කොරෝනා නසන්න ලංකාවෙන් සොයාගත් බෙහෙතට අකුල් හෙලනවා..

December 13, 2020 at 3:26 am | lanka C news
කොරෝනා නසන්න ලංකාවෙන් සොයාගත් බෙහෙතට අකුල් හෙලනවා..

විපක්ෂය පසුගිය අවුරුදු පහටම කළ සංවර්ධනය අපි ලබන වසර තුළදී සිදු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ 12 දින කටාන, මඩවල අරඹෙ මාර්ගය හා කටියල ගම මැද මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“ලංකාවේ ඒබී හා සීඩී ශ්‍රේණිවලට අයත් සියලුම මාර්ග සංවර්ධනය කිරීම ලබන වසරේ අවසන් කරනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දී ඇති උපදෙස් අනුව 2024 වන විට ග්‍රාමීය මාර්ග කිලෝ මිටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලබන වසර තුළදී අවම කිලෝ මීටර් 25,000 ක් කාපට් අතුරා සංවර්ධනය කිරීම අපගේ ඉලක්කයයි.

විපක්ෂය කොළඹට වෙලා, ඒසී කාමරවලට වෙලා, ගමට යන්නෙ නැතිව ප්‍රකාශ නිකුත් කරනවා. අපි සෑම ග්‍රාම සේවා වසකම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා. ජනතාවට අවශ්‍යය මාර්ග, විදුලිය, පානීය ජලය, නිවාස ඇතුළු යටිතල පහසුකම් ලබාදීමට අවශ්‍යය කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.

අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරලීම වගේම මෙවර අයවැයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා වන පළමු අයවැය තමා මෙවර සම්මත කර ගත්තෙ.

කොවිඩ් 19 වසංගත තත්ත්වයට සීයට සීයක් මෙතෙක් බෙහෙතක් හොයාගෙන නැහැ. එංගලන්තය පවා ලබාදුන් එන්නතේ අතුරු ආබාධ ඇති බව හදුනගෙන තිබෙනවා. ඒ වගේ තත්ත්වයකදී ලංකාවේ කවුරුහරි කෙනෙක් අලුත් දෙයක් හොයාගත්තාම ඒකට අකුල් හෙලන අය තමා විපක්ෂයේ ඉන්නේ. අපි ඒ දේවල් හොඳද නරකද කියලා හොයලා බලන්න ඕනේ. එහෙම නැතිව දේශීය නිෂ්පාදන හෝ වෛද්‍යවරු වට්ටන එක නෙමේ කරන්න ඕනේ. ලෝකයම මේ සඳහා එන්නතක් සොයා ගැනීමට කටයුතු කරන වේලාවක ලංකාවේ කවුරුහරි දෙයක් හොයා ගන්නවනම් ඒ දේට සහය දෙන්න ඕනේ. නැතිව කඩාකප්පල් කරන එක අපේ වැඩපිළිවෙල නොව” බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– midea unit

35,220 views

9 Comments to “කොරෝනා නසන්න ලංකාවෙන් සොයාගත් බෙහෙතට අකුල් හෙලනවා..”

  1. පොහොට්ටුව says:

    අධිකරණ ඇමති 19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය යට ගහන්න මාරපන නීලකන්දන් රොමේශ් කණ්ඩායමත් එක්ක 20 වන සංශෝධනය ගෙනහල්ල පොහොට්ටුව අල කළානෙ. මේ උගුලට අහු නොවුණානම් රට අද මෙතන නෙමේ.

    • සෝරත says:

      දැන් රතන සූත්‍රය ෆේල්ද?
      රතන සූත්‍රය ෆේල්ද නිසාද තොපි ඇඹලයෝ වගේ මුගේ පැණියම ල‌ෙව කන්නේ,කාලකන්නි මිත්‍යාදෘස්ඨිකයිනී.
      ආපහු පටන් ගනිල්ලා උදේ හවස රතන සූත්‍රය කියවන්න..

      • Karunadasa says:

        කෝටි ලක්ෂයක් සක්වල ආඤ්ඥා බල පිහිටුවා ඇති මේ ශ්‍රීමුඛ දෙසුමේ අපරිමිත බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!කොරොනා දුරුවී මටත් මාගේ පවුලේ සැමත් සියලු ලෝවැසියන් ආරක්ෂා කර සෙත සාන්තිය උදා වේවා 🙏🙏🙏🙏. මුලු ලොකෙම මේ වනකොට වියප්ත වන කොනොරා රොගය රතන සුත්‍රය පිරිත් බලෙන් තුරන් වේවා සියලු ලොක වසි සියලු දෙනට බුදුසරණයි.

      • Joy says:

        අන්තවාදී හම්බයෙක් ,තම්බි තොප්පිය කරකවනවා …උබේ මරක්කල නම ලියන්න බයද ?
        ලැජ්ජද ?
        පිරිත් බලය නිසයි අද අපිට ශ්‍රීලංකාව කියලා රටක් තියෙන්නේ

    • සිංහල බන්ඩා says:

      රනිල් සහ පරයින් ගෙනා 19 අහෝසි නොකලා නම් විධායකය දුර්වල වෙලා රට එක තැන පල් වෙනවා.

  2. GAMINI SENANAYAKE says:

    Why can’t you prove this and socialise as a government minister.  You can use this for the  removal of isolation and send it to world market. Some Ayurvedic products are at world market.
    You say Sri Lankan and world community believe opposition’s opinion without respecting to the government.
    The truth is, you are fail to prove this suitability of this  drug for Corona aren’t you?.  This is like Getting drunk had happened through KASSIPPU, authorities cannot allow it because they can’t assure the suitability to the body in addition to the tax.
    We are compelled to go with science or technology if we need to bring our ancient Heritage up. Otherwise, we cannot build up our heritage by following a thinking of  KALIAMMA said it in dream and that advertise them. So this cause to damage our heritage.
    Government must have a utter  responsibility to conclude the testing process before socializing some drugs. This will be like drinking Morris in solder eclipses. (No loose motion  is there because of bee honey there)

    Why  do rulers sponsor this type unproof medications. They need to maintain power through the Sense of localism of poor and uneducated people of our country.

  3. Kalana says:

    ලජ්ජා නැද්ද ඔහොම කියන්න, හරි පරීක්ෂයනක් කරන්න ඕගොල්ලන්ගේ අදීක්ෂණය යටතේ, වැඩේ හරි නම් දිගටම ගෙනිච්ච, තව මේක ඇද ඇද ඉන්නේ නැතිව.

    • බැටළුවා says:

      ඔබට මිනිසුන්ව රවට්ටන්න පුළුවන් ද‌ෙවියන්ව වහන්සේව රවට්ටන්න බැහැ.
      අවසාන දින විනිශ්චයේදී ඔබ එය අවබෝධකර ගනීවි..

Main News