කොරෝනා නව ප‍්‍රභේදවලට බයවෙන්න දෙයක් නෑ.. හැමෝටම කොරෝනා එන්නත දෙනවා..

February 18, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා නව ප‍්‍රභේදවලට බයවෙන්න දෙයක් නෑ.. හැමෝටම කොරෝනා එන්නත දෙනවා..

ඉන්දියාව හෝ වෙනත් කිසිදු රටකට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ කිසිදු අයිතියක් නොමැති බවත් මෙරට ස්වෛරීභාවයට හෝ භෞමික අඛණ්ඩතාවයට අබමල් රේණුවක හෝ හානායක් සිදුවීමට වත්මන් රජය ඉඩ නොතබන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඉන්දියානු භාරතිය ජනතා පක්ෂයේ ආණ්ඩුවක් මෙරට පිහිටුවීමට කටයුතු කරන බවට ඉන්දියානු ස්වදේශ කටයුතු ඇමතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කල ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීවේය.

“2015 දී යහපාලන ආණුඩව බිහිවූයේ ඇතැම් විදේශ රටවල සහයෝගයෙන්.ඒක හංගන්න දෙයක් නෙමෙයි.ඊට පස්සේ ආණ්ඩුව ඇතැම් විදේශ රටවල රූකඩයක් විදියට තමයි ක්‍රියාත්මක වුණේ.එහෙම ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරපු ඇතැම් අය තවමත් හිතාගෙන ඉන්නේ බලයේ තියෙන්නේ ඒ වගේම ආණ්ඩුවක් කියලා.ඒ නිසා විවිධ බලපෑම් එනවා.අපි ශක්තිමත් ආණ්ඩුවක්.අපිට ඕනෑම බලපෑමකට මුහුණ දෙන්න පුළුවන්.ලංකාව තුල පක්ෂයක් ඡන්දය ඉල්ලනවා නම් ලියාපදිංචි වෙන්න ඕන.ඉන්දියාවේ ඉඳන් මෙහෙ  දේශපාලන පක්ෂ පිහිටුවන්න බෑ.ඕවා දේශපාලන වාසි ගන්න කරන ප්‍රකාශ.ඒවාට අපි කලබල වෙන්නෙ නෑ.නිල වශයෙන් ඉන්දියානු රජය ප්‍රකාශය කලොත් රජයත් නිල වශයෙන් ඊට ප්‍රතිචාර දක්වාවි.

මේ රටේ දමිළ ජනතාවට සාධාරණයක් ඉටු කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. සයනයිඩ් කරල එල්ලන් හිටපු දරුවන්ට ආපහු අනාගත සුරක්ෂිතතාව ඇති කලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.යුද්ධය අවසන් කරලා උතුරු නැගෙනහිර සංවර්ධනය කලා.දෙමළ සන්ධානය හැමදාම කටයුතු කලේ ඒ අයගේ වාසියට.අවුරුදු ගණනක් යහපාලනය එක්ක දීග කෑවා.මොනවද උතුරේ ජනතාවට කලේ.අදත් ඔවුන් කටයුතු කරන්නේ මේ රටේ ජාතිභේදය අවුස්සන්නයි.ඒ නිසා ඔවුන් ඉන්දියාවට හා පිටරටවලට කේලම් කියන එක සාමාන්‍ය දෙයක්.නමුත් අපි කොටි ත්‍රස්තවාදයට නම් නැවත රට තුල හිස ඔසවන්න ඉඩ  තබන්නේ නෑ.ඒ වගේම ප්‍රභාකරන්ට යුද්ධයෙන් දිනාගත නොහැකි වූ දේ රිදී බන්දේසියක තබා දෙන්නත් අපි ලෑස්ති නෑ.ඒ නිසා කවුරු කා හරහා මොන විදියට රටට එරෙහිව කටයුතු කලත්, මොන විදියේ යෝජනා ක්‍රියාත්මක කරන්න හැදුවත් මේ රට තුල ඒ සඳහා ඊට ඉඩක් ලැබෙන්නේ නැහැ.

කොවිඩ් නව ප්‍රභේද පැතිරයාම නිසා රට ලොක්ඩවුන් කරනවාදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්ණයක් මතුකල අතර ඊට ප්‍රතිචාර දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ එය සෞඛ්‍ය අංශ ගතයුතු තීන්දුවක් බවයි.කොවිඩ් වසංගතය රටට පැමිණීමෙන් පසු එය පාලනය කිරීම සඳහා රජය සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බවත් සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව පමණක් අවශ්‍ය පියවර ගනු ලබන බවත් ඇමතිවරයා කීවේය.කෙසේ වෙතත් කොවිඩ් එන්නත ලබාදිය හැකි මෙරට සියලු ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත නොගත යුතු බවත් කල යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම ’’ බවත් ඔහු කීවේය.

ප්‍රදීප් අනුර කුමාර

11,014 views

16 Comments to “කොරෝනා නව ප‍්‍රභේදවලට බයවෙන්න දෙයක් නෑ.. හැමෝටම කොරෝනා එන්නත දෙනවා..”

  1. Mr.Beef says:

    මෙහෙමත් බයිසන් ගවයෙක්! දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් එන්නත විදින එක අත්හිටුවලා, ගෙන්නපු තොගත් අපහු හරවලා යැව්වේ මොකද දන්නේ නැහැ.

  2. sanka says:

    Nothing to worry at all….. my brain is all over my body…

    Dr. Prasanna Ranathunga (MBBS-Udugampola, Epidemiology-Msc- Medamulana, Medical Parasitology MSc-Kotte)

  3. මාක්ස්වාදී ජෙප්පා says:

    ජයවේවා ගම්පහ පොහොට්ටුවේ අපේ පැතුම ඔබයි

  4. dil says:

    Very disappointing to see the talks of these idiots. These uneducated idiots are the one who govern us. Pathetic. New virus will not be prevented by the vaccine, that is the truth. Because, this vaccine is developed based on the previous virus. This idiot does not know that and he even does not have a brain to understand it. We are unfortunate to be govern by a bunch of idiots. These idiots are the cancer for this country.

  5. david milibanda says:

    Are you bloody doctor or a research scientist.
    This booruwas brains are in his abdomen area.

    Speaks like a frog in the well. Knows noting what is said outside his Gamapaha District

  6. සීයා පප්පා says:

    ඔව් වොව් වොව් , කෞරුවත් බය වෙන්නෙපා , මං තමා ලෝකෙ ඉන්නෙ එකම වෛරස් විසේසඤ්ඤයා . මං ඉතිං කිඋවොත් කිඋවා .

  7. OMG says:

    Hondai…. Hora Thakkadiyo…🤣

  8. Saman says:

    මූ නම් මළ මෝඩයෙක්

  9. Lolla says:

    දොස්තර හොඳ හිත……. පිස්සු කෙලිනවා… ඇඟ විතරයි…. මොලේ කඳුලක් නෑ

  10. ආසිරි says:

    හරක් අදුනාගන්න උම්බෑ කියන්නම ඕනේ නෑ.
    සුදු රෙදි ඇදගෙන ඉන්න හරක් තමා කෑගහනකොට එලිවෙන්නේ. බොල ලන්කාවේ ජනගහනය කීයක්ද. එන්නත් ඒකෙන් බාගෙකටවත් දෙන්න අවුරුදු කීයක් යාවිද. මුහුදට හුජ්ජ කරලා ලුනුරහ වෙනස්වේවිද?

Main News