කොරෝනා දේශීය ඖෂධ යුරෝපා එන්නත් තරම් භයානක නෑ.. ආසාත්මිකතා නෑ..

December 21, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා දේශීය ඖෂධ යුරෝපා එන්නත් තරම් භයානක නෑ.. ආසාත්මිකතා නෑ..

දේශිය වෛද්‍ය ක්‍රම ගැන බටහිර වෛද්‍ය මූලධර්ම යටතේ පරීක්ෂණ කිරීමේ යම් ගැටලුවක් ඇතත් එම කාර්යය ඉතා සාර්ථකව සිදු කරමින් ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශ සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස සදහා දේශීය ඖෂධ, පාන, ආහාර අතිරේක වර්ග රාශියක් මේ වන විටත් ඉදිරිපත් වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඒ සියල්ල අතරින් වඩාත්ම සුදුසු දේ තෝරා ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

කෙසේ නමුත් හෙළ වෙදකමේ ඇති ඖෂධ යුරෝපයේ එන්නත් මෙන් භයානක නැතැයි ද ඔහු කියා සිටියේය.

වසර සිය ගණනක් පැවති දේශීය ඖෂධවල යුරෝපා එන්නත්වල තරම් ආසාත්මිකතා නැතැයිද ඔහු තව දුරටත් පැවසීය.

තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් වෙත ඔහු මෙම අදහස් පල කලේය.

16,037 views

20 Comments to “කොරෝනා දේශීය ඖෂධ යුරෝපා එන්නත් තරම් භයානක නෑ.. ආසාත්මිකතා නෑ..”

  1. බන්ඩා says:

    බටහිර බෙහෙත් පළමුව සත්තුන් දීල අත්හදා බලලා දෙවනුව මිනිසුන්ට දෙනවා. හෙල වෙදකමේ පස්පංගුව පරීක්ෂා කරන්න එහෙම කරපු බවක් අපි අහල නැහැ. බන්ඩාර පැනියෙ තියෙන්නෙ හෙල වෙදකමට භාහිත කරන ස්වභාවික දේ. එහෙම නම් බන්ඩාර පැනිය සතුන්ට දීල චෙක් කල යුතුද?

    • Maraya says:

      අවුලක් නැහැ. සත්තු ඔය පෝලිමේ ඉන්නෙ ධම්මිකගෙ ගේට්ටුව ලඟ.

  2. කුඹුක්කණ් says:

    මෙතුමලා ලවා හොඳ්යි කියෝනවා
    කොරෝනා ඇමති තුමිය ලවා ඖෂධ මාෆියාවට ඕන දේ කියවනවා

    ඖෂධ මාෆියාව එක්ක හැප්පෙන්න බැරි නිසා රජය, කරන්න ඕනෙ දේ වහෙන් ඔරෝ ජනතාවට කියනවා වගේ පේන්නෙ

  3. Palle says:

    දේශීය ඖෂධ යුරෝපා එන්නත් තරම් භයානක නෑ.. ආසාත්මිකතා නෑ.. කොරෝනා හොද වෙන්නෙත් නෑ. අනේ මෙහෙමත් ගෝත්‍රික ජාතියක්.

  4. Kalana says:

    ගොන්නුනේ, ඕක කියව කියව ඉන්නේ, ඕක හොඳ නම්, Tests කළා නම් මොන මගුලක්ද? මොන කෙහෙල් මල් නායකයන්ද?

  5. Love nature says:

    ‘‘ඔවුහු විස්මයජනක වෙදැදුරෝ ය. තුවාලවලට, ගෙඩිවලට, කැඩුණු අත්පාවලට, ඔවුහු දින කීපයකින් සුවය ලබා දෙන්නට සමත් වෙති. පිළිකා අපට සුවකළ නො හැකි රෝගයක් වූවාට ඔවුනට එසේ නො වේ. ඔවුහු පිළිකා දින අටකින් සුව කරති. සමෙහි හෝ බාහිර කැළැලක් වූවා නම් එය කලින් එතැන තිබුණාදැයි සොයා ගත නො හැකි වන තරමට ම කැළැල් සුව කරති. මා මෙම දිවයිනේ සිටි කාලය තුළ දී හමුදා සොල්දාදුවන්, කපිතාන්වරුන් ඔවුන්ගේ ප‍්‍රතිකර්මවලින් සුවය ලබනු මා දැක ඇත. වඩාත් විස්මයජනක වන්නේ ඔවුන් එය එතරම් ම සැහැල්ලූවෙන් කරන අන්දම ය.” (“Fat alidade Historia de Ceilao”, ජොආ රිබෙයිරෝ, 1641-1658 කාලය තුළ ලංකාවේ සේවය කළ පෘතුගීසි සොල්දාදුවෙක්)

    මේ ප‍්‍රකාශය අප රට එවකට තිබූ හෙළ වෙදකම පිළිබඳව බටහිර පෘතුගාල වැසියකු විසින් කරන ලද ග‍්‍රන්ථයකින් උපුටා ගත් කෙටි විස්තරයකි.

    අප රට වෙදකමේ ඉතිහාසය අන් කිසිදු රටකට සම කළ නො හැකි තරම් ය. ලෝකයේ ප‍්‍රථම අංග සම්පූර්ණ රෝහල වන මිහින්තලේ රෝහල, ව්‍යුහයෙන් වත්මන් නවීන රෝහලකට සමාන ය. බාහිර ප‍්‍රතිකාර අංගනයක්, රෝගීන් සඳහා තනි කාමර මෙන් ම බෙහෙත් ද්‍රව්‍ය සකස් කරන ස්ථාන ද ගබඩා ද රෝහලට අඩංගු විය. බෙහෙත් ඔරු සහ ශල්‍ය උපකරණ පෙන්වන්නේ එවකට පවා දේශීය වෙදකම ලබා තිබු දියුණුවයි. මහාවංශයට අනුව ව්‍යවහාර වර්ෂ පූර්ව 4 වන සියවසෙහි රජ කළ පණ්ඩුකාභය රජතුමා රටේ විවිධ ස්ථානවල රෝගීන්ට නවාතැන් ගෙන ප‍්‍රතිකාර ලබා ගත හැකි ‘සිවිකසොත්ති ශාලා’ ඇති කළේ ය.

Main News