන්කෝ.

  10. බිල්ල says:

    කොරෝනා මරණ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ 3.3%. මේක සැලකියයුතු වැඩි අගයක්. මේ මරණ සංඛ්‍යාවට ප්‍රධාන හේතුව පිදුරු ගොඩේ ලැගපු බල්ලා වගේ තමුන්ගේ බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර නැති බවත්, රෝගීන් තුල ප්‍රතිශක්තිය වැඩිකරන්න බටහිර වෛද්‍ය ක්‍රමයේ උපක්‍රමයක් හෝ බෙහෙතක් නැති බවත් දැන දැනම වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට බාධා කරන බටහිර වෙද්දු. මේ කුහක අපරාධකරයන්ගෙන් ජනතාව බේරලා දේශීය වෙදකමට රෝගීන් සුව කරන්න ඉඩදෙන එක සෞඛ්‍ය ඇමතිනියගෙයි ආණ්ඩුවෙයි වැඩක්. මුන්ගේ කුහකකම නිසා PCR පරීක්‍ෂා වලට සීමාවල් දමල තියෙන්නේ. ඒ සීමාවල් නැතිනම් පොසිටිව් රෝගියෙක් සුවකරලා නෙගටිව් කියල ඔප්පුකරන්න දේශීය වෙදකමට තියන අවස්ථාව වහලා තියෙන්නේ. බටහිර ඖෂධ මාෆියාවේ සල්ලි වල බලය, ඒ මුදලට පෙරේත කමට බොරු තර්ක දාන උන්, ඇමතිනියටත්, ආණ්ඩුවටත් උඩින්ද ඉන්නේ, තියෙන්නේ?

Main News