කොරෝනා දේහවලට ආදාහනාගාර ඉඩ මදි.. ඉන්දියාවේ මෙන් දර සෑ වල ආදාහනයට යෝජනාවක්…

September 9, 2021 at 1:20 pm | lanka C news
කොරෝනා දේහවලට ආදාහනාගාර ඉඩ මදි.. ඉන්දියාවේ මෙන් දර සෑ වල ආදාහනයට යෝජනාවක්…

කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ දර සෑයවල් වල ආදානය කිරීමට අවසර ලබා දිය නොහැකි බව යාපනය දිසාපතිවරයා එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුවේ දී පැවසීය.

යාපනය ඇතුළු උතුරු පළාත තුළ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම මත ඒවා ආදාහනයට ආදාහනාගාර සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමත් නිසා ඉන්දියාවේ මෙන් මළසිරුරැ දර සෑයවල් මත ආදාහනය කළ යුතු බව එහිදි ඉදිරිපත් වූ යෝජනාවට පිළිතුරු දෙමින් දිසාපතිවරයා මෙසේ පැවසීය.

එසේ නම් නව ආදාහනාගාර ඉදි කල යුතු බවට වූ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් දිසාපති වරයා පවසා ඇත්තේ එය නගර සභාවේ කාර්යයක් වුවද එතරම් විශාල ආදාහනාගාර සංඛ්‍යාවක් පිහිටුවීම අනාගතයේ දී කිසිදු ප්‍රයෝජනයක් නොමැති තත්ත්වයක් විය හැකි බවය.

26,468 views

10 Comments to “කොරෝනා දේහවලට ආදාහනාගාර ඉඩ මදි.. ඉන්දියාවේ මෙන් දර සෑ වල ආදාහනයට යෝජනාවක්…”

  1. පින්වත් පාඨකය , says:

    මා ඊයේ සිහිනෙන් දුටු සිහිනයක යටම කොටසක යටම මෙසේය. මේ කොරෝනා වනාහී මේ සිරිලකම නිපැයූ අති ප්‍රභලතම නිපැයුමක් බව කිසිවෙකුත් නොදනී. දන්නෝද නොවෙති . ඇත්තටම නොදන්නෝද වෙති. මෙය ෆේස්බුක්වාසී හෙළ වෙදදැරුන් සහ රාවණ පුත්‍ර ගවේෂකයන් පිරිසක් විසින් හෙල වෙදකමේත් ආයූර්වේදයේත් මහිමය ලොවට ඒත්තු ගන්වනු රිසියෙන් ඉපැරණි වට්ටෝරුවක් අනුව නිර්මාණය කොට වේරම්භ වාතයෙන් පස්පිඬක් ගෙන ඉඳිකටු සිදුරකින් ඒ මේ අත යවා නිර්මාණය කරනු ලදුව , ඔළිඳ ඇටයක බහා දියෙන් ගොඩ ගත් පණැති මත්ස්‍යකුගේ උදරයේ බහා , මතුරා , ජප කොට මාළු පිල්ලියක් බවට හරවා නැගෙනහිර යාළ මහා වන පියසෙන් චීනය දෙසට පිහිනුවා යැව් ඒ මසු කර්මානුරූපීව චීන මාළුකාරයෙකුගේ දැලමතින් අවසන් ගමන ගොස් අවසන වූහාන් මාළු මාරකැට්ටුවේ මේසයක් මත තම මෙහෙයුමේ අවසාන භාගයට සේන්දු විය. ඉතිරිය ඔබ දනීමුත් ඒ විශ්මිත නිර්මාණ කරුවන් මෙදිනවල සිදුකරමින් ඉන්නෙ කුමක්දැයි ඔබ නොදනී. ඔවු ! ඔවු ! ඔවු ! ඔසුව එයි… ලඟ ලඟ එයි…. ඔසුව එයි…. හෙළ රාවණ , හෙළ වෙදකමේ මහිමයද කීර්තියද මේ මහා ක්ෂීර පථය විනිවිද යනු ඇත !!!

    • මහනුවර අක්‍රම් says:

      හිනා වෙලාම බොක්ක අළුතෙන් දාන වෙන්න තත්වයක් ඇති වෙලා තියෙන්නේ බ්‍රෝ :D:D:D:D:D

    • ගෞම් ඊයාරාජ් says:

      මෙව්වනේ සාන්ත පැරඩි මිවනපලානේ ජයරත්නයගේ පැරඩි වගේ ද යකො මෙව්වා. උම්මාද බඩුවක් මූ නං..😂😂😂

    • Makka says:

      හිනා ගස්සවල මරන්නද හදන්නේ? බටහිර කුමන්තුණකාරයෙක්ද කොහෙද 🙂

  2. ගැමුණු says:

    මේ මනුස්සයට ඔල්මාදෙ වගේ

  3. අඛන්ඩ කුමන්ත්‍රණයේ... ! says:

    මේ අලෝපාතික පාහරයන් රාජපක්‍ෂ මෝඩයන් බළයෙන් පන්නනතුරු බටහිරයන් සමග එකතුවී., අඛන්ඩ කුමන්ත්‍රණයේ!

  4. කැලනියේ ලොකු සාදු says:

    මම දෙරණෙන් ඇවිත් ඉතා සුබ කාලයක් එනව කියල නොවැම්බරේ කිව්වම බොලා ගිහින් චන්දෙ කොටල ඇවිත් කිරිබත් කෑව ඒත් කවුද හිතුවෙ ඒ සුබ කාලෙ කිරිබතක් කන්නත් හාල් ටිකක් පොල් ගෙඩියක් ගන්න බැරි මළබත් කන කාලයක් කියල.සොරි බයිස් ෆොද මිස් ගයිඩින් දැට් වොස් ජස්ට් අ ඉලෙක්සොන් කැම්පේන්

    • ගෞම් ඊයාරාජ් says:

      අවුලක් නෑ ණයො ! උම්මාද ගොං බෛයො කිරිබත් වෙනුවට තණකොල උනත් කනවා කියන්නේ හන්දියක් හන්දියක් ගානේ , අනික බං ඇන්ටිජන් මෑන් ගේ චැනල් එකේනං රටේ ආර්ථිකය චීනෙටත් ඉහලින් තියෙන විදියට තමයි පෙන්නන්නේ , එ ටිකම මැදැ , ක්බ්බරාල් ආවහම ලස්සනට බැන්කින් ඇන්ඩ් ෆයිනැන්ශල් ඩේටා ටික අප් කරලා දෙයි සෘණ ,ධණ කරලා… වරෙන් බඩ ගාගෙන ඉස්සරහට උම්මාද බෛයොත් එක්ක හන්දියක් හන්දියක් ගානේ තණකොලයි පුන්නක්කුයි කන්න

  5. Docka says:

    වැක්සින් අංක එක වෙලත් මොකද මෙච්චර මැරෙන්නේ? බුස්ටර් ෂොට් පහක් වත් ගහන්න වෙයි වගේ. කමක් නැහැ ගහමු ගහමු.

  6. Embalm says:

    Carry out bulk cremations in crematoriums since nobody will claim/demand ashes!

Main News