කොරෝනා දෙවැනි රැල්ලක ඉහල අවදානමක්..

June 15, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා දෙවැනි රැල්ලක ඉහල අවදානමක්..

මෙරට තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ ඉතා ඉහල අවදානමක් ඇති බව පෙනෙන්නට ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

අද වනවිට මෙරට ජනතාව කොරෝනා වසංගතය අමතක කරමින් කටයුතු කරන බවක් පෙනී යන නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ග උපදේශන සීමාවන් අනුව ජනතාව අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවත් ඒවා ඉවත් කරන දිනයක් පැවසිය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ කොරෝනා පාලනය සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් ජනතාව නොසලකා හරින බවක් පෙන්නුම් කරන නිසා ඉදිරි දෙසතිය තුළ රටේ වසංගතය ව්‍යාප්ත වීමේ තර්ජනයට දැඩිව මුහුණ පෑමට සිදුවිය හැකි බවයි.

423 views

20 Comments to “කොරෝනා දෙවැනි රැල්ලක ඉහල අවදානමක්..”

  1. Jagath says:

    මොනවා නැතත් තුනෙන් දෙක ගන්න ඕනා නේ. රටට හෙන ගහලා ගියත්.

  2. Indika says:

    සත්තු වත්ත බලල, වනෝද්‍යාන ටිකෙත් Trip එකක් යන්න ඉන්නෙ. TV එකේ කිව්ව Reservation කරන්න පුල්වන් කියල. ගියාට කමක් නැද්ද? නොදන්න කමට ඇහුවෙ……

    • කාන්තාර පළගැටියා says:

      පුළුවන්. අගෝස්තු 5 වෙනකම් ඉවසන්න පුළුවන් නම් නොමිළේම අලුත් සත්තු ටික බලන්න යන්න පුළුවන්. දවල්ට නොමිළේම කන්නත් දෙනවා. දැන්ම කෝල් කරලා රිසව් කාරගනින්.

  3. Love nature says:

    තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසාගත යුතු ය …

  4. Love nature says:

    මේ කොරෝනාවෙන් පසුවත් මාංස කෑම ටිකෙන් ටික අඩුකරගමු

  5. අපේ රට says:

    කැබිතිගොල්ලැවේ අද මතුවුනේ දෙවනරැල්ලේ පෙරනිමිතිද? රටපුරා සෞඛ්‍ය සේවා පනත සැමටම එකලෙස වහාම ක්‍රියාත්මක කිරිමට ජනපති දැනුවත් කරමු.

    • සිත says:

      දෙවැනි රැල්ලට වගකිව යුත්තේ කවුරුදු? ඇයි ජනතවාගේ අවධානය අඩු වන විදිහට මාධ්‍යය හැසුරුවේ. භය නැතිකලේ. සුවවූ අයගෙන් නැවත හැදෙන්න සම්භාවිතාවක් තියන බව හැංගුවේ ඇයි.

      ලංකාවේ ජනතාව දැන් පරණ විදිහටම බස් රථයේ පොලේ කඩේ පාරේ යනවා, දෙවැනි රැල්ල ආවොත් සොරිම තමයි

      හිතන්න

  6. Nandasoma says:

    සමාජයේ පැතිරීමකට අවස්තාවක් නැත්නම්, අසාධිතයන් සිටින්නේ නිරෝධායන මධ්‍යස්ථාන වල පමණක් නම් මොකටද බය?
    හැබැයි පාරට බැස්සම හිතෙන්නේ නම් දෙවැනි රැල්ලක් අවොත් බඩු ෂුවර්! මිට වඩා පරිස්සම් විය යුතුයි!
    කොහොම වුනත් විනයක් නැති රටක් හැදෙනවා බොරු! එකඟද?

Main News