කොරෝනා දෙවැනි රැල්ල රට පුරා.. රජය හොර රහසේ ප්‍රදේශ වසා දමනවා.. තුන්වැනි රැල්ලත් එනවා..
July 21, 2020 at 11:20 am | lanka C news
මෙරටට කොරෝනා දෙවන රැල්ලක් පැමිණියේ ආණ්ඩුවේ වරද නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
රජය විසින් හිතුවක්කාරී ලෙස සමාජ සීමා ලිහිල් කිරීම කළහොත් දෙවැනි රැල්ලෙන් නොනැවතී තෙවැනි රැල්ලක් ද පැමිණිය හැකි බව ඔහු පැවසීය.
කොරෝනා වසංගතය පාලනය කළ බව ආණ්ඩුව දිගින් දිගටම කිව්වද නමුත් එවැන්නක් සිදුවී නැති බව ද පැවසූ ඔහු අදටද රටේ ප්‍රදේශ කිහිපයක්ම ලොක්ඩවුන් කර ඇතැයිද පවසයි.
ආණ්ඩුව විසින් සමහර තැන් නොකියාම හොරරහසේ වසා දමමින් දෙවැනි රැල්ල සඟවන්න උත්සාහ ගනිමින් සිටින බවද ඔහු කියා සිටියේය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මූගෙ ඩයල් එක දැක්කාම මතක් වෙන්නෙ ඩීමන් ආනන්දගෙ ෆැන්කන්ස්ටීන්ගෙ ශාපය පොතේ පිට කවරෙ. දෙවෙනි රැල්ලක් තියෙනව නං ෂුවර් එකටම ඒකට මූවත් අහුවෙලා අපායටම අරං යනවා
මේගොයියා මේ කියන්නෙ මුහුදේ තියෙන රැලිගාන වෙන්න ඇති හෙට කියයි හතරවැනි රැල්ලත් අවා කියලා
තුන් වෙනි රැල්ල එන්නේ පළාත් සභා ජංදය තිබ්බොත්.