කොරෝනා දෙවැනි රැල්ල අත ළගයි.. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අගවයි..

July 18, 2020 at 11:03 pm | lanka C news
කොරෝනා දෙවැනි රැල්ල අත ළගයි.. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අගවයි..

ශ්‍රී ලංකාවේ මේ වන විට දෙවන කොරෝනා රැුල්ලක් ක‍්‍රියාත්මක නැතත් දෙවන රැල්ලක් ඉතා ආසන්න සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා පෙන්වා දෙන්නේ අද තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කණස්සල්ලෙන් පසුවන බවයි.

අද ඇති වී තිබෙන තත්ත්වය කුමන අතට හැරෙයි දැයි සැකයක් තමන්ට ඇතිව ඇතැයිද ඔහු පැවසීය.

කොරෝනා මුල් අවධියේ ඊට මුහුණ දුන් ආකාරය ඉතා විශිෂ්ට බවත් ඒ ගැන සෑහීමකට පත්විය හැකි බව පැවසූ ඔහු රජයේ ඉහළ බලධාරීන් ගෙන් ලැබෙන වැරදි ආදර්ශ නිසා ජනතාව මන්දෝත්සාහී වී ඇති බවද ඔහු කීය.

කොරෝනා වෛරසය සමාජයේ පැතිර ඇතැයි සීයට සීයක් තහවුරු කර කිව නොහැකි වුවත් ඒ ආසන්නයේ අත ලඟ ඉන්නා බව කිව හැකි යයිද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

347 views

5 Comments to “කොරෝනා දෙවැනි රැල්ල අත ළගයි.. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අගවයි..”

  1. අපි නොදන්න වල්ල. පට්ට says:

    රැල්ල සිඹින වෙරළ අපිට මෙහෙම කියනවා..
    ගල්කිස්ස වැලි ගහපූ ව අඟුලා නෙන් එනවා කියනවා..
    වැලි ගහලා ගත්තු කොමිස් ඇක්ෂස් එක ඡන්දෙට වියදම් කළේ නෑ යි කියනවා..
    මේ ආතල් උදේ හවස බලන අපිට හොත්තුවේ බයියෝ කියලා කියනවා..

  2. නොකල හැක හැක නොමැත says:

    රැලි පිට රැලි එකපිට පිට ආවත් ගොයියෝ..
    අලි පිට අලි පෙරලපු අපි මාතර බයියෝ..
    ඇයි මේ බඩ කොර විලා කොරෝනා අයියෝ..
    තුනෙන් එක වත් ලැබුනොත් මගේ දෙයියෝ..

  3. john the baptice says:

    පවිත‍්‍රාට කල හැකි රැකියාවක් බාර දෙන්න

  4. ක්‍රිමිනල් says:

    ඔය මොන බොරුද අයියො ! අපේ සලා පොකුරු නිව්වා මාධ්‍ය සාකාච්චාවක් තියලා..🐵

Main News