කොරෝනා නසන්න බටහිර දොස්තරලාට බෙහෙත් නෑ.. ඔවුන් රෝහල්වල හොරෙන් ආයුර්වේද බෙහෙත් දෙනවා.. කොරෝනා නසන්න හැකි අපට අවස්තාව දෙන්න..- ආයුර්වේද දොස්තරලා ඉල්ලති..

April 9, 2020 at 3:28 am | lanka C news
කොරෝනා නසන්න බටහිර දොස්තරලාට බෙහෙත් නෑ.. ඔවුන් රෝහල්වල හොරෙන් ආයුර්වේද බෙහෙත් දෙනවා.. කොරෝනා නසන්න හැකි අපට අවස්තාව දෙන්න..- ආයුර්වේද දොස්තරලා ඉල්ලති..

උපාධිදාරී රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ එකමුතුව විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
කොළඹ.
2020.04.08

විශ්වසනීය ජනාධිපතිතුමනි,

උපාධිදාරී රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් කොරෝනා මර්දනයට සහභාගී කරගනිමු…

බටහිර වෛද්‍ය අධිකාරිය මේ සැරසෙන්නේ බොරදියේ මාළු බෑමට ද? corona ආසාදිත රෝගීන් මෙරටින් හමු වීමත් සමගම ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව යටතේ සේවය කරනු ලබන රජයේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යා ආයතන (විශ්වවිද්‍යාල) මගින් රජය, corona සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයට දිගින් දිගට ම ඉතා පැහැදිලිව කරුණු දක්වමින් මෙම රෝගීන් සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම තුළින් එම රෝගය සුව කරගත හැකි බව දක්වන ලදී. විවිධ අවස්ථාවල දී ප්‍රසිද්ධ මාධ්‍යයන් මගින් ද බොහෝ දැනුවත් කිරීම් සිදු කරන ලදී .

ඒ නමුත් මාස දෙකකට අධික කාලයක් මෙම රෝගී තත්ත්වය ශ්‍රී ලංකාව පුරා පැතිරී යමින් පැවතුනද මේ මොහොත වෙන තෙක්ම ඒ සඳහා අවස්ථාවක් ලබා දී නොමැති බව ඉතා කණගාටුවෙන් වුවද දන්වමු. මාධ්‍යයන් මගින් බටහිරවෛද්‍යවරුන් ගෙන් මෙම ප්‍රශ්නය නගන ලද බොහෝ අවස්ථාවලදී ඔවුන් විවිධ හේතූන් කියාපාමින් ප්‍රශ්නය මග හැර ගියෝය.

විටෙක සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා පවසන ලද්දේ ආයුර්වේද ප්‍රතිකාර පර්යේෂණ මඟින් තහවුරු කර නොමැති බවයි. එතුමා එම ප්‍රකාශය සිදු කරනු ලැබූවේ වගකීම් සහිතව ද? කරුණු හරිහැටි දැනගෙන දැයි නො දනිමු. ආයුර්වේද ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ වල ගුණාත්මක භාවය ලොව පුරා පර්යේෂණ රැසක් සිදුකර තහවුරු කර අවසන්‍ ය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සෞඛ්‍ය කමිටුව වෙනුවෙන් වෙනම ඔප්පු කර පෙන්වීමට අවශ්‍යතාවයක් ඇතැයි නො සිතමු. ඒ පිළිබඳව සොයා නොබලා ප්‍රකාශ නිකුත් කිරීම ඔවුන්ගේ දුර්වල තාවයක් පමණි. තමන් නොදන්නා විෂයක් අධ්‍යයනය නොකොට හිතලු කතා කීම එවැනි තරාතිරමක පුද්ගලයකුට රිසි නොවේ.

තම රට වෙනුවෙන් සේවය කිරීමට සූදානමින් සිටින උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් හට අවස්තාව නොදී ඔවුන් යටපත් කරමින් බටහිර වෛද්‍ය ඒකාධිකාරයේ බලය පැතිරවීමෙන් මෙම වෛද්‍යවරුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? සමාජය තුළ ඔවුන් ගොඩනංවා ඇති ප්‍රතිරූපය බිඳවැටීමට බියෙන් මෙලෙස ක්‍රියා කරන්නේද? මහජනතාව වෛද්‍යවරුන් දේවත්වයෙන් සලකන බව සැබෑවකි. එය එසේ වූවාට කම් නැත. නමුත් මේ මාන්න ඇටවීමට අවස්ථාව නොවෙයි.

වෛද්‍ය පාදෙනිය මහතා ද විවිධ අවස්ථා වලදී මාධ්‍ය ඔස්සේ ප්‍රචාර සිදු කරන ලදී. විටෙක ඔහු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ආයුර්වේද වෛද්‍යවරුන් විසින් වග කියවිය යුතු නිලධාරීන් හරහා ලිඛිතව ඔවුන්ගෙන් ඉල්ලීම් කර නොමැති බව දක්වන අතර තවත් අවස්ථාවක දක්වන්නේ ආයුර්වේද වෛද්‍යවරුන් එක් පොදු චිකිත්සා පද්ධතියක් නොපෙන්වන බවයි.

මේ සියල්ල අසත්‍යය. වගකිවයුතු ආයුර්වේද වෛද්‍යවරුන්ගේද, කථිකාචාර්යවරුන්ගේ සහ අමාත්‍යංශය ප්‍රධානීන්ගේ මැදිහත්වීමෙන් සකස් කරන ලද ක්‍රමවත් යෝජනාවලියක් මේ වන විට ද ඔවුන් වෙත ඉදිරිපත් කර ඇත. ඒ සඳහා තවමත් ඔවුන් අනුමැතිය ලබා දී නොමැත. එයට අනුමැතිය ලබා දීමට ඔවුන් මෙතරම් පසුබට වන්නේ ඇයිද? මෙලෙස ක්‍රියාත්මක වන අතරම ඔවුන් හෙල සුවය කැඳ මුට්ටියක් හා දුම් හට්ටියක් ප්‍රචාරණය කෙරෙමින් යන්නෝය.

ජනාධිපතිතුමනි හෙළ සුවය යනු රජයේ ආයුර්වේද දෙපාර්තුමේන්තුව නොවේ. එය හුදෙක් පෞද්ගලික සංවිධානයකි. ඔවුන් ඖෂධ නොමිලේ ලබා දීමක් ද නොකරයි. රජයේ දෙපාර්තමේන්තුවෙහි රෝහල් සහ ප්‍රජා සෞඛ්‍ය සේවය කරන වෛද්‍යවරුන් විසින් දක්වනු ලබන යෝජනා අනුමත නොකිරීමටත් පෞද්ගලික හෙළ සුවය ප්‍රචාරණය කරමින් යෑමටත් හේතුව කුමක්ද? මෙය ඔවුන්ගේ පෞද්ගලික වාසි මුදුන් පමුණුවා ගැනීම සඳහා සිදු කරනු ලබන්නක් බව පැහැදිලි වේ.

නාථ දෙවියන් සහ වෙනත් නොපෙනෙන බලපෑම් සමග ඉදිරිපත් කරන්නා වූ මෙම හෙළ සුවය ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව වගකීම ගන්නේ බටහිර වෛද්‍යවරුන් ද? ආයුර්වේද දෙපාර්තුමේන්තුව ද? මෙතරම් පැහැදිලි චිකිත්සා පද්ධතියක් ආයුර්වේද රෝහල් තුළ සිදු කෙරෙද්දී එහි විද්‍යාත්මක බව පර්යේෂණ මඟින් පෙන්වන ලෙස පවසන අතරම දේශීයත්වය යන නම ඉදිරියට දමමින් වෙනත් පෞද්ගලික ආයතන වලට වගකීම් පවරනු ලබන්නේ කෙලෙස ද?

බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය තුළ මෙම අවස්ථාව සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බව දැන දැනම මිනිසුන් මුළාවට පත් කිරීම යුතු නොවේ. මිනිස් ජීවිත විනාශ වීම සහ වසංගත පැතිරීම පාලනය කරගත නොහැකි අවස්ථාවට ලගාවන විට ඔවුන් පවසන්නේ කුමක්ද? කොරෝනා රෝගය මැඩ පැවැත්වීම සඳහා ඖෂධීය දුම සුදුසු බවත් ඒ බව බටහිර වෛද්‍යවරුන් විසින් තහවුරු කරන බවයි. ඔවුන් පෙන්නන්නෙ මේ සියල්ල ඔවුන් විසින් සොයා ගත් බවයි. මෙහි ඔවුන්ට සොයා ගැනීමට දෙයක් නොමැත. ස්වේද කර්ම හෙවත් ඖෂධීය දූමායන ක්‍රම, දුම් කුටි(steam box), වේදු (inhalation) බොහෝ කාලයක සිට ආයුර්වේද රෝහල් තුළ පවත්වාගෙන යනු ලබන චිකිත්සා ක්‍රමවේද වේ.

එපමණක් නොව මේ සඳහා තවත් ප්‍රතිකාර රාශියක් පවතින අතර දුම් ඇල්ලීම යනු එයින් එක් ප්‍රතිකාරයක් පමණි. එපමණක් නොව මෙම වෛද්‍යවරයා විසින් පවසන ලද්දේ ආයුර්වේද වෛද්‍යවරුන් සතුව යම් දැනුමක් ඇද්ද එය ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසයි. එයින් ඔහු හුවා දක්වන්නේ ප්‍රතිකාරය සිදු කරන්නේ ඔවුන් විසින් බවයි.

ගරු ජනාධිපතිතුමනි බටහිර වෛද්‍ය ක්‍රමය තුළ ඉතා විශිෂ්ට ප්‍රතිකාරයන් පවතින බව සත්‍යයකි නමුත් ඔවුන් සර්වබලධාරී දෙවියන් නොවෙයි. නොදන්නා චිකිත්සාවක් කිරීමට ගොස් තම වරිගේ නහගන්නේ නැතිව සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් හට ඔවුන්ගේ කාර්යභාරය රට වෙනුවෙන් ඉටු කිරීමට බාධා නොකොට අවස්ථාව ලබාදීම මේ මොහොතේ කළ යුතු එක ම දෙයයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ට නිග්‍රහ කරමින්ම රෝහල් තුළ කොරෝනා රෝගීන් සදහා රහසේ එම ප්‍රතිකාරම ලබාදීම බටහිර වෛද්‍යවරුන් විසින් මේ දක්වා සිදු කරන ලදී. බටහිර ප්‍රතිකාර ක්‍රමය මෙන් නොව ආයුර්වේද ප්‍රතිකාරයේදී සියලුම පුද්ගලයින්ට එකම ඖෂධ ලබා දීමෙන් ප්‍රතිඵලයක් නැත. එම ප්‍රතිකාරය රෝගියාගෙන් රෝගියාට ඔවුන්ගේ ලක්ෂණයන්ට අනුකූලව වෙනස් වේ. ඒ පිළිබඳ අධ්‍යනය කිරීමට බටහිර වෛද්‍ය වරුන්ට අවුරුදු ගණනාවක් ගතවනු ඇත.

corona වසංගතය යනු මේ මොහොතේ පවතින්නක් බැවින් මිනිස් ජීවිත වල වටිනාකම මිල කළ නොහැකි බැවින් මෙම අවස්ථාවේ බටහිර වෛද්‍ය ඒකාධිකාරී බලය විදහා පාමින් අන් අය යටත් කිරීමේ අවස්ථාවක් නො කොට පවතින ව්‍යසනයෙන් රට ගලවා ගැනීමට එම ක්‍රියාව සිදු කළ හැකි සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා (රාජ්‍ය සේවයේ නියුතු උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරුන්) ද එම අවස්ථාව ලබා දෙමින් ඔවුන් සමග එක්ව සහයෝගයෙන් කටයුතු කර ජනතාව වෙත සේවය ලබාදීමට නිහතමානී විය යුතු නොවේ ද? එය අප සියලු සියලුදෙනාගේ යුතුකම මෙන්ම වගකීමයි. මෙය කුලල් කා ගැනීමට අවස්ථාව නොවේ.

මෙම ලිපිය ඔබතුමන් වෙත යොමු කිරීමට අදහස් කළේ පවතින තත්වය යටතේ සිදුවන සියල්ල හොඳින් බලා සිට එය සිදු නොවිය යුත්තක් බැවින් තව තවදුරටත් නිහඬව සිටීමට නො හැකි නිසාවෙනි.

ස්තුතියි
මෙයට විශ්වාසී
උපාධිදාරී රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ එකමුතුව

46,038 Viewers

35 Comments to “කොරෝනා නසන්න බටහිර දොස්තරලාට බෙහෙත් නෑ.. ඔවුන් රෝහල්වල හොරෙන් ආයුර්වේද බෙහෙත් දෙනවා.. කොරෝනා නසන්න හැකි අපට අවස්තාව දෙන්න..- ආයුර්වේද දොස්තරලා ඉල්ලති..”

  1. Wedasinghe says:

    Ane hondayi, ethakota oya rohalwala inna dostharala ayin karala, meyalata wede bara demu. Sthuthi….

    • ගරු ඩොනල්ඩ් ට්‍රුම්ප් says:

      හත් දෙයියනේ අපි මේ යෝදයෝ ටික තරහ කරගෙන කරගත්ත විනාශයක්. මම දැන්ම අපේ විදේශ ඇමතිට නියෝග කරනවා ,එතුමන්ලා ගෙන් සමාව අරගෙන , ඔය බඩුව වහාම ඇමරිකාවට ගෙන්න කියල. බලනකොට අපේ එවුනුත් මහ පිස්සෝ ජාතියක් . මුන් ලෝකේ හැම රෙද්ද අස්සෙම රිංගන එකේ ඕක මීටර් වෙලා නෑනේ. මෙහේ මෙච්චර මිනිස්සු මැරෙන එකේ ලංකාවේ මේ යක්කුත් මාර පොරවල් තමා. හිටං වත් හිටිය නම් , කෝල් එකක් දීල වැඩේ කරගන්න තිබ්බ. නොදකින් ඌත් නෑනේ.

    • AVS says:

      GMOA TADE UNION එක මුළු රටම රැවට්ටුව ජනාදිපති තුමෝ .උන් කොත්තමල්ලි වෙනිවැල්ගැට උණුවතුර බිබී සුදුළුණු කකා අපිට කිව්වා ඕවා කන්න බොන්න එපා වැඩක් නැහැ.සායනිකව මේවා තහවුරු කරලා නැහැ කියල . whatsapp .facebook වලගියපු දැනුවත් කිරීම් අනුව බහුතරයක් උණුවතුර බොනවා.කොත්තමල්ලි වෙනිවැල්ගැට බොනවා
      එකයි ලංකාවේ corona පාලනය වෙලා තියෙන්නේ .GMOA ලේකම් අපේ දත්තයන් ඇමෙරිකාවේ ඒවත් එකක්ක compare කරලා කිව්වා මාස දෙකක් ඇදිරිනීතිය දාන්න වෙනවා කියල . මේක බලන් ඉදපු GMOA එකේ තව එකෙක් එදාම හවස කිව්වා ඇති බයානකයි lock down කරන්න වෙනවා කියල .GMOA එකේ දොස්තරලා මාද්‍යයට ඔලුව දාගන්න තියෙන ආසාවට එක එක පණ්ඩිත ප්‍රකාශ කරන්න ගත්ත .. මොකද උනේ තියෙන එකා මාස 6කට ඇතිවෙන්න බඩු ගෙදර ගෙනාව . දැන් කඩවල බඩු නැහැ හාල් නැහැ එක නිසා අඩු ආදායම් ලබන අයට හරියට කන්න නැහැ
      ජානාදිපතිතුමනි . මේ කොත්තමල්ලි වෙනිවැල්ගැට උණුවතුර කියන TADE UNION එකෙන් අපිව ආරක්ෂා කරගන්න .මෙගොල්ලන්න්ට මෙහෙම ප්‍රකාශ කරන්න ඉඩතියන්න එපා. සමාජයේ බහුතරය කොත්තමල්ලි වෙනිවැල්ගැට උණුවතුර බොන බව ගොමාලට දැන් තේරිලා තියෙන්නේ
      එකයි උන්දැලත් කොත්තමල්ලි වෙනිවැල්ගැට උණුවතුර ගැන දැන් ඔය කියවන්නේ . ගොමාලා විවේචනය කිරීම වරදක් කියල මාව පොලිසියෙන් අල්ලන් ගියත් කමක් නැහැ .අපි යන්තම් බඩට කන්නේ ගෙදර කන්න දේවල් අඩුයි . බඩ ගින්න නිවෙන්න කන්න ගියොත් මේ දවස් ටික ගෙවා ගන්න
      අමාරුයි . GMOA එකේ ගොන් වැඩ නිසයි අපි දුක් විදින්නේ

    • AVS says:

      GMOA TADE UNION එක මුළු රටම රැවට්ටුව ජනාදිපති තුමෝ .උන් කොත්තමල්ලි වෙනිවැල්ගැට උණුවතුර බිබී
      සුදුළුණු කකා අපිට කිව්වා ඕවා කන්න බොන්න එපා වැඩක් නැහැ.සායනිකව මේවා තහවුරු කරලා නැහැ කියල .
      whatsapp .facebook වලගියපු දැනුවත් කිරීම් අනුව බහුතරයක් උණුවතුර බොනවා.කොත්තමල්ලි වෙනිවැල්ගැට බොනවා
      එකයි ලංකාවේ corona පාලනය වෙලා තියෙන්නේ .
      GMOA ලේකම් අපේ දත්තයන් ඇමෙරිකාවේ ඒවත් එකක්ක compare කරලා කිව්වා මාස දෙකක් ඇදිරිනීතිය දාන්න වෙනවා කියල .
      මේක බලන් ඉදපු GMOA එකේ තව එකෙක් එදාම හවස කිව්වා ඇති බයානකයි lock down කරන්න වෙනවා කියල .
      GMOA එකේ දොස්තරලා මාද්‍යයට ඔලුව දාගන්න තියෙන ආසාවට එක එක පණ්ඩිත ප්‍රකාශ කරන්න ගත්ත ..
      මොකද උනේ තියෙන එකා මාස 6කට ඇතිවෙන්න බඩු ගෙදර ගෙනාව . දැන් කඩවල බඩු නැහැ හාල් නැහැ එක නිසා අඩු ආදායම් ලබන අයට හරියට කන්න නැහැ
      ජානාදිපතිතුමනි . මේ TADE UNION එකෙන් අපිව ආරක්ෂා කරගන්න .මෙගොල්ලන්න්ට මෙහෙම ප්‍රකාශ කරන්න ඉඩතියන්න එපා. සමාජයේ බහුතරය කොත්තමල්ලි වෙනිවැල්ගැට උණුවතුර බොන බව ගොමාලට දැන් තේරිලා තියෙන්නේ
      එකයි උන්දැලත් කොත්තමල්ලි වෙනිවැල්ගැට උණුවතුර ගැන දැන් ඔය කියවන්නේ . ගොමාලා විවේචනය කිරීම වරදක් කියල මාව පොලිසියෙන්
      අල්ලන් ගියත් කමක් නැහැ .අපි යන්තම් බඩට කන්නේ ගෙදර කන්න දේවල් අඩුයි . බඩ ගින්න නිවෙන්න කන්න ගියොත් මේ දවස් ටික ගෙවා ගන්න
      අමාරුයි . GMOA එකේ ගොන් වැඩ නිසයි අපි දුක් විදින්නේ

  2. Seya says:

    ආයුර්වේදය ඉන්දියාවේ ක්‍රමයකි. එම අක්රමය් ඉන්දියවෙවත් පාවිච්චි කොට නැත. ඒ නිසා හෙළ ක්‍රම පාවිච්චි කොට ලොවට හදුන්වාදීම මේ අවස්ථාවේ කිරීම උචිතය. කටවහගෙන හිටු.

    • රංජිත් says:

      අනේ ගොං මැට්ටො නොදන්නා දේ නොකියා හිටියා නම් හොඳයි.මේ රාවණා රජුගේ දේශයයි

  3. Pal says:

    Dear Friends,

    I don’t think that Ayrweda Medicine system along will help to cure this , but certain things they do to improve immunity could be used.
    We should develop a combination and have a total Srilankan package for this.

  4. ads says:

    අපට දේශිය වෛද්‍ය විද්‍යාවත් වටිනවා. බටහිර වෛද්‍ය විද්‍යාවත් වටිනවා.. මේ දෙකම වෙනමම තාක්ෂණ දෙකක්…
    මෙය තාක්ෂණ විධි දෙකක් කියලා දෙපිරිසම තේරුම් ගත්තා නම් වැඩේ ඉවරයි…
    දැන් වෙලා තියෙන්නේ තමන් ඉගෙන ගත්ත දේ ‘මම‘ කියලා උපාදාන කරගෙන ඉන්නේ…
    හරි යන්නේ මොන ක්‍රමයෙන්ද ඒකෙන් බෙහෙත දෙන්න තියෙන්නේ…
    තමන් ඉගෙන ගත්ත දේ උපාදාන කරගත්තාම කරන්න ඕනි සේවය අමතක වෙනවා….
    මධ්‍යස්ථව අගය කළ යුතු දේ අගය කළා නම් ඕක වෙන්නේ නෑ….

  5. ඇත්ත නැත්ත says:

    ඉතා විශිෂ්ට සහ එඩිතර ඉල්ලීමක්…බටහිර වෙදමහත්තුරු ප්‍රතිකාර නැතිව කට්ටි පනිද්දී ආයුර්වේද වෙදමහත්තුරු ඉදිරියට පැමිණීම බිබිලේ – ලෙනොරා එකතුවක් බව පෙනේ.ජයවේවා…

  6. Nekum says:

    පෙනඩෝල් පෙත්ත ළග තියාගත්තට ආයුර්වේද වෛද්‍යවරුන් හිරේ දාන බටහිර දාසයන් ආයුර්වේද ප්‍රතිකාර කිසිම සුදුසුකමක් නැතිව සිදුකර රෝගීන් මරයි.

    • Jee says:

      Ithin umba palayan ayurweda rohalakata corona hadunama, mI ekak awahama, Stroke ekak awahama.
      Moda hathikare…

      • Nekum says:

        ඔය මහ ලොකු බටහිර ලෙඩ්ඩු මැරෙන්නෙ නෑ.බත් බැලයෙක්…

  7. මහා කලු says:

    ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යනු ඉර්ෂී වරුන්ගේ වෙද කමයි. එය එම භාවනා යෝගිගීන්ට උගන්වා ඇත්තේ සමහර දෙවි වරුන් විසිනුයි.
    හෙල වෙදකම යනු සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ භවනා යෝගීන් විසින් දෙවිවරුන් සමිබන්ධ කර ගෙන ගොඩනගා ගත් වෙද ක්‍රම යයි

  8. Aurora says:

    Piduru gode lagapu Ballard elawamu.

  9. සමන් says:

    ඔය බෙහෙත් පිටරටට විකුනන්න ඔබතුමාල සල්ලි හොයන්න මුන් tie polla බෙල්ලට හිරවුන උද්දච්චකම කුහකයො එකක් මැරෙන්න අරින්න

    • FoolishLankan says:

      How many?? to die more.
      Give them a hot water allowance and ask them to stay at home?
      Let koththa-malli & wenivalgeta-aiya work together,
      Don’t wait anymore,
      this is ‘No time to Die’ to be corrected as ‘Not the time to Die’

  10. MD says:

    Obalage illema agaya karami.eheth api tawama kanne bonne godak Pitarata kama beema.ewata orotthu dena beheth ganna wenneth pitaratin.sampurnayenma lankawe kama beema walata apu dawasata oya gana hitamu.

  11. සමන් says:

    මට හිතෙන්නේ බටහිර එවුන් බයයි
    දෙගොල්ලොම එකතුවෙලා treatment කරන්න
    කොරෝනා සුවවෙන්නෙ හමුදාව නිසා
    ලෙඩාගෙ ප්‍රතිශක්තිය නිසා

    • මට හිතෙන්නේ පාදෙනියට ඕනෙ මොකක් හරි ගියත් ඒක එයාගෙ නිර්මානයක් කියල ලෝකෙට පෙන්නන්න..තමන්ගෙ ප්‍රතිරූපය පුම්බගන්න..රෝගීන් ගොඩ දාන්න නම් නෙමෙයි..
      බටහිර වෛද්‍ය විද්‍යාවේ පර්‍යේෂණාත්මකව සොයා ගත් දෙයක් මේ විදියට තමන්ගෙ වගේ ඉදිරිපත් කළොත් නඩුත් දාලා blacklist ත් කරනව.. Plagiarism in disguised, ugly manner..Plagiarism කැත විදියේ මංකොල්ලකෑමක්..

    • Nee says:

      Ane parayo..
      Oya eka eka kola kotala beela kela unama ewa honda karanne kawda..
      Rogeen anantha wath enawa oya gonjo gawata gihilla.
      Ithin unbla ayurweda rohal ema wade karapallako.
      Umbalata wenama rohal thiyenawane

      • pathiranage says:

        e wagema ispiritalen merenna gedara ewapu leddu deshiya wedakamen goda yanawa kiyala oya wedagath mahatthaya ahala nethinam denaganna ekath hondai.

  12. Manel says:

    Bull shit. A bunch of ‘graduates’ who know nothing about Corona viruses. Blokes, do not compare apple with oranges.

  13. Please combine Traditional Local Medicine system & Western Medicine System.

    Each life of the Sri Lankans is equally important.

    • Jee says:

      Gon buruwo..
      Ehema karanne kohomada
      Umba allapu gedarath ekka ekata paulak kala pennapan..
      Ethakota oka r
      Karanna puluwanda barida kiyala therei

  14. Pathum says:

    Very unprofessional low level letter from so called educated graduates

  15. pathum wanniarachchi says:

    Key differences of the two systems are, western medicine is standardized.
    In western medicine ingredients of the drugs, side effects are all transparent and available for physicians and general public and are also price controlled. In Ayurvedic system there is no such standardization. Ingredients of the powders, kalka, guli etc remains secretive and the doctor only gives them knows what’s inside of them. So no transparency or no standardization .They themselves determine the price of them which is very much more expensive in many cases.So if there are any side effects, complications managing such a patient at a hospital is a near impossible task. It’s not so with the case of patient following western medicine. Lack of transparency and standardization is the main reason why Ayurvedic system is in the decline

  16. APerera says:

    this native treatment system could promoted easily if we find a strategy to get some Commission for Mr. X, Mr. Y etc. Otherwise, “why we should we worry…???”

  17. Mahesh says:

    අවාසනාවට ආයුර්වේද වෙද කම හොරුන් අතට ගිය නිසා සමහරුන්ගෙ විශ්වාසය බිද වැටුනා, නමුත් නියමිඅ ආයුර්වේද වෙද කම වා, පිත්, සෙම් දොශ සියලු ලෙඩට මූලය ලෙස හා එම සියලු දොස් දුරු කරන්න බෙහෙත් ඇත. අවාසනවට මේ පිලිබද පරික්ෂන අපෙ රටෙ සිදු නොවන අතර ජාත්‍යන්තර බෙහෙත් මාෆියා කාරයො එවා හොරගෙන එම වට්ටොරුවලින් ටැබ්ලට් හදා දොස්තර එජන්තලා මගින් බටහිර බෙහෙත් කියලා විකුනනවා. ඇත්ත බිස්නස් එක එකයි….
    ඉoග්‍රිසි හා ආයුර්වේද දොස්තරවරු එකවෙලා කවදා වත් එකට වැඩ නොකරන්නෙ, බෙහෙත් මුදලාලිලා ඉoග්‍රිසි දොස්තරට අවසර නොදෙන නිසා හා එහෙම උනොත් ගාන නැතිවෙන නිසාය. රටෙ අවාසනාව ඒයයි.

  18. Lasantha says:

    Dissolve GMOA send them home. Give over all the hospitals to these guys.

  19. please allow Aurvedic doctors to treat the innocent patients who have been infected by corona virus. sine we all are in the crucial period , it is better to put the aurvedic treatment into practice. . I am sure, these doctors can save the lives of the people by using prescribed medicine of aurvedic treatment

  20. වගකිව යුත්තනි, කරුණාකර, මෙම ප්‍රකාශය අවසන් වන තෙක් කියවන්න. සත්‍ය අත්දැකීමක් ඇතිවයි මේ කියන්නේ. මගේ ඤාති දියණියකගේ කකුලේ උඩ කොටස කැඩුණා හදිසි අනතුරකින්. ඇයව වහාම මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළු කළා. දින තුනක් ගිය පසු ඇයට සැත්කමක් කොට කැඩුණු කකුලට ලෝහ පටි දාන්න සූදානම් වුනා. අපි කැමැත්තෙන් (බලෙන්) ඇයව මරදන් කඩවල සිංහල වෙද මහතා (වෑල්ඩින්) හමුවට ගෙන ගියා. එම වෙදකම සති දෙක තුනක් ගියාට පස්සෙ අපට ගැටළුවක් ආවා. ඇයට රජයේ පත්වීමක් ලැබිලා ඒ වෙන කොට මාස එකහමාරක් වගේ (මතකේ හැටියට) ගිහින් තිබුණා. කාරණය කියා නිවාඩු ලබා ගෙන තිබුණත් ඒ නිවාඩුවලට රජයේ රෝහලක වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය සහතිකයක් පසුව හෝ ලබා දෙන ලෙස ඉල්ලා තිබුණා. මෙයට විසඳුමක් ලබා ගැනීමට ඇයව කලුබෝවිල ර/රෝහලේ සේවය කරන එක්තරා වෛද්‍යවරයෙකු ගේ(නම ආදී විස්තර සඟවන්නේ ඔහුට අපහාස,දෝෂාරෝපන කිරීමේ අරමුණක් නැති නිසයි) පුද්ගලික වෛද්‍ය ස්ථානයට ගෙන ගියා. එහිදී, කලින් බලෙන් ටිකට් කපා ගෙන ගිය කථාව නො කියන ලෙස උපදෙස් ලැබී තිබුණ නිසා, එය නො කියා මරදන් කඩවලින් බෙහෙත් ගන්නා බවත්, රජයේ වෛද්‍ය සහතිකයක අවශ්‍යතාවය පිළිබඳවත් පැහැදිලි කළා. සියල්ල එක ලෙසම ප්‍රතික්ෂෙප කළ වෛද්‍යවරයා, අපටත්, මරදන් කඩවල වෙද මහතාටත් ඉතා අමානුෂික විධියට බනින්න පටන් ගත්තා. “වෑල්ඩින් වෙදා ළඟට ගිහිල්ලා වැඩ වරද්දා ගෙන එන එවුන් මං භාර ගන්නේ නැහැ….” ආදී වශයෙන්. කොහොම නමුත්, අපගේ කන්නලව්වට හා ඉවසීමට පිං සිද්ද වෙන්න අන්තිමට කලුබෝවිල සායනයට කැමැති නම් අර ගෙන එන ලෙසට එකඟතාවයක් ඇති වුනා. ඒ අනුව, පසුව සායනයට අර ගෙන ගියේ ඉතා පරිස්සමින්. ට්‍රොලියට දමා ගෙන සායනයට ගෙන ගොස් ඒ වෛද්‍යවරයා පොරොත්තුව පෝලිමේ සිටින අතර, ට්‍රොලිය කරා පැමිණි ඒ වෛද්‍යතුමා නැවතත්, වෑල්ඩින් වෙදාගෙ ලෙඩා ආදී වශයෙන් නොසරුප් වදනින් තග දමමින්, ට්‍රොලියේ වැතිර සිටි ලෙඩාගේ කැඩුණු කකුල ඇඟිලිවලින් අල්ලා උඩට ඔසවා අතහැරියා. මෙය දෙතුන් වතාවක් කළා. මට මතක හැටියට එතුමා සායනයෙන් ඒ මොහොතේ යන්න ගියා. සිද්ධිය එතැනින් අවසන් නොවන නමුත්, මෙම විස්තරය කෙටි කිරීමට, මරදන්කඩවල වෙදකමින්, හා හෙදකමින්, රෝගියා කිසිදු දෝෂයක් නැතිව සුවපත් වී තවමත් නිරුපද්‍රිතව සිටින බව පමණක් පවසනවා. මෙයින්, බටහිර වෛද්‍ය ක්‍රමය හැදෑරූ සමහර අය හෙළ වෙදකම, ආයූර්වේදය ආදී වෙනත් වෛද්‍ය ක්‍රම ගැන දක්වන ආකල්පය හෙළි නොවන්නේ ද? මෙබඳු සිද්ධි උදාහරණ වශයෙන් තවත් තිබෙනවා. එමනිසා, විශේෂයෙන්ම රජයේ යුතුකම හා වගකීම මෙහිදී, මෙම රෝගයෙන් ජනතාව මුදා ගැනීම මිස, අන් කිසිවක් යටපත් කිරීම හෝ කිසිවක් ඉස්මතු කිරීම නොවිය යුතු ය. බටහිර වෛද්‍යවරුන්ට (ක්‍රමයට) ඕනෑතරම් රෝගීහු සිටිත්. එහෙත්, බෙහෙත් ඖෂධ නැත. පෙරදිග වෛද්‍යවරුන්ට අත්හදා බලන්නටවත් අත්දැකීම් ලබා ගන්නටවත් රෝගීන් නැත. අවස්ථා නැත. එම නිසා හෝ මෙතෙක් ඖෂධ සොයා ගෙන නැති මේ රෝගය පාලනය කිරීමේදීවත් අනිකුත් වෛද්‍යක්‍රමවලට යොමුවීම රජය විසින් කළ යුතු මග පෙන්වීමකි.

  21. Wasantha says:

    බටහිර වෛද්‍ය විද්‍යාවේ තවම කොරෝනා වෛරසයට නිශ්චිත බෙහෙතක් සොයාගෙන නැත. මෙතෙක් සුව වූ රෝගීන් සියලු දෙනා සුව වී ඇත්තේ තම සිරුරේ ප්‍රතිශක්තිකරණයේ ප්‍රබලතාවය මතයි. රෝහල් වලදී සිදුකරනු ලබන්නේ රෝගියා තම ප්‍රතිශක්තිකරණය මගින් වෛරසය මැඩපවත්වන තෙක් ඇතිවන සංකූලතාවයන් අවම කිරීමට සහය වීමයි. එබැවින් මෙම අවස්ථාවේදී අපහට කළහැක්කේ කුමන හෝ ප්‍රතිකාර ක්‍රමයක් මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමයි. මෙහිදී වැදගත් කරුණ වනුයේ ප්‍රතිකාර ක්‍රමය දේශීය ද බටහිර ද යන්න නොවේ, වඩාත් ප්‍රතිපල දායකවනුයේ කුමක් ද යන්නයි. එබැවින් දේශීය වෙදකමෙන් රෝගියාගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට ඇති හැකියාවත්, බටහිර වෙදකමෙන් රෝගියාට අවශ්‍ය ආරක්ෂාව හා ඇතිවන සංකූලතාවයන් මගහරවාගැනීමට ඇති හැකියාවත් සලකාබල දෙපාර්ශවයම එක්ව රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන්නේ නම් මැනවි.

Main News