ඖෂධය දෙන්නේ නොමිලේ.. අකමැති නම් නොබී ඉන්න.. අපහාස කරන්න එපා..- දස දහස් ජනතාව අමතමින් ධම්මික බණ්ඩාර කියයි..

December 8, 2020 at 2:13 pm | lanka C news
ඖෂධය දෙන්නේ නොමිලේ.. අකමැති නම් නොබී ඉන්න.. අපහාස කරන්න එපා..- දස දහස් ජනතාව අමතමින් ධම්මික බණ්ඩාර කියයි..

කොරෝනා වසංගතය සුව වෙන බව කියන ආර්යුවේද බෙහෙතක් සකස් කරන ලද කෑගල්ල හෙට්ටිමුල්ල, උඩුමාගම පදිංචි ඩි.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ බෙහෙත් ලබා ගැනිමට අද 08 දිවයිනේ නම් දෙසින් විශාල පිරිසක් පැමිණ එම බෙහෙත් ලබා ගැනිමට සිටින අන්දම දැක ගැනිමට හැකි විය.

බෙහෙත් ලබා දිම මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද පිරිත් සංජ්ගයනා කිරිමෙන් පසුව සිදු කරන ලද අතර පොලිස් නිලධාරින් මෙන්ම යුධ හමුදා නිලධාරින් ඇතුලූ රජයේ නිලධාරින් විශාල පිරිසක් බෙහෙත් ලබා ගැනිමට පැමිණ සිටින ලදි. බෙහෙත් ලබා ගැනිමට පොලිම් වල සිටින දිවයිනේ නම් දෙසින් පැමිණ බොහෝ දෙනෙක් සෞඛ්‍ය ආරක්ෂිතව එම බෙහෙත් ලබා ගැනිම වෙනුවෙන් පොලිම් වල තැබිමට එහි සිටි ආරක්ෂක අංශ වලට දැඩි වෙහෙසක් දැරිමට සිදු විය. සමහර පුද්ගලයන් මෙම බෙහෙත් ලබා ගැනිමට පැමිණ ඇත්තේ ඊට පෙර දින සිටයි. ඒ නිසා ඊයේ සිටම එම මාර්ග වල මාර්ග බාධක යොදා ජනතාව හසුරවන්නට පොලිසිය සිදු වි ඇත. උදෑසන එම මාර්ගවල වාහාන තදබදයක් තිබුණත් ආරක්ෂක අංශ මැදිහත් වි එම තදබදය මග හැරිමට කටයුතු කරන ලදි. රැය පහන් කරමින් වාහන වලින් සහ බස් රථ වලින් එහි පැමිණි බොහෝ දෙනෙක් බෙහෙත් ලබා ගැනිමට පොලිම් වල සිටිනු දැක ගත හැකි විය.

කෙසේ වෙතත් මෙම ඔසුව ලබා ගන්නා අයට බෙහෙත සකස් කරන මහත්මා විසින් උදෑසන ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් උපදෙස් ලබා දෙමින් පැවසුයේ,
‘මේ බෙහෙත ඔනෑවට වඩා පාවිචිච් කලාට වැඩක් නැහැ මෙම ඔසුව සටහන් කර ඇති මාත‍්‍රාවට අනුව තමයි ගන්න ඔනෑ. අසනීප වැළදුනු කෙනෙක් ඉන්නවා නම් ඒ වැලදුනු කෙනා දින තුනක් උදේ් සවස මේස හැන්දෙන් එක ගනේ දින තුනකදි හය වේලක් ගන්න. හැදුන්නේ නැති අය උදේ සවස මේස හැන්දෙන් එක ගානේ දවස් දෙකක් බොන්න එක ජිවිත කාලයටම ඇති බව ද පවසයි.
කෙසේ වෙතත් මෙම බෙහෙත් ඔසුවට අනුග‍්‍රහය ලබා දිමක් සිදු වුවහොත් ලංකාවේ කොරෝනා රෝගීන් සියලූ දෙනා දින 4කදී සුව කරන බවත් ඊට මුදල් අවශ්‍ය නැති බව ඔහු විසින් පසුගිදා මාධ්‍ය ඔස්සේ පැවසු අතර ඊට පිරිසිදු මී පැණියි සාදික්කායි ලබා දිමක් සිදු කරන්න යැයිද කිය.

ඔහු පවසන විදිහට මෙම බෙහෙත රාවණා රජු කල සිට පැවත එන බවද කියයි. පෙර සිටි මහරහතුන් පවා වසංගත රෝග සඳහා පාවිච්චි කර තිබෙන වටිනා බෙහෙත් ඔසුවක් වන බව ද කියයි. මෙම බෙහෙත සකස් කිරිමට දේශිය ඹෟෂධ හතරක් පමණ යොදා ගන්නා බව පවසන එතුමා පිරිසිදු මී පැණි ද යොදා ගන්නා බව කියයි. පසුගියදා වතුපිටිවල නිරෝධා මධ්‍යස්ථානයට මෙම ඔසුව ගැන විද්‍යාත්මක පරික්ෂණයක් සිදු කරන්නට ලබා දුන් බව පවසන අතර එහි රෝගීන් 146 දෙනෙකුගෙන් බෙහෙත් ලබා දි දින හතරකදි සුව වු බවද කියයි.

මෙම බෙහෙත භාවිතා කිරිමට කිසිවෙකුත් බිය නොවිය යුතු බව පවසන ඒ මහතා බෙහෙත් තමා විසින් නොමිලේම ලබා දෙන බවද පවසයි. කෙසේ වෙතත් මෙම බෙහෙත් ලබා ගත් කොරෝනා රෝගීන් සුව අතට හැරි ඇති අතර ඔවුන්ගේ පී.සී.ආර් වාර්තා වලින්ද රෝගය සුවපත් වි ඇති බවට වාර්තා විය.

නමුත් මෙම බෙහෙත නිල වශයෙන් රෝගීන්ට ලබා දිමට රජය විසින් තවමත් තීරණයක් නොගෙන ඇති අතර අද මෙ බෙහෙත ලබා දිමට කෑගල්ලට එක් රැස් වු විශාල පිරිස නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුව නොසිටිම ගැන රජයේ වෛද්‍ය අංශ චෝදනා එල්ල කරමින් ක‍්‍රියා සිටියේ ඒ වගකිම ආරක්ෂක අංශ විසින් කෙසේ වෙතත් අද දිනයේ පැවැති කැබිනට් ප‍්‍රවෘත්ති සාකච්ජාවේදිද අදහස් දැක්වු අමාත්‍ය වෛද්‍ය රමෙෂ් පතිරණ මහතා පැවසුයේ ලංකාවේ දේශිය ආයුර්වේද නිෂ්පාදන හැටියට ලබා දි ඇති ඖෂධ පිළිබඳවත් රජය ධනාත්මක සලකා බලන බවද පවසයි.

කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර මහතාගේ මෙම ඔසුව පිළිබඳ අද වන විට විවිධ අදහස් කරලියට පැමිණෙමින් තිබෙන අතර එතුමා ජිවත් වන ගම්මානයේ සමහර දෙනෙකුට මෙම පිළිබඳ අවිශ්වාසයක් ද ඇත. මෙම බෙහෙත් ලබා දෙන මහත්මා කෙටි කාලයකින් මෙම බෙහෙත් නිෂ්පාදනය කරන ලද අතර ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙකු නොවන බවද පවසයි. කෙසේ වෙතත් මෙම බෙහෙත පානය කිරිම මගින් කිසිදු වෙනත් රෝගි තත්වයක් හෝ අසාදනයක් ඇති නොවන බවද ඔහු පසුගියදා මාධ්‍ය හමු කිහිපයකදි පැවසිය.

– මාවනැල්ල කෑගල්ල සමන් විජය බණ්ඩාර

100,969 views

53 Comments to “ඖෂධය දෙන්නේ නොමිලේ.. අකමැති නම් නොබී ඉන්න.. අපහාස කරන්න එපා..- දස දහස් ජනතාව අමතමින් ධම්මික බණ්ඩාර කියයි..”

  1. Nokerena says:

    Ethakota, Sumanege “sudarshani paniyatai, Eliyanthage “kundalinee muttiyatai” mokada wenne?

  2. RateRala says:

    Jayawewaa

  3. Chandima says:

    විශාල පිරිස් බෙහෙත් ලබා ගැනීමට පැමිණෙන්නේ ඔබගේ පැණිය රජය අනුමත කර නිසයි. එබැවින් ඔබ බෙහෙත් නොමිලේ දුන්නත් මුදලට දුන්නත්, ඔබට සහ රජයට වගකීම්ක් ඇත

  4. ඇකමන් says:

    කොහොමත් ඕක නොමිලේ නොදු
    න්නොත් කාලි යකින්නිගෙන් මේ හාදයාට බොහොම කරදර කරනවා.. මොකද ඒකි දන්නවා බේතෙ කොපිය මොන වට්ටෝරුවෙන්ද කියල… වයිරසයකට බෙහෙතක් හදනකොට ආවාට ගියාට දේවල් එකතු කරල පැනි හදල හරියන්නෙ නැහ.. ඒ සදහා වයිරසය ගැන විසාල විස්ලේශනාත්මක දැනුමක් අවස්‍යයි..අනික.මේක ස්වබාවික වයිරසයකුත් නොවේ… අනල්‍යිටිකල් හැකියාවක් මේ හාදයාට නැහ.. හින්දි තනුවට සිoහල වචන දාල තමුන්ගෙ සින්දු හදන්න ලන්කාවෙ ඉන්නෙ අති දක්ශයො..

    • opps says:

      ඇති යන්තම් ඔහොමවත් මිස්සුන් ට දෙන්න තියනවානම් පැහැදිලිවම කරන්න දෙයක් නැති කමට ඕක දෙන්නේ කරන්න තියන සේරම ටික කළා නවත්වන්න බැරි උනා අන්තිමට දෙන්න කියනවා අපේ දේ අගය කරන්නේ නැති කම ගැන කණගාටුයි

      සිංහල වෙදකමට ජයවේවා…!

    • Pක්මන් says:

      උඹ නම් කතා කරන්න දන්නෙ නැති සුද්දගෙ පඩේ ඉඹින ඉඹල සුවඳයි කියන වසලයෙක්

  5. ගොන් බයියා says:

    මමත් පැණිය බිව්වා. දැන් මගෙ පු* අමාරුවත් හොඳයි.

    • Nimal says:

      හැබැයි මචං මොලේ අමාරැව හරි ගිහින් නෑ,බෝතරේ කුඩු කරලා කටු ටික කාපන් එතකොට හරියයි

      • Hoo !!! says:

        ඕකගෙ මොලේ තියන තැනට තමයි පැනිය ගිහින් තියෙන්නෙ බ්‍රෝ.😀😁 මොලයක් තියනවා නම් ඒ අමාරුවත් ලඟදිම සුව වෙයි.

    • RED BULL says:

      එහෙම උනා කියල ආයෙ එහෙම ගොන්ජගෙ ගෙවල් පැත්තෙ යන්න එපා.හැම තිස්සෙම නිකන් දෙන්න බෙහෙත් නැහැ.

  6. හෙළ says:

    නොමිලේ දෙන බෙහෙත ගන්න බුලත් අතක් අරගෙන යන්න පුරුදු වෙන්න…!

  7. SL says:

    ප්‍රශ්නේ කියන්නේ කොරෝනා වලට බෙහෙතක් හොයාගන්න තියා හෙම්බිරිස්සවකටවත් බෙහෙතක් හොයාගත්තේ නැති ,පිට රටින් එන වට්ටෝරු පිළිගෙන ඒවායින් බෙහෙත් දෙන ,ලංකාවේ දොස්තරලා
    ලංකාවේ මිනිහෙක් බෙහෙතක් යෝහාගත්තහම එකේ ට කෙලවන්න කෝඳුරු තෙල් හත්පට්ටියකුයි තව ටිකකුයි ඉල්ලනවා.

    මේ වගේම තමයි wheezing හෙවත් ඇදුමට නිට්ටවත් හොඳ කරන සිංහල වේද මහත්තුරු ඉන්නවා ,හැබැයි ඉන්හේලර විකුණන උන් එකතු වෙච්චි දොස්තරලා ටික ඉන්හේලර් බිස්නස් කරනවා .අර ලෙඩේ හොඳ කරන වේද මහත්තුන්ගේ එක නොදැක්ක වගේ ඉන්නවා.බිලියන ගානක් සල්ලි පිටරට යවනවා ඉන්හේලර් ගෙනෙන්න ,

    • Manju says:

      Sahathika atta

    • Don sana says:

      අමතක කරන්න එපා ලංකාවේ IQ-79 (චීනය 106). මෙ වගේ විශ්ව කර්ම ප්‍රතිකාර ලංකාවේ බහුලය.

Main News