කොරෝනා නසන දේශීය ඔසු 100ක් ඉක්මවා අනුමැතිය ඉල්ලා පෝලිමේ… මෙරට බරහිට දොස්තරලා කිසිවෙකු පෙත්තක්වත් හදලා නෑ.. හදන්නත් උත්සාහයක නෑ..

December 14, 2020 at 9:20 am | lanka C news
කොරෝනා නසන දේශීය ඔසු 100ක් ඉක්මවා අනුමැතිය ඉල්ලා පෝලිමේ… මෙරට බරහිට දොස්තරලා කිසිවෙකු පෙත්තක්වත් හදලා නෑ.. හදන්නත් උත්සාහයක නෑ..

කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන බව කියන දේශීය සහ ආයුර්වේද ඖෂධ 100 කට වැඩි ප‍්‍රමාණයක් මේ වන විට ඉදිරිපත් වී ඇත.

එයින් වැඩි කොටසක් මේ වන විට අනුමැතිය සදහා පරීක්ෂණවලට ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේ දී ලැබෙන පරීක්ෂණ ප‍්‍රථිඵල මත ඒවාා භාවිතයට ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

මේ අතර බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ කොරොනා වෛරසය නැසීමට ඖෂධයක්, එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් මෙරට තුළ පරීක්ෂණ සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහලම ප්‍රකාශකයෙකු අප වෙත සඳහන් කළේ ය.

මේ වන විට මෙරට බටහිර වෛද්‍යවරුන් 35000 කට ආසන්න පිරිසක් සේවයේ යෙදෙන බවත් ඒ කිසිවකු කොරෝනා මැඬලීම සඳහා වූ ඖෂධයක් නිෂ්පාදන ක‍්‍රියාවලියක ඇතැයි නිල වශයෙන් කිසිදු දැනුවත්භාවයක් නැතැයිද ඔහු පැවසීය.

නමුත් ලෝකයේ සොයාගෙන අනුමත කරන එන්නක් හෝ ඖෂධයක් මෙරටට ගෙන්වූ පසු ඒවා ලබා දීම සදහා ප‍්‍රමුඛතා නාම ලේඛණයක් මේ වන විටත් සකස් කරගෙන යමින් සිටින බවත් ඒවා ප‍්‍රවාහනයටත් ගබඩා කිරීම ගැනත් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවත් ඔහු පැවසීය.

ඊට අමතරව මෙරට නිපදවන කුමන හෝ ඖෂධයක් විද්‍යාත්මක තත්වය ගැනත් සායනික පරීක්‍ෂණ ගැනත් පරයේෂණ වාර්තා ගැනත් දැඩි විමසිල්ලෙන් සිටින බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

33,207 views

37 Comments to “කොරෝනා නසන දේශීය ඔසු 100ක් ඉක්මවා අනුමැතිය ඉල්ලා පෝලිමේ… මෙරට බරහිට දොස්තරලා කිසිවෙකු පෙත්තක්වත් හදලා නෑ.. හදන්නත් උත්සාහයක නෑ..”

  1. bua says:

    but still all ass holes are coming to government western hospitals. i dont know why.

    child birth to fart to cancer to shit problems. hihihihihi

    • Doctor says:

      Are you sure all goes to Western Hospitals ? Did you mean Ayurvedic hospitals and other traditional doctors get no patients and they are empty ?
      Please comment.

      FYI : PCR positive patients are moved to western hospitals with or without their consent.

    • Sinhala Bro says:

      People have freedom to choose any hospital Aryuvedic or Western. Its up to them.
      Looks like you think there should be only 1 option ?
      Are you OK ?

Main News